Author: Anura Premakumara

ඵෙතිහාසික සෝමාවතිය පුදබිමට පිවිසෙන සුංගාවිල මාර්ගය අද විවෘත කර තිබෙනවා. පොළොන්නරුව සහ මහවැලි ගඟේ ඉහළ ජලපෝෂක ප්‍රදේශයට බලපෑ වැසි තත්ත්වය හේතුවෙන් එම මාර්ගය පසුගිය 16 වන දා වසා දැමුණා. කෙසේ වෙතත් එම මාර්ගය අද විවෘත කළ බවයි පොලිසිය පැවසුවේ.

තව කියවන්​න

මධ්‍යම නයිජීරියාවේ ගම්මාන කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 160 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නයිජීරියාවේ ගම්මාන 20 කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරයට එල්ල කර තිබෙනවා. අන්තවාදී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මෙම ප්‍රකාශය ඔහුගේ නිවසේදී ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ.

තව කියවන්​න

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව 27 සහ 29 යන දිනවල මෙම දුම්රිය දෙක ධාවනය කිරීමට නියමිතයි. දුම්රිය දෙකම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.30ට බදුල්ලා බලා ධාවනය කිරීමට නියමිත බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ. මේ අතර 28 වැනිදා සහ 31 වැනිදා පෙරවරු 7.45ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් විශේෂ දුම්රිය දෙකක් කොළඹ දක්වා ධාවනය කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

රටේ ජනතාවට 2024 වර්ෂයේදී ව්‍යසනකාරි තත්ත්වයකට මුහුණපෑමට සිදුවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා. ලංකා ඉතිහාසයේ වැඩිම බදු මුදලක් ජනතාවට එළඹෙන වසරේදී ගෙවීමට සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවන බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

තව කියවන්​න

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පිළිබදව විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බෞද්ධල හින්දුල කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයල විභාග මධ්‍යස්ථාන 669 කදී දෙසැම්බර් මස 28 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත තැපැල් මගින් යොමුකර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කළා. ප්‍රවේශ පත්‍ර නොලද දහම් පාසල් ප්‍රධානීන් හට ඔවුන් වෙත නිකුත් කර ඇති පරිශීලන නාමය හා මුරපදය භාවිත කර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස ප්‍රවේශ පත්‍ර භාගත කර ගත හැකි බවද සදහන්.

තව කියවන්​න

විදේශ රටවල සිටින පාතාල කල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ මේ වන විට ජාත්‍යන්තර පොලිසියේ  සහ අදාල රටවල්වල රජයන් සමග සාකච්ඡා කරමින් ඒ සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

තව කියවන්​න

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආයතන සඳහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙලෙස ලබා දෙන විශේෂ නිවාඩු, අදාළ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නිවාඩු ලේඛනයේ සුදුසු පරිදි ඇතුළත් කළ යුතු බවයි එම අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ. මෙය වලංගු වන්නේ පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා පමණයි. ඒ අනුව අදාළ විශේෂ…

තව කියවන්​න

ගත වූ මාසය තුළ මෙරටින් වාර්තා වන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85,216 ක් වන අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවටයි එම ඒකකය පවසන්නේ. එමෙන්ම ගත වූ කාලසීමාවේදී ඩෙංගු වැළදීමෙන් මියගිය සංඛ්‍යාව 50 දෙනෙකු බවටයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය කියා සිටියේ.

තව කියවන්​න

කළුතර බන්ධනාගාරයේ සිටි රැදවියෙකුට පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී අද අ`ඵයම මියගොස් තිබෙනවා. මෝල්කාව කරවිට ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ. මියගොස් ඇති තැනැත්තා පහරදීමක් හේතුවෙන් පසුගිය 24 වන දා රාත්‍රියේ ක`ඵතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එම පුද්ගලයා වාට්ටු අංක 5 හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද අ`ඵයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෘතදේහය, පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ක`ඵතර නාගොඩ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. අදාළ සිදුවීම පිළිබදව ක`ඵතර බන්ධනාගාරයේ අධීක්ෂකයා විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්.

තව කියවන්​න