- අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්
- CID යේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පියවර
- ඩෑන් ප්‍රියසාද් අත් අඩංගුවට
- පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ පුද්ගලයෙකුට දඩ
- ගංවතුරෙන් හානියට පත්වූ වගාවන් වන්දි ලබාදීම ආරම්භ කෙරේ
- අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනයට සැලසුම්
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දිසියක් අද
- අගමැතිනිය සහ IMF විධායක අධ්යක්ෂ අතර හමුවක්
Author: Anura Premakumara
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. තවත් මාස 9 කින් ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඉන් අනතුරුව මහ මැතිවරණය පැවැත්වෙන බවත් රවී කරුණානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 09.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රැස්වීමට නියමිතයි . ඒ අනුව අද දිනයේදී අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළව 2023 නොවැම්බර් මස 8 වන දින පවත්වා කල්තබන ලද විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් සත්වයින් ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කලේ මේ සදහා පරිසර සංවිධාන විසින් ඉඩ ලබා නොදෙනු ඇති බවයි . ඒ හේතුවෙන් අධිකරණ ක්‍රියාවලියකට යොමු වූ බවද අමාත්‍ය මහින්ද…
කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරු රටින් පළා යාම සඳහා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි. පොලිසිය පවසන්නේ වයස අවුරුදු 45ක පමණ පුද්ගලයෙක් මෙලෙස රටින් පළා යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගැනුණු බවයි. සැකකරු වසර ගණනාවක් විදෙස්ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයෙක් බවද පොලිසිය පවසනවා. කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේ මාර්ගයේදී ඝාතනයට ලක්වූ කාන්තාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් බවත් ඇය ඊයේ දිනයේ සවස සේවය නිමවී නිවස බලා යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් පොලිසිය පවසන්නේ. පොලිසිය සැක කරන්නේ මෙම ඝාතනය අනියම් ප්‍රේම සබඳතාවයක් හේතුවෙන් සිදුවන්නට ඇති බවටයි. ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. කහතුඩුව…
වැල්ලවත්ත පොලිස් වසමේ මහල් නිවාසයකින් ඇද වැටී කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ එම මහල් නිවාසයේම පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්. සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇය නිවසේ තිබූ පුටුවක් රැගෙන ගොඩනැගිල්ලේ 8 වන මහලට ගොස් එයින් පැන ඇති බවයි. මියගිය කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පැය 24 ක් තුළදී සිදු කරන ලද වැටලීම්වලින් සැකකරුවන් 952 කු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 42 කු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් සිව් දෙනෙකු පිළිබදව නීතිවිරෝධි වත්කම් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති බව ද සදහන්. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 68 දෙනෙකුද මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල ගණන් මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අල, පරිප්පු, සීනි, ලූණු, තිරිඟු පිටි සහ ඇතැම් සහල් වර්ග කිහිපයක මිල තවදුරටත් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. වැට් බද්ද ඉහළ දැමීමට පෙර රුපියල් 300 ක්ව පැවැති පරිප්පු කිලෝවක මිල මේ වන විට රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල රුපියල් 290 ක්ව පැවැති සීනි කිලෝවක මිලද රුපියල් 320 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වැට් බදු මුවාවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් අසීමිත ලෙස භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවයි පාරිභෝගිකයන් චෝදනා නගන්නේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එල්ල වන චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ නව ජාතික පොලිස් කොමිසම විසින් පත් කළ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලේ විමර්ශනයට අනුවයි. මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වන දින පොලිස් මූලස්ථානයට ලිඛිතව දැනුම් දී ඇති බවද වාර්තා වනවා.
ඉන්දීය නාවික හමුදාවට අයත් “INS KABRA” නෞකාව නිල සංචාරකයක් සදහා ඊයේ(08) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. අදාළ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කළ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Waterjet Fast Attack Craft (WJFAC) වර්ගයට අයත් ‘INS KABRA’ නෞකාව, දිගින් මීටර් පනහක් (50) හා නැවේ කාර්ය මණ්ඩලය පනස් පස් (55) දෙනෙකුගෙන් සමන්විත වනවා. නෞකාවේ අණදෙන නිලධාරී, ලුතිනන් කොමාණ්ඩර් අජිත් මොහාන් (Lieutenant Commander Ajith Mohan) සහ බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර නිල හමුවක් ඊයේ(08) බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකර තිබෙනවා. තවද, ‘INS KABRA’ නෞකාව මෙරට…
අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම ටින් අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ පහසුම් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල සැලසිය යුතු බවයි අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ. ඒ සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඊට අමතරව රජයේ බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාතමේන්තුව වැනි ස්ථානවල ද ඊට අදාළ කවුන්ටර් විවෘත කිරීමට අදාළ කටයුතු ද සොයා බැලිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. ටින් අංකය ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා…
උතුරු නැගෙනහිර, ඌව මධ්‍යම සහ දකුණු පළාත්වල අද සහ හෙට දිනයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. උතුරු නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222