Author: Anura Premakumara

මෙම දිනවල දරුවන් අතර ශ්වසන රෝගයක් පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා . නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බවයි. හැකි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

අධිතාක්ෂණික උපකරණ යොදාගනිමින් කිලිනොච්චිය රක්ෂිතයේ නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් දසදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය චිසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පලෙයි රක්ෂිත ප්‍රදේශයේ දී සිදු කල වැටලිමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කලේ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු වාලච්චේන පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා .

තව කියවන්​න

කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 700 කට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි කොළඹ මහ නගර සභාව පවසනවා . නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ඉන් ගස් 200 ක් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට හඳුනාගෙන ඇති බවයි. මේ අතර කොළඹ නගර සංවර්ධන සැලැස්ම යටතේ වසර 50 කට සරිලන ගස් වගා කිරීමට සැලසුම් කර ඇති බව කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය  වැඩිදුරටත් කියා සිටියා .

තව කියවන්​න

ආසියානු දැල්පන්දු ශුරතාවලිය ඉලක්ක කරගනිමින් නව ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව, සෙමිනි අල්විස්, ගයනි දිසානායක, හසිතා මෙන්ඩිස්, දුලංගි වන්නිතිලක, ගයංජලී අමරවංශ, භාෂිනි ද සිල්වා, රෂ්මි පෙරේරා, ඉමාෂා පෙරේරා, ශානිකා පෙරේරා, රුක්ෂලා හපුආරච්චි, සුසීමා බණ්ඩාර, රෂ්මි දිව්‍යාංජලි, ගයත්‍රි කෞෂල්‍යයා, හංසිමා දිසානායක, සචිනි රොද්‍රගු, උමයංගනා දිල්ෂානි, සමින්දි රසාංග සහ රෙෂිනි සසදරා යන ක්‍රීඩිකාවන් ඇතුලත්. මෙම තරගාවලිය ලබන වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්විමට නියමිතයි.

තව කියවන්​න

ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා. එහිදී පළමු තරඟයේදී සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සහ මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. දෙවැනි තරඟය පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සහ මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

අදට යෙදී තිබෙන උඳුවප් පොහොයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වනවා. මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී  අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. සිරිපා මලුව සහ විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව අවසර ලද ස්ථානවල හැර අනෙක් ස්ථානවල පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු වන අතර මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිවක් රැගෙන යාම මෙන්ම වෙළඳසැල්වල තබාගැනීම තහනම් වනු ඇති. මේ අතර වන්දනාකරුවන්ට ශ්‍රීපාද මලුව තුළ නවාතැන් ගැනීමටද අවස්ථාව නොලැබෙන අතර වන්දනා කටයුතු අවසන් වූ පසු නික්ම යා යුතු…

තව කියවන්​න

කොළඹ, ආමර් වීදියේ ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 6 ක් පිටත් කර යැවූ බවයි ගිනි නිවීමේ ඒකකය පවසන්නේ. අද උදෑසන 8.30 ට පමණ ගින්න හට ගෙන තිබූ අතර, ගින්නෙන් භාණ්ඩ සියල්ල විනාශ වී තිබෙනවා. මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සදහන්.

තව කියවන්​න

මිනිස් ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා කරමින් ප්‍රංශයේ ගුවන් තොටුපොලක රඳවා ගෙන සිටි ගුවන් යානය ඉන්දියාවට පැමිණ තිබෙනවා. මෙම ගුවන් යානයේ ඉන්දීය ජාතිකයන් 275 දෙනෙකු සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවා දක්වා පියාසර කරමින් තිබූ එයාර්බස් වර්ගයට අයත් මෙම ගුවන් යානය ඉන්ධන පිරවීම සඳහ පැරීසියට නැගෙනහිරින් පිහිටි ගුවන් තොටුපොලකට ගොබස්වා ඇති බව සඳහන්. එහිදී ඇති වූ සැකයක් මත මෙම ගුවන්යානය පිටත්වීමට අවසර ලබා නොදී එම ගුවන් තොටුපොලේ රඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් ගුවන් යානයට පිටව යාමට අවසර ලබා දීමෙන් පසු ගුවන් යානයේ සිටි පිරිසක් සරණාගතභාවය ඉල්ලා තිබෙනවා. මෙහිදී ගුවන් යානයේ සිටි මිනිස්…

තව කියවන්​න

සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 19 ක් සපිරෙනවා. 2004 වසරේ දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි ව්‍යවසනයෙන් 35,000 කට අධික පිරිසක් මියගිය අතර තවත් 500 කට අධික පිරිසක් අතුරුදන් වුණා. සුනාමි ව්‍යවසනය සිදු වූ දෙසැම්බර් මස 26 වන දින ජාතික සැමරුම් දිනයක් ලෙස සිහිගැන්වීම සදහා 2012 වසරේදී ජාතික සුරක්ෂිත දිනය වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ඒ අනුව ප්‍රධාන සැමරුම් උත්සවය පැරෑලිය සුනාමි ස්මාරකය අභියස අද දින සිදු වුණා. මේ අතර සුනාමි ඛේදවාචකය හේතුවෙන් පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් දුම්රිය මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම වෙනුවෙන් අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා දුම්රියක් ධාවනය කර…

තව කියවන්​න

ක්‍රිකට් ක්‍රීඩාවේ සුප්‍රසිද්ධ බොක්සින් දිනය අදට යෙදී ඇති අතර, ඒ අනුව අද දිනයේදී ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහිදී පළමු තරඟය ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරඟය මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හීදී ආරම්භ කර තිබෙනවා. කාසියේ වාසිය දිනු පාකිස්තාන නායක ශාන් මෂූඩ්ගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 23ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 70ක් ලබා සිටියා. මේ අතර අද පැවැත්වෙන දෙවැනි තරඟයේදී ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟට මෙරට වේලාවෙන් අද පස්වරු 1.30 ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න