- මහනුවර ජාතික රෝහලේ ඉදිකිරීම් ව්‍යාපෘති අවසන් කිරීමට රුපියල් මිලියන 1,500ක් වෙන් කිරීමට සැලසුමක්
- ලාංකිකයන් ඇතුළු මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි 260කට අධික පිරිසක් මුදාගනී
- අදත් විදුලි කප්පාදුවක්
- ජනපති අද දිවයිනට
- USAID අත්හිටුවීමෙන් රටවල් 50කට බලපෑම්
- පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට පාර්ලිමේන්තුවට
- රජයේ වී ගබඩා තවමත් හිස්
- නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි
Author: Anura Premakumara
අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම් පිළිබඳ වංචාවන්ට හසුවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මැසෙන්ජර් සහ වට්ස්ඇප් හරහා ලැබෙන ත්‍යාග ප්‍රදානයන් හා දිනුම් ඇදීම්වලට අදාළ සැකකටයුතු සබැඳි විවෘත කිරීමෙන් වළකින ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් පවසන්නේ. දිනකට එවැනි පැමිණිලි 5 කට වැඩි සංඛ්‍යාවක් ලැබෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා. අන්තර්ජාල මුදල් ඉපයීම් වෙළඳාම හරහා රුපියල් ලක්ෂ 80 ක මුදලක් අහිමි වූ බවට මෘදුකාංග ඉංජිනේරුවරයෙකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිලි කර තිබුණා. ලැබී ඇති පැමිණිලිවලට අනුව අවුරුදු 20 ත් 40 ත් අතර වයසේ පසුවන පිරිස් වැඩි වශයෙන්…
දිවයිනේ ප්‍රදේශ රැසක අද තද වැසි ඇතිවිය හැකිව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු – උතුරු මැද , නැගෙනහිර සහ ඌව පලාත්වල මිලිටීමටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරුවේ තැනින් තැන තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
අලව්ව සහ ග්‍රෑන්ඩ්පාස් නව කැලණි පාලම යන ප්‍රදේශයන් දෙකේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ තියුණු ආයුධවලින් පහරදීමෙන් මෙම ඝාතන දෙකම සිදුව ඇති බවයි. ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශයේ නව කැලණි පාලම ආසන්නයේදී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලද පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක් පමණ වූ පුද්ගලයෙකි. ඝාතනය සිදු කළ සැකකරුවන් විසින් මරණකරුගෙන් ඔහුගේ ජංගම දුරකථනය ඉල්ලා සිටීමේදී ඇති වූ බහින්බස්වීමක් මත තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබෙනවා.…
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දියා අතර පැවැති අවසන් පුර්ව තරගයෙන් බංග්ලාදේශයට කඩුළු 4ක ජයක් හිමිකර ගත්තා. එමෙන්ම පාකිස්ථානයට එරෙහි තරගයට එරෙහි තරගය ලකුණු 11කින් ජයගන්නට එක්සත් අරාබි එමීර් කණ්ඩාම සමත් වුණා. ඒ අනුව ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාව තුළ නව කොරෝනා වෛරසයක් පැතිරයමින් පවතිනවා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වුවන් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය හමුවේ වෛද්‍ය පරීක්ෂණ වැඩි කිරීමට ද ඉන්දිය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොරෝනා ආසාදිතයින් 230 දෙනෙකු කේරළ ප්‍රාන්තයෙන් හදුනාගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ආසාදිතයින් 1104 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
නිල්වලා ගංගා ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි. අතුරු මාර්ගවල රථවාහන ධාවනයේදී වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා. මේ අතර හාලිඇළ නගරයේ නායයාමක් සිදුව තිබෙනවා. නගර මධ්‍යයේ පිහිටි පස් කන්දක් කඩා වැටීමෙන් මෙම නායයාම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් නගරයේ වෙළෙදසැල් දෙකක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එමෙන්ම නායයාමේ අවදානමට ලක්වු තවත් වෙළදසැල් කිහිපයක් ඉවත් කිරීමට ද පියවර ගත් බව පොලිසිය සදහන් කළා.
මාතර වැලිගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ වැලිගම නගරයේ නව ගාලුපාර ඉන්ධන හල ඉදිරිපිට පිහිටි ධීවර අලෙවිසැලක් වෙත මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සදහන් කළේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 42 සහ 52 යන වයස්වල පසුවන පිළිවෙළින් දෙනිපිටිය සහ වැලිපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් දෙදෙනෙකි. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙක් එම වෙළෙඳ සැලේ හිමිකරු බවත් අනෙක් පුද්ගලයා එම මත්ස්‍ය වෙළෙඳ සැලේ සේවකයෙක් බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. පලාගිය සැකකරුවන්…
2023 වර්ෂයේ තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය ධන ආර්ථිකයක් අත්කරගෙන තිබෙනවා. ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා. මේ වසරේ තුන්වන කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.6ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. තුන්වන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 2946.1ක් ලෙස සටහන්ව තිබෙනවා.
හංවැල්ල, තුම්මෝදර හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. හංවැල්ල පොලිසියට ලද තොරතුරක් මත මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ. රයිගම්වත්ත, තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වූ පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ මරණකරු සහ සැකකරු කාන්තාවක් සමග ඇති කරගෙන තිබූ අනියම් සම්බන්ධතාවයක් මත පසුගිය 14 වන දින දුරකථනයෙන් එකිනෙකාට බැන ගැනීමක් සිදුකරගෙන ඇති බවයි. පසුදින උදෑසන දෙදෙනා හමු වු විටදී ද බැන වැදී මරණකරු විසින් ආරක්සඛ හිස් වැසුමකින් සැකකරුට පහරදිමෙන් පසු සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදීමක් සිදුකර ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි හංවැල්ල පොලිසිය පවසන්නේ.…
කහවත්ත වැල්ලදුර ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් 13 වනදා සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණියක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. පසුගිය නොවැම්බර් 13 වන දින කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමකින් වයස අවුරුදු 71ක් පමණ වූ වැල්ලදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනයට කිරීම සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකාරිය අද අලුයම අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මරණකාරියගේ දියණියක් බවයි කහවත්ත පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 38ක් වූ වෙලේවත්ත වැල්ලදුර ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කටයුතු කහවත්ත පොලිසිය සිදුකරගෙන යනු ලබනවා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222