Author: Anura Premakumara

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන් වී ඇති බවට ලද පැමිණිලි සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද දිනයේ කතරගම පොලිස් ස්ථානය වෙත කැඳවා තිබෙනවා. සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි කටයුතු කර තිබුණේ. කෙසේවෙතත් අදාළ පැමිණිල්ල විමර්ශනය සඳහා පැමිණිලිකාර පාර්ශවයට සහ විත්තිකාර පාර්ශවයට පොලීසිය වෙත ඊයේ දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී තිබුනා. එහිදී විත්තිකාර පාර්ශවය ප්‍රකාශ කර ඇත්තේ, අද දිනයේ දී කතරගම පොලිස් ස්ථානය වෙත පැමිණෙන බවයි. ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට ලබාදුන් පවුම් 38ක බරකින් යුත් රත්…

තව කියවන්​න

මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් අද සිට නැවත ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. නත්තල් දිනය වෙනුවෙන් නිලධාරින් යෙදවීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම පසුගිය දින දෙක තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි ඔහු සදහන් කළේ. කෙසේ වෙතත් එම මෙහෙයුම අද දිනයේ සිට යළිත් ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසූවා.

තව කියවන්​න

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද දිනයේ සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 27,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.

තව කියවන්​න

2012 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් අධික පොලියට ලබාගත් කෝටි 100 ක ණය මුදල හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් වූ බව එක්සත් ජනරජ පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසුවේ අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් මහින්ද රාජපක්ෂ වර්තමානයේ බදු බර ඉහළ ගොස් ඇති බවට මාධ්‍ය නිවේදන නිකුත් කිරීම විහි`ඵ සහගත බවයි. මේ අතර නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා ද බදු බර ඉහළ යෑම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

තව කියවන්​න

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට සමබාධක පැනවීමට කටයුතු කර තිබෙනවා. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙම ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම සහභාගි වන තරගවලට වඩා ෆැන්චයිස් ලීග් තරගවලට මුල්තැන ලබාදෙන බවයි. ඒ අනුව දගපන්දු යවන ක්‍රීඩක මුජිබ් උර් රහමන්, වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ෆසල් හක් ෆරූකි සහ නවීන් උල් හක්ට මෙලෙස සම්බාධක පනවා ඇති බවයි වාර්තා වන්නේ. මෙම තීරණයත් සමග මෙම ක්‍රීඩකයින් තිදෙනාට 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.

තව කියවන්​න

වරායෙන් ඖෂධ නිදහස් කර ගැනීමට විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවා ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලික පරමාර්ථය ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම බවයි ඔහු පැවසුවේ. අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව අවධාරණය කළා. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ද එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. ඔහු සදහන් කළේ පසුගිය කාලය තුළ විවිධ අර්බුදකාරි තත්ත්වයන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පැවතුණු බවයි. කෙසේ වෙතත් මේ වන විට එම අර්බුදකාරි තත්ත්වය සමථයට පත් කිරීමට හැකි වී ඇති බවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

තව කියවන්​න

මාතර බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල බන්ධනාගාරයෙන් උණ රෝගීන් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟ බන්ධනාගාරය තුළ දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගනු ලැබුවේ. කෙසේ වෙතත් උණ රෝගය හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කළ එක් රෝගියෙකු මියගිය අතර පසුගිය පැය 48 ක කාලය තුළ කිසිදු රෝගීයෙකු වාර්තා වී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක මහතා සඳහන් කළා.

තව කියවන්​න

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට පැහැදිලි ජයග්‍රහණයක් ලැබෙන බව සමගි ජනබලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ මේ වන විටත් පක්ෂ සංවිධාන කටයුතු සිදුකරමින් පවතින බවයි.

තව කියවන්​න

මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් හෙට සිට නැවත ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. නත්තල් දිනය වෙනුවෙන් නිලධාරින් යෙදවීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම පසුගිය දින දෙක තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද ඔහු සදහන් කළා. කෙසේ වෙතත් එම මෙහෙයුම හෙට දිනයේ සිට යළිත් ක්‍රියාත්මක බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ.

තව කියවන්​න

වැට් බද්ද පැනවීමට පෙර එය මේ වන විටත් ක්‍රියාත්මක බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් ගොවි ජනතාව දැඩි පීඩනයට ලක්ව ඇති බවයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවදාරණය කළා.

තව කියවන්​න