Author: Anura Premakumara

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දවසේදීත් එළව`ඵවල තොග මිල ඉතා ඉහළ අගයක පැවතුණා. ඒ අනුව අද දිනයේදීත් කැරට් කිලෝග්‍රෑම් 1 ක මිල සටහන් වුණේ රුපියල් 1750 ත් 2000 ත් අතර මිලකටයි. එමෙන්ම බීට්රූට් කිලෝග්‍රෑමයක මිලද රුපියල් 700 කට අලෙවි වූ අතර ගෝවා සහ බෝංචිවල මිල ද රුපියල් 700 ත් 900 ත් අතර මිලකට සටහන්ව තිබූ බවයි අප වාර්තාකරු කියා සිටියේ. මා`ඵ මිරිස් කිලෝවක මිල ද රුපියල් 1000 ඉක්මවා ඇති අතර වම්බටු කිලෝවක මිල ද රුපියල් 500 ක අගයක් ගෙන තිබුණා. පවතින අධික එළව`ඵ මිල පිළිබදව මාධ්‍යවේදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගෙන් විමසා සිටියා. එහිදි ඔහු කියා සිටියේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය…

තව කියවන්​න

ජනවාරි 24 වැනි දින පාර්ලිමේන්තු සභා වාරය අවසන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා . ඒ අනුව 9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අවසන් කිරීමට අදාළ ගැසට්ටුව මෙම මස 24 වැනිදා නිකුත් කිරීමට නියමිත බවයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ. මීළඟ සභා වාරය පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවයි එම දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර සිටියේ. මේ අනුව කෝපා  සහ කෝප්  ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 50 කට අධික ප්‍රමාණයක් ජනවාරි 24 වැනිදා සභා වාරය අවසන් කිරීමත් සමඟ විසුරුවා හැරීමට නියමිතයි.

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඒ අනුව කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති රෝගීන් මෙන්ම ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද ඒ මහතා අවධාරණය කළා. විශේෂයෙන්ම අදාළ ප්‍රදේශවල ජීවත් වන පෙනහ`ඵ ආශ්‍රිත ආබාධ පවතින සහ ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් යම් කිසි ආකාරයකට ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවටයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. මුඛ ආවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මඟින් එවැනි…

තව කියවන්​න

තම රටේහි රැදී සිටින ඉන්දීය හමුදා ලබන මාර්තු 15 වනදා වන විට ඉවත් කර ගන්නා ලෙස මාලදිවයින් රජය විසින් ඉන්දියාවට දැනුම් දී තිබෙනවා. ඒ මාලේ අගනුවර පැවති දෙරටේ නිලධාරී මට්ටමේ සාකච්ජාවකදීයි. මේ වන විට මාලදිවයින සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක්ද හට ගෙන තිබෙනවා. මාලදිවයිනේ අමාත්‍යවරුන් පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ත්‍රස්තවාදියෙකු ලෙස හදුන්වමින් සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ මතභේදයක් මෙලෙස හට ගත්තා. ඉන්දීය හමුදා සාමාජිකයින් 80 දෙනෙකු මේ වන විට මාලදිවයිනේ රැදී සිටිනවා. ඒ ඉන්දීය රජය විසින් මීට වසර ගණනාවකට පෙර මාලදිවයිනට පරිත්‍යාග කළ හෙලිකොප්ටර් යානා 02 ක සහා ඩ්‍රෝණ යානයක නඩත්තු හා මෙහෙයුම්…

තව කියවන්​න

දැවැන්ත ව්‍යසනයකට මුහදීමට නියමිතව තිබු රට ක්‍රමයෙන් ගොඩ නැංවීම සිදු කලේ වත්මන් ජනාධිපතිවරයා විසින් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ. රටේ බංකොලොත් යුගය අවසන් කර තිබෙන බවත් මාර්තු මාසයෙන් පසුව බඩු මිල අඩු කිරීමට හැකියාව ලැබෙන බවත් අමත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

තව කියවන්​න

රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සදහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සදහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. අද උදෑසන 6.30 සිට සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන් හැර වෘත්තිය සමිති 72 ක් පැය 24 ක කාලයක් සදහා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කරනු ලැබුවා. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ සෞඛ්‍ය සේවා වෘත්තිය සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා. කෙසේ වෙතත් අද පෙරවරුවේදී වර්ජනයේ නිරතවන වෘත්තිය සමිති සදහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති…

තව කියවන්​න

බන්ධනාගාර සිරමැදිරි වල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වෙනවා. එමෙන්ම රජයට වාර්ෂිකව රැඳවියන් නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 800කට වඩා වැඩි මුදලක් වැයවන බවද එම වාර්තාවේ සඳහන්. එමෙන්ම සමස්ථ රැඳවියන්ගෙන් සියයට 53ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින අය බවද එම වාර්තාවේ සටහන්ව තිබෙනවා . බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිඟයක් පවතින අතර, දැනට පවතින වැසිකිළිවලින් 287ක් අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින බවද අදාළ විගණන වාර්තාවේ දැක්වෙනවා. කෙසේ වෙතත් ඇප නියම කර තිබුණද, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පුද්ගලයින් 1 795 දෙනෙකු…

තව කියවන්​න

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව අද පෙරවරු 08 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. රජය විසින් වෛද්‍යවරුන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් තිස් පන්දහසේ දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී සෞඛ්‍ය සේවා වෘත්තීය සන්ධානයේ කැඳවුම්කරු.රවී කුමුදේශ් මහතා පැවසුවේ ඇතැම් රෝහල් වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි. මේ අතර අදාල ගැටලුවට විසදුම් ලබා ගැනීම සදහා තමන් ගෙන් සාකච්චාවක් ඉල්ලා නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා. මේ පිලිබදව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කියා…

තව කියවන්​න

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා. කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රී 7ට ආරම්භ වනවා. කණ්ඩායම් දෙක අතර පැවැති පළමු තරගය කඩුළු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූනා. ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ තරග 1 ට බින්දුවක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වනවා .

තව කියවන්​න

රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීමට ගත් තීරණය සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව එම දුම්රිය සාමාන්‍ය පරිදි අද සිට ධාවනය කෙරෙන්නේ මාතර සිට මරදාන දක්වා පමණයි. අදාළ දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීම පිලිබදව මාතර ජනතාව පසුගිය දිනවල දැඩි ලෙස විරෝධය පළ කරමින් එම දුම්රියේ ගමන් කිරීමද වර්ජන කල බව අප වාර්තා කරුවන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්යංශය සදහන් කලේ ඉන්දියාවෙන් නව දුම්රිය එන්ජින් ලැබීමෙන් අනතුරුව දුම්රිය ගමන් පහසුකම් වඩාත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි

තව කියවන්​න