Author: Anura Premakumara

සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ආසන සංවිධායක ධුරයක් ලබාගැනීමට තමන් තුළ කිසිදු අදහසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා පැවැති උත්සවයට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා කියා සිටියේ ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් පුළුන් සන්ධානයක් ගොඩනගන්නේ නම් ඒවටා එක්වීමේ ගැටලුවක් නොමැති බවයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයත්වය අහෝසි කිරීම හේතුවෙන් තමන් ස්වාධීන පුද්ගලයෙක් බවත් ඒ් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා. පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දේශපාලන…

තව කියවන්​න

21 වන දිනටත් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 1,135 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් රැඳවුම් නියෝග යටතේ 46 දෙනෙකු රඳවා තබා ඇති අතර, 16 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. මේ අතර කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කලේ ජනතාවට යුක්තිය ඉටු කිරීමේ අරමුණින් මෙම යුක්තිය මෙහෙයුම ආරම්භ කල බවයි.

තව කියවන්​න

ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට සූදානම් බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . උතුරේ සීග්‍ර ආර්ථික සංවර්ධනය සමඟ නව රැකියා අවස්ථා මෙන්ම, නව ආයෝජන අවස්ථා රැසක්ද ඉදිරියේදී බිහිවනු ඇති බවත්  ජනාධිපතිවරයා අවධාරණය කළා . එමෙන්ම  උතුර සංවර්ධනය කර රටම දියුණු කිරීමට උතුරේ සියලු මහජන නියෝජිතයන්ගේ සහය අපේක්ෂා කරන බවත්  ඔහු සදහන් කළා . යාපනයේ එජාප ක්‍රියාකාරීන් සමඟ පැවති හමුවේදී  ජනපති වරයා මේ බව අවධාරණය කලා එමෙන්ම ජනපති සහ උතුරේ තල් කර්මාන්තකරුවන් අතර හමුවක් ද  සිදුව තිබෙනවා. ඒ අනුව   තල් කර්මාන්තය ආශ්‍රිත ගැටලු විසඳීමට ජනපතිවරයා   කමිටුවක් ද පත් කර තිබෙනවා . මේ අතර උතුරු පළාත් නීතිඥ…

තව කියවන්​න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කර තිබෙනවා. උපුල් තරංග මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි. ඒ් අනුව ඇෆ්ගනිස්ථානයට ඒරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නායකත්වය ධනංජය විසින් දරනු ලබන ඇති බවයි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග කියා සිටියේ. ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වයට පත් කළ කර තිබෙනවා. ඒ් අනුව ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයේදී ධනංජයගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උප නායකත්වයෙන් ක්‍රීඩා කරනු ඇති.

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර මේ වන විටත් බෙදාහරිමින් පවතින බවයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. මේ අතර විභාග ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් යම් ගැට`ඵවක් ඇත්නම් විභාග මධ්‍යස්ථානවලදීම එම ගැට`ඵව නිරාකරණය කර ගැනීමට හැකි බවද විභාග කොමසාරිස්වරයා සදහන් කළා. එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සු`ඵ වෙනස්වීමක් සිදුව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. කොරියානු භාෂාව මෙවර උසස් පෙළ විෂය ධාරාවට නව විෂයක් ලෙස එක් වී ඇති බවයි ඔහු සදහන් කළේ.

තව කියවන්​න

වැට් බද්ද ඉහළ දැමීමත් සමග දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනි සේවා ගාස්තු සියයට 3 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සියයට 38.4 ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පූර්ණ බදු ප්‍රතිශතය සියයට 42 ක් පමණ වනු ඇති බවයි විදුලි සංදේශ සේවා සපයන්නන් පැවසුවේ. මේ අතර නව වැට් බදු සංශෝධනයෙන් පසු අන්තර්ජාල සේවා ගාස්තු 20.3 සිට 23.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම බදු සදහා සෙසු බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද ඇතුළත් වන බව සදහන්. මේ අතර වැට් බදු ඉහළ දැමුනද සත්ව නිෂ්පාදන මිල වැඩි නොකරන බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. සත්ව නිෂ්පාදන මිල තවදුරටත් ඉහළ දැමුවහොත් ජනතාවට එය දරාගත නොහැකි බවයි…

තව කියවන්​න

කීරි සම්බා ආනයනය සදහා පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයුතු සදහා විශාල කාලයක් වැයවන බැවින් මෙම තීරණය ගත් බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවේ. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කළේ ඒ යටතේ සම්බා මෙට්ටි්‍රක් ටොන් 50,000 ක් ආනයනය සදහා පියවර ගෙන ඇති බවයි. පෞද්ගලික අංශයට සම්බා සහල් ආනයනයට අවසර ලබාදීමත් සමග එම තොග කඩිනමින් දිවයිනට ලැබෙනු ඇති බවට වෙළද අමාත්‍යංශය සදහන් කළා.

තව කියවන්​න

රජය විසින් ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා. මේ අතර රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා චෝදනා කළේ රජය විසින් බදු වැඩිකිරීමත් සමග රාජ්‍ය සේවකයින් දැඩි පීඩාවට පත්ව ඇති බවයි. ඒ අනුව රුපියල් 20,000 දීමනාව ජනවාරි වැටුපට එකතු කළ යුතු බවද ඔහු සදහන් කළා. මේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ආණ්ඩුවේ දූෂණ වංචා හේතුවෙන් වැට් බදු ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

තව කියවන්​න

ජපානයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. පසුගිය පළමුවනදා සිදු වූ භූකම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 67 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම භූකම්පනයෙන් ප්‍රදේශ රැසක නිවාස, ගොඩනැගිලි සහ මහාමාර්ගවලට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ජපානයේ නෝටෝ අර්ධද්වීපයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත්වූවන් මුදාගැනීම සදහා 3000 කට අධික සහන මෙහෙයුම් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

තව කියවන්​න

මහරගම දුම්රියපළ පාරේ ලැඟුම් හළක තිබී සයනයිඩ් කා මියගිය බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර විෂ ශරීරගත වීමෙන් ඔහු සමග සිටි තවත් 24  හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසුවා. ඇය යක්කල ප්‍රදේශයේ පදිංචි බවයි අනාවරණය වී ඇත්තේ.

තව කියවන්​න