Author: Anura Premakumara

ලැබුවා වූ 2024 නව වසර ලොව පුරා උත්සවත්ශ්‍රීයෙන් සමරනු ලැබුවා. ලොව පළමුවරට 2024 නව වසර ලොව නැගෙනහිරින්ම පිහිටි ස්වාධීන රාජ්‍ය වන කිරිබාත රාජ්‍යයට උදාවුණා. කෙසේ වෙතත් ලෝකයේම වැඩි ආකර්ෂණයක් හිමිවන පළමුවරට අලංකාරවත් නව වසර උදාවේ සැමරුමක් නවසීලන්තයේදී දැකගත හැකි වුණා. එහිදී ලෝකෙම අවධානය යොමු කරමින් අති උත්කර්ෂවත් මල්වෙඩි සංදර්ශනයකින් නවසීලන්තය 2024 නව වසර පිළිගනු ලැබීමටයි කටයුතු කළේ. එම සුවිශේෂී මල්වෙඩි සංදර්ශනය පැවැත්වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදීයි. මේ අතර ගිනිකෙළි සංදර්ශන පවත්වමින් නව වසර සාම්ප්‍රදායිකව පිළිගන්නා රටක් වන ඕස්ටේ‍රලියාව මෙවරත් නව වසර අති උත්කර්ෂවත්ව පිළිගනු ලැබුවා. එමෙන්ම අභියෝග මධ්‍යයේ ශ්‍රී ලාංකේය ජනතාවද උත්කර්ෂවත් අයුරින් 2024 නව වසර පිළිගැනීමටයි කටයුතු කරනු ලැබුවේ.

තව කියවන්​න

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකාර දේවගැතිවරයා ජනවාරි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි. ආගමික සහජීවනයට බාධාවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනා මත පසුගියදා ජෙරම් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

තව කියවන්​න

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා සංගම් 2 ක සහ ක්‍රීඩා සම්මේලන 3 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය, කබඩි සම්මේලනය, මල්ලව පොර සම්මේලනය, බි්‍රජ් සම්මේලනය සහ ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය මෙලෙස තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත හා සංශෝධන අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සදහන්.

තව කියවන්​න

ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. ඔහු සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළා.

තව කියවන්​න

කළුතර ප්‍රදේශයේ පොලිස් නිලධාරින්ට සහ බන්ධනාගාර නිලධාරින්ට නිල ඇඳුම් මසන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ක`ඵතර උතුර ප්‍රදේශයේ පුද්ගලයෙක්. සැකකරු අද ක`ඵතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර අද සිට ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මත්ද්‍රව්‍ය ජාලයේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විනාශ කිරීම සදහා මෙම මෙහෙයුම ආරම්භ කළ බවද ඔහු සදහන් කළා.

තව කියවන්​න

වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල ඇති කොරෝනා සමයේ ලබාදුන් එන්නත් ලක්ෂ 70 ක් පමණ කල් ඉකුත් වී ඇති බව “මගෙන් රටට” සංවිධානය පවසනවා. එහි සභාපති සංජය මහවත්ත මහතා පැවසුවේ රජය විසින් ඉදිරි සති 2 ඇතුළත එම එන්නත් විනාශ කර දැමීමේ සූදානමක් පවතින බවයි. එවකට සෞඛ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ චන්න ජයසුමන මහතා මෙන්ම එම ලේකම්වරුන් මෙයට වගකිවයුතු බව ද ඔහු චෝදනා කළා. මේ අතර සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ මෙම දිනවල කොවිඩ් රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බවයි.

තව කියවන්​න

නත්තල් නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සදහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ජනවාරි 2 වන දා දක්වා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. මේ අතර අද පෙරවරු 7.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක්කර තිබුණා. එමෙන්ම හෙට පෙරවරු 7.45 ට බදුල්ලේ සිට කොළඹ කොටුවට ද විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ.

තව කියවන්​න

දිවයින පුරා පසුගිය 9 වන දා සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වරද පිළිගෙන තිබෙනවා. එම විදුලි බිඳවැටීම තම මණ්ඩලයේ වරදක් බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය එම්.ඒ.ආර්.එන්. ප්‍රනාන්දු මහතා පවසන්නේ. පසුගියදා පැවති මාසික සභාවාරයේදී ලංකා විදුලිබල මණ්ඩලය මේ බව දැනුම් දුන් බවයි සභාපතිවරයා පැවසුවේ. කෙසේ වෙතත් විදුලි පාරිභෝගිකයින්ට සිදු වූ පාඩුව පියවීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සදහන් කළා.

තව කියවන්​න

2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25 ක් ඇතුළත් ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළා. මේ අතර පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආයතන සදහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීම සදහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන මගින් මෙය ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පැවසුවේ. එම වැඩසටහන දෙසැම්බර් මස 31 වනදායින් අවසන් කරන බවද එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සදහන් කළා.

තව කියවන්​න