Author: Anura Premakumara
ඉන්දියාවෙන් වාර්තා වන ජේ එන් වන් නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවයි ඔහු සදහන් කළේ. එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසුවා. ඔහු මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට…
අද සිට දින තුනක විරෝධතා ක්‍රියා මාර්ගයක් සැලසම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. මෙම විරෝධතා සංවිධානය කර ඇත්තේ විදුලබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතකට එරෙහිවයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කරගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවයි.
වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ජනතාව අතර සාවාද්‍ය මතයක් සමාජගත කර ඇති බව රජය පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසුවේ බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන පාර්ශවවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් සංශෝධනය කරන බව ඩිස්ටිලරීස් සමාගම ප්‍රකාශ කරනවා. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90 කින් මිල ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ. මිලිලීටර් 375 සහ මිලිලීටර් 180 ක මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. මේ අතර සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.
ජපානයේ බටහිර වෙරළ තීරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.6 ක් බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ හේතුවෙන් ජපානයේ ඉශිකාවා, නිගාටා සහ ටොයාමා යන පළාත්වලට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා. මීටර් 5 ක් පමණ උසැති සුනාමිය ඉශිකාවා ප්‍රාන්තයේ නෝටෝ වෙත ළඟා වනු ඇති බවටයි එරට කාලගුණික අංශ අනතුරු අගවා ඇත්තේ.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසනවා. අද සිට සියයට 18 දක්වා වැට් වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා බේකරි හිමියන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා. කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ රටේ ජනතාව ගැන සිතා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කළ බවයි එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ. මේ පිළිබදව ඉදිරියේදී රජය සමඟ සාකච්ඡා කර විසදුමක් ලබා ගන්නා බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව උතුරු – උතුරු මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සඳහන්. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට…
යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24 ක කාලය තුළ තවත් පුද්ගලයන් 1229 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදි පුද්ගලයන් 86 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය සදහන් කළේ. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 40 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 440 ක්, අයිස් ග්‍රෑම් 260 ක්, ගංජා කිලෝග්‍රෑම් 15 යි ග්‍රෑම් 300 ක්, ගංජා පැල 3948 ක්, මාවා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 300 ක් සහ මත්පෙති 417 ක් සොයාගත් බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.
අද සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව පළමු කිලෝමීටරයට අයකළ රු. 100 ක මුදල වෙනසක් නොවන බවයි එම සංගමය කියා සිටියේ . එමෙන්ම දෙවැනි කිලෝමීටරයේ සිට අයකළ රු. 80ක ගාස්තුව රු. 100ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඒ මහතා මේබව කියා සිටියා අද(01) දහවල් මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී අදහස් දක්වමින් විජේරත්න මහතා පැවසුවේ ඉන්ධන මිල සංශෝධනයට රජය කටයුතු කළද බස් ගාස්තුවල වැඩිවීමක් සිදු නොකරන බවයි. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙවර ඉන්ධන මිල ඉහළ දමා ඇති ප්‍රතිශතය මත බස් ගාස්තු ඉහළ දැමීමේ නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි. අද සිට ක්‍රියාත්මක කෙරෙන ඉන්ධන සංශෝධනයේදී ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින්ද ඉහළ දැමුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222