Author: Anura Premakumara

කියුබාවේ ඉන්ධන මිල සියයට 500 කින් ඉහළ දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ලබන මස පළමුවනදා සිට එය ක්‍රියාත්මක බවයි කියුබානු රජය නිවේදනය කර ඇත්තේ. අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා. ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද සියයට 25 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසනවා. කියුබාව 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී ඇති බව සදහන්.

තව කියවන්​න

ප්‍රංශයේ අග්‍රාමාත්‍ය ධුරය සදහා එරට අධ්‍යාපන අමාත්‍ය ගේබ්රියෙල් ඇටල් නම්කර තිබෙනවා ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රෝන් විසිනුයි මෙම පත්කිරීම සිදුකර අත්තේ. 34 වන වියේ පසුවන ගේබ්රියෙල් ඇටල් එරට ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාසගත වනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

තව කියවන්​න

අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් වනතුරු විභාග මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන පාසල්වල, විභාග අපේක්ෂකයින්ට බාධා වන කිසිදු ආකාරයේ ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ බව දැනුම් දෙමින් විදුහල්පතිවරුන්හට නිවේදනයක් නිකුත් කිරීමටයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විසින් අදාළ පියවර ගෙන ඇත්තේ. මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය පසුගිය 04 වනදා ආරම්භ වූ අතර එය එළඹෙන 31 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2 302කදී පැවැත්වෙනවා.

තව කියවන්​න

තමා විසින් මන්ත්‍රී ධූරය මුදලට පාවාදීමක් සිදු නොකළ බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් අනතුරුව පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්. තනතුරු සහ මුදල් වලට මුල් තැන ලබා දෙන්නේ නම් මිට පෙර තමන් හට විවිධ ආකාරයේ යෝජනා ඉදිරිපත් වූ බවද ඔහු මෙහිදී කියා සිටියා.

තව කියවන්​න

ආර්ථික විනාශය හේතුවෙන් ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින් පෙලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අතරින් ලක්ෂ 7ක් ණය ලබා ගෙන ඇත්තේ ආහාර ලබා ගැනීමට බවත් ඔහු සදහන් කළා. ලක්ෂ 10ක් ණය ලබාගෙන ඇත්තේ රන් ආභරණ උකස් කරමින් බවත් මෙය එම පවුල්වල අධ්‍යාපනය, සෞඛ්‍ය හා පෝෂණයට සෘණාත්මකව බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මීගමුව මංකුලිය සාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවති වැඩසටහනකදී.

තව කියවන්​න

එංගලන්තයේ ඈන් කුමරිය නිල චාරිකාවක් සඳහා අද දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඇය ලබන 13 දක්වා මෙරට සංචාරය කරනු ඇති. ඈන් කුමරිය සමග ඇයගේ සහකරුවන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ බි්‍රතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සම්බන්ධ උත්සව වෙනුවෙන් සහභාගී වීම සඳහා ඇය ශ්‍රී ලංකාවට පැමිනිමට නියමිතයි. 1995 වසරේ දී ද ඇය මෙරටට පැමිණ තිබෙනවා. ඈන් කුමරියගේ මෙරට සංචාරය මෙම වසරේ බි්‍රතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු සිදු කරන පළමු විදෙස් සංචාරය ද වනවා ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම…

තව කියවන්​න

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.  ඔහු දින දෙකක් මෙරට රැදී සිටීනු ඇති. මෙම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍යවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් හමු වී නිල සාකච්ඡා පවත්වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළා. ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොළඹ තටාකාංගනය සහ මහරගම පිහිටි ලංකා නිපොන් බිස්ටෙක් ආයතනයේ සංචාරය කිරීමටද නියමිතයි.

තව කියවන්​න

අධික වර්ෂාවත් සමග පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව තිස්සමහාරාම පලටුපාන යාල ප්‍රධාන පිවිසුම නැවත දැනුම්දෙන තුරු මෙලෙස වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. කෙසේවෙතත් යාල වනෝද්‍යානය සඳහා කටගමුව පිවිසුමෙන් සංචාරකයින්ට පිවිසිය හැකියි. අධික වැසි සහිත කාලගුණය සමග මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සංචාරක නිවාස 6ක් ජලයෙන් යටවී තිබෙනවා. මේ අතර උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද දිනයේද වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

තව කියවන්​න

දිවයින පුරා පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ආරම්භ කල සංකේත වැඩවර්ජනය  අද දිනයේත් ක්‍රියාත්මකයි. වෛද්‍ය නිලධාරින් සදහා ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ට ලබා නොදීමට එරෙහිවයි මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත්තේ . ඊයේ පෙරවරු 8 ට දිවයින පුරා රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ වෛද්‍යවරුන්ට ලබා දුන් එම දීමනාව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්හටද ලබා දිය යුතු බවයි. මේ අතර රුපියල් 35,000 ක දීමනාව ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතු`ඵ සෞඛ්‍ය සේවා 10 ක සාමාජිකයින් වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. අද පෙරවරු 8 සිට පැය 48 ක කාලයක් මෙම වැඩවර්ජනය…

තව කියවන්​න

දකුණු අප්‍රිකානු ෆ්‍රැන්චයිස් ලීගයක් වන එස්. ඒ ටුවෙන්ටි තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ ක්‍රීඩක නුවන් තුෂාරව එම්. අයි. කේප්ටවුන් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා. මෙම කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් හිමිකාරීත්වය යටතේ එස්. ඒ ටුවෙන්ටි ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කරනු ලබනවා. කෙසේ වෙතත් මේ දිනවල ක්‍රියාත්මක වන සිම්බාබ්වේ තරගාවලිය සහ ඉන් අනතුරුව ආරම්භ වන ඇෆ්ගනිස්තාන තරගාවලිය හේතුවෙන් නුවන් තුෂාරට තරගාවලියේ තරග කීපයක් මග හැරෙනු ඇති බවයි වාර්තා වන්නේ. එස්. ඒ ටුවෙන්ටි තරගාවලිය අද ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය පෙබරවාරි මස 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න