Author: Anura Premakumara
යුක්තිය මෙහෙයුමේ දී තවත් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් 39 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 31 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 51 දෙනෙකු ඊයේ අලුයම සිට අද අලුයම දක්වා සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම මෙහෙයුමේදී අයිස් සහ මාවා කිලෝ තුනකට අධික ප්‍රමාණයක්, හෙරොයින් සහ මත්පෙති 1403 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද දිනයේදීත් මාළු මිල ගණන් ඉහළ අගයක පවතින බව වාර්තා වනවා. ඒ අනුව තෝර මාළු කිලෝවක තොග මිල රුපියල් 3,000 ක්ද, කෙලවල්ලා මාළු කිලෝවක තොග මිල රුපියල් 1,500 ක්ද, තලපත් කිලෝවක තොග මිල රුපියල් 1,700 ක් ලෙසද දැක්වෙනවා. එමෙන්ම හාල් මැස්සන් කිලෝවක තොග මිල රුපියල් 500 ක්ද, ඉස්සන් කිලෝවක තොග මිල රුපියල් 1,300 ක්ද, සාලයින් කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර අගයක ද පවතිනවා. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද තවදුරටත් ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. කැරට් කිලෝවක තොග මිල රුපියල් 600 ක් ලෙස දැක්වුණු අතර බෝංචි කිලෝවක…
හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නෙන් විනාශ වූ ගබඩාවේ යළි දුමාරයක් ඇති වී තිබෙනවා . අදාළ ගබඩාවේ ගින්නක් ඇති වුණේ, පසුගිය වසරේ අගෝස්තු මස 17 වැනිදා යි. එය, ක්ලෝරීන් කැට ඇතුළු රසායනික ද්‍රව්‍ය තැන්පත් කර තිබූ ගබඩාවක් බවටයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේ සිට ඉන් යළි දුමාරයක් නිකුත් වන බවට ලැබුණු තොරතුරකට අනුව ගිනි නිවීම් සේවා නිලධාරීන් එම ස්ථානයට කැඳවා තිබෙනවා . පොලීසිය සඳහන් කළේ මේ වනවිට අදාළ ස්ථානය පරික්ෂාවට ලක් කෙරෙන බවයි. දුමාරය ඇති වීමට හේතුව රසායනික ද්‍රව්‍ය කාන්දුවක් විය හැකි බවට සැක පළ කර තිබෙනවා .
නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් සියයට 50 කට මෙම වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු පිරිනැමීමට රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම වසර අවසානයට පෙර තම අධිකාරිය සතුව ඇති මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් සියයට 50 ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදෙන බවයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සඳහන් කළේ. නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල මේ වනවිට පුද්ගලයන් 14,542 කු පදිංචිව සිටින අතර ඒ අනුව පළමු අදියර යටතේ ඉන් සියයට 50 ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අවධාරණය කර තිබුණේ තට්ටු නිවාස…
මෙරට ජනගහනය ඉදිරියේදී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පවසනවා. ඒ සදහා කරුණු කිහිපයක් බලපා ඇති බවටයි මහචාර්යවරයා අවධාරණය කර සිටියේ. මෙරට උපත් අනුපාතය සියයට 25 කින් අඩු වීම ද මීට ප්‍රධාන කාරණයක් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා පිළිබද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියා සිටියා. තරුණ ප්‍රජාව විදෙස්ගත වීම ඇතු`ඵ කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිරියේදී මෙරට ජනසංඛ්‍යාව තවත් පහළ යා හැකි බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවයි . ඒ අනුව හෙට දිනයේ දී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත විවාදයට ගැනීමට නියමිතයි . අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළව 2023 නොවැම්බර් මස 8 වන දින පවත්වා කල්තබන ලද විවාදය ජනවාරි මස 10 වැනිදා දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ…
රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සහ කිරීමක් පිළිබදව වාර්තා වනවා. 23 වන වියේ පසුවන මෙම රංගන ශිල්පිනිය මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ සිට සිය පෞද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් නුගේගොඩ දක්වා කුලී ගමනක් යාමට පිටත්ව ඇති බවයි පිළියන්දල පොලිසිය පවසන්නේ. එලෙස ගමනාන්තය වෙත ගමන් කරන අතරතුරදී පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය කාර්මික දෝෂයකට ලක් වූ බව පවසමින් රියදුරු රථයෙන් බැස ඇති අතර එහිදි පිටුපස ආසනයේ වාඩි වී සිටි රංගන ශිල්පිනිය සමීපයට පැමිණ ත්‍රීරෝද රථ රියදුරු ඇයට බලහත්කාරකමක් කිරීමට උත්සහ කර තිබෙනවා. එම අවස්ථාවේදී රංගන ශිල්පිනිය ඒ පිළිබදව ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති අතර එයට බියට පත් වූ…
පක්ෂ මාරුවීම සෑම කාලයකදීම සිදුවන බවත් ඒ සදහා බිය විය යුතු නොමැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන් බවටයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
වත්මන් රජය මැතිවරණ සදහා ඉදිරිපත් වීමට බිය වී ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. පුරවැසියන් රවටමින් කටයුතු කළ කාලය ඉදිරියේදී අවසන් කරන බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියේ.
රට පවත්වාගෙන යාම සදහා ශක්තිමත් දේශපාලන පක්ෂයකට බලය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. දැනට පවතින ශක්තිමත්ම විකල්ප දේශපාලන පක්ෂය වන්නේ සමගි ජනබලවේගය බැවින් එය වටා පෙළගැසීම තුළින් රට ඉදිරියට ගෙන යා හැකි බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222