- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Anura Premakumara
විදෙස් රටවල සැඟව සිටින අපරාධකරුවන් කඩිනමින් මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයාගෙන් ද විශේෂ ඉල්ලීමක් කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ. මෙරට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් අල් අමේරි මහතා හමු වූ අවස්ථාවේදියි ටිරාන් අලස් මහතා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ. දෙරටේ පොලිසි අතර තොරතුරු හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 330ක පමණ තුන්වන වාරිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා 2023 වසරේ මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් මාස 48ක් පුරා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 3ක ණය පහසුකමක් අනුමත කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කර ඇත්තේ මෙම ජයග්‍රහණය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යමත් අනාගතයක් සුරක්ෂිත කිරීමට රජයේ කැපවීම…
යේමනයේ දී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ සංක්‍රමනිකයන් 260 දෙනෙකු සිට ඇති අතර, ඉන් 150 දෙනෙකු අතුරුදන්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එමෙන්ම තවත් පුද්ගලයන් 71 දෙනෙකු දිවි ගලවාගෙන තිබෙනවා.
උනවටුන රූමස්සල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර බෝට්ටුවක් පෙරලි යාමෙන් ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 28 වැනිදා බෝට්ටුව පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී එක් ධීවරයෙක් බේරා ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ. අතුරුදන් වූ ධීවරයන් අවුරුදු 42 සහ 56 යන වයස්වල පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව සඳහන්. ඒ අනුව මෙම ධීවරයන් දෙදෙනා සොයා පොලිස් නිලධාරීන් නාවික හමුදාවේ සහය ඇතිව මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කැනඩා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැනඩා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 106ක් රැස් කළා. එහිදී ආරොන් ජොන්සන් පන්දු 44දී ලකුණු 52ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් සහ හරිස් රාවුෆ් කඩුලු 2ක බැගින් බිඳ හෙලුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 107ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී මොහොමඩ් රිස්වාන් ලකුණු 53ක් සහ නායක බාබර් අසාම් ලකුණු 33ක් රැස් කිරීමට…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන් තුවක්කුවක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේදී වරද කරුවෙකු වන බවට අධිකරණය තීන්දු කර තිබෙනවා. අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණයක් මගින් වරදකරු වූ පළමු අමෙරිකාවේ ජනාධිපති පුත්‍රයා ඔහු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 2018 වසරේදී තුවක්කුවක් මිලදී ගැනීමට යාමේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බව වසන් කිරීම හේතුවෙන් හන්ටර් බයිඩන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා. මෙම නඩු තීන්දුවෙන් හන්ටර් වරදකරුවෙකු ලෙස ප්‍රකාශ කළද විනිසුරුවරයා විසින් දඬුවම් නියම කිරීමට දින නියම කර නොමැති අතර, වරදකරු කිරීමෙන් පසු දින 120ක් පමණ කාලයක් තුළ දඬුවම් ප්‍රකාශ කිරීමට හැකියාව පවතිනවා.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබෙනවා. එම කොමිසම අදාළ යෝජනාව ඇගයීමෙන් සහ මහජන අදහස් විමසීමෙන් පසු අවසාන තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ තුළින් ස්ථාවර ගාස්තුවේ වෙනසක් යෝජනා කර නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව ඒකක 0 ත් 30ත් අතර මාසික ගාස්තුව රුපියල් 8 සිට රුපියල් 6 දක්වා රුපියල් 2කින් අඩු කිරීමටයි යෝජනා කර ඇත්තේ. එමෙන්ම ඒකක 31 සිට 60 දක්වා විදුලිය පරිභෝජනය කරන්නන්ට රුපියල් 20 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 9 දක්වා රුපියල් 11 කින් අඩු කිරීමට ද, ඒකක 61 සිට 90…
ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර එය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. පසුගිය සමයේ පැවති පෝලිම් යුගය අවසන් කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවත් ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය දෙන බවත් ඒ මහතා සඳහන් කලා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
සේවක හිඟය, උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට මධ්‍යම රාත්‍රී 12 වනතෙක් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම පෙරමුණේ කැඳවුම්කරු, චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ. මේ අතර අද දිනයේදී මහජන පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ ප්‍රනාන්දු මහතා සහ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා සඳහන් කළා.
වැටුප් විශමතා ගැටලුව මුල් කර ගනිමින් ගුරු-විදුහල්පතිවරුන් කලාප කාර්යාල 100ක් ඉදිරිපිට අද උද්ඝෝෂණ මාලවක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ අනුව අද දහවල් 01 න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බවයි පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් අද දිනයේ පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා රජයේ ගුරු හා විදුහල්පති විරෝධතා ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222