Author: Anura Premakumara
ඕමානයේ විදේශ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු මාතලේ ඇල්වල ප්‍රදේශයේදී අද(08) අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය පවසනවා. එම ඒකකය කියා සිටියේ දිවයින පුරා ප්‍රදේශ රැසක පුද්ගලයින් මෙම මූල්‍ය වංචාවට හසුව ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මාතලේ ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වනවා. මොහු විසින් පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර, දඹුල්ල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයන්ට ඕමාන්හී විදේශ රැකියා අවස්ථාවන් ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වංචා කොට ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලයට හා මහනුවර හා දඹුල්ල කාර්යාලය වෙත පැමිණිලි ලැබී තිබෙනවා. අදාළ පැමිණිලිවලට අනුව සිදුකරන ලද විමර්ශනයන්ගෙන් අනතුරුව අදාළ…
ඩෙංගු මර්ධනය සඳහා මහජනතාවගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවන බව කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජය විජයමුණි මහතා පවසනවා . ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට ඩෙංගු රෝගයේ ඉහළ යාමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ද සදහන් කලේ . උද්ගතව ඇති තත්ත්වය හමුවේ විශේෂ ඩෙංගු මර්දන සතියක් ඊයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවා . ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පැවතී වැඩසටහනකට එක් වෙමින් වෛද්‍ය රුවන් විජය විජයමුණි මහතා මෙලෙස අදහස් පල කළා
රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළේදී විශ්ව විද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ සඳහා කෘෂිකාර්මික , සංචාරක, ව්‍යවහාරික, තාක්ෂණය ඇතුලු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා විශ්ව විද්‍යාල සිසුන් දායක කර ගැනීමට අපේක්ෂා කරන බවයි . යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පසුගියදා යාපනයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළා . එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ නියමිත කාලය තුළ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ යුතු බවට ඉදිරියේදී නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවයි.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පවස්වරු 02.30 ටයි . දෙරට අතර පැවති පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එම තරගය අත්හැර දැමීමට තරග තීරකවරයා කටයුතු කළා. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය ජය ගැනීමට නම් අද පැවැත්වෙන තරගය ජය ගැනීම අතිශය වැදගත් බව ක්‍රීඩා විචාරකයින් පවසනවා.
වරදාන වරප්‍රසාදවලට කාන්තාවන් රැවටු යුගය වසන් බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කලේ ආර්ථික පීඩනය හේතුවෙන් කාන්තාවන් බෙදීම් දේශපාලනයට ගොදුරු වී සිටි බවයි . ගාල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව එක්වෙමින් ඔහු මේ බව අවධරණය කළා .
ඇතැම් වෘත්තිය සමිති තම දීමනා වැඩි කර ගැනීමේ අරමුණින් වැඩ වර්ජන නොකළ යුතු බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. රට අසීරු තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක එවැනි වැඩවර්ජන නොකළ යුතු බවද ඔහු සදහන් කළා . කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය මේ බව කියා සිටියා.
මිත්‍යා මත පතුරුවමින් ජනතාව සියදිවි හානි කරගැනීම් හෝ වෙනත් විෂමාචාර ක්‍රියා සඳහා පොළඹවන දේශකයන් හෝ පුද්ගලයන්ට දැඩිදඬුවම් පැමිණවීම සඳහා නව අණ පනත් සම්මත කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. ජනතාව අතරේ මිථ්‍යා මත පතුරවමින් සියදිවි හානි කර ගැනීම් සඳහා පෙළඹවූ බව කියන මාලඹේ දේශකයා සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් කර ඇති බවයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවා. එමෙන්ම ඔහු කියා සිටියේ මෙවැනි මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනටමත් යම් යම් නීති පවතින බවයි. එමෙන්ම සියදිවි හානි කර ගැනීම සඳහා උත්සහ දරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන පවතින බව…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ නැගෙනහිර උතුර ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි . උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
බදු පිළිබඳව දිගුකාලීන ප්‍රතිපත්තියක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. කෙසේවෙතත් බදු ගෙවීම සඳහා ජනතාවගේ ආදායම් තත්ත්වය වර්ධනය කල යුතු බවයි ඔහු සදහන් කලේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මේ බව අවධාරණය කළා. මේ අතර බදු ගෙවීම් පැහැර හැර ඇති සියලු ව්‍යාපාරිකයන්ගෙන් අදාළ බදු අය කර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. බදු සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුනේ නායක පර්ලිම්නේතු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතාද අදහස් පල කළා.
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් එරට වත්මන් අගමැතිනී සීක් හසීනා නියෝජනය කරන අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිව තිබෙනවා. විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ මෙම මැතිවරණයේදී වත්මන් අග්‍රාමාත්යවරියට ජය හිමිව ඇත්තේ පිට පිට සිවුවැනි වරටයි. එම මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ආසන 152 ක් හිමි කර ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ එයට හිතවත් දේශපාලන පක්ෂ සමත් වුණා. ඒ අනුව, 2009 වසරේ සිට බලයේ රැදී සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක් සදහා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති. මේ අතර මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් ද අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222