- අදත් විදුලි කප්පාදුවක්
- ජනපති අද දිවයිනට
- USAID අත්හිටුවීමෙන් රටවල් 50කට බලපෑම්
- පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට පාර්ලිමේන්තුවට
- රජයේ වී ගබඩා තවමත් හිස්
- නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි
- යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සීරුවෙන්
- අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල්ගි ගිණුම්වලට
Author: Anura Premakumara
අක්කර බාගයකින් මෙතෙක් ලබාගත් වැඩිම අමු මිරිස් අස්වැන්න හා ආදායම තිරප්පනේ පුලියන්කුළම ප්‍රදේශයේ ගොවියෙකු විසින් උපයා තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු රුපියල් කෝටියක පමණ වාර්තා ගත ආදායමක් උපයා ගෙන ඇති බවයි. අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ පැළ 13,000ක් ඔහු විසින් රෝපණය කර ඇති අතර මාස 9 ක් පුරා ඔහු අඛණ්ඩව මිරිස් අස්වැන්න නෙලා ගෙන තිබෙනවා.
බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත්, රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසනවා. වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය කැමරා 07 කින් සමන්විත වන අතර, සියලුම දර්ශන පටිගත වන බවත් දිනය අවසානයේ සමස්ත විඩියෝවේ පිටපතක් ගන්නා බවත් ඔහු සඳහන් කළා. කැමරා සවිකිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාවට වඩාත් ප්‍රයෝජනවත් බවයි බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරන්නේ.
හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට මර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දැක්වා පැමිණ නතර කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දුම්රිය ධාවනයට බාධා ඇති වීමත් සමග උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය පැය කිහිපයකට ප්‍රමාද වන බවද වාර්තා වනවා.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. මෙම තරඟය මෙරට වේලාවෙන් අද පස්වරු 4.30ට ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ. දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය ජයගත් ඉන්දීය කණ්ඩායම මේ වන විට තරඟාවලියේ තරඟ 1ට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසු වනවා.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර යන පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල පස්වරු 01 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූවා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) උදෑසන පැමිණියා. එම අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ගැනුණු බවයි වාර්තා වන්නේ.
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සැපයූ සමාගමටම තවත් එන්නත් වර්ග තුනක් සැපයීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිපි යොමු කර ඇති බව සෞඛ්‍ය වෘත්තිකයන් පවසනවා . ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්ෂි පවතින බවයි. කෙසේ වෙතත් තවමත් ඔහු අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්න සහගත බවයි සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ.
දිවයිනේ පළාත් 6 ක් ආවරණය වන පරිදි අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමු, මධ්‍යම, උතුරු නැගෙනහිර පළාත්වල අද සිට දින 5 ක් මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි. ඊට අමතරම අදාළ පළාත්වල අද සහ හෙට විශේෂ කීට විද්‍යා සමීක්ෂණයක් සිදු කෙරෙන බවද ඔහු පැවසුවා. හඳුනාගත් මදුරුවන් බෝ වන ස්ථාන සඳහා කීට නාශක යෙදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා . අන්තර් මෝසම සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව වසරේ…
ගත වූ පැය 24 ක කාලය තුළ “යුක්තිය මෙහෙයුමෙන්” පුද්ගලයන් 2121 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. එහිදි පිරිමි පුද්ගලයන් 2020 සහ කාන්තාවන් 101 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය වැටලීමේ අරමුණින් “යුක්තිය මෙහෙයුම” ක්‍රියාත්මක වනවා.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මේ බව ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හමුවූ අවස්ථාවේදියි. මෙහිදී යුනිසෙෆ් සංවිධානය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කරන සහ ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර තිබෙනවා. මෙරට ළමා පෝෂණ මට්ටම තව තවත් ඉහළ නැංවීම සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සමීක්ෂණයක් මේ වනවිටත් ක්‍රියාත්මක බවත් එහි වාර්තාව කඩිනමින් ලබාදෙන බවත් යුනිසෙෆ් නියෝජිතයා එහිදී ප්‍රකාශ කර ඇති බව සදහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222