Author: Anura Premakumara

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ පර්යන්තය ආසන්නයේ වෙළෙඳ සැලක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ සිද්ධිය වූ ස්ථානයේදීම පුද්ගලයන් සිව් දෙනෙක් මරණයට පත්ව ඇති බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්වූ තවත් පුද්ගලයෙකුගේ සිරුරක් තංගල්ල රෝහලේ තැන්පත් කර ඇති බවද වී නිව්ස් වාර්තාකරු කියා සිටියා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නයේ වෙළෙඳ සැලක් අසල නවතා තිබී සුදු පැහැති ඩිපෙන්ඩර් වර්ගයේ රථයකට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා. කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ ඩිෆෙන්ඩර් රථය ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ඔවුන් පළාගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

තව කියවන්​න

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව වාරය ආරම්භ කිරීම කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පසුගියදා රජය තීරණය කළේ පෙබරවාරි මස පළමුවන දා, තුන් වන පාසල් වාරය ආරම්භ කරන බවයි. කෙසේ වෙතත් තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 5 වන දා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ. උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවන කොටස යළි පැවැත්වීම හේතුවෙනුයි මෙලෙස පාසල් වාරය ආරම්භ කිරීම කල් දමා තිබෙන්නේ.

තව කියවන්​න

සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවති තරග පරාජය වීමට හේතු කිහිපයක් පවතින බව ශ්‍රී ලංකා 20 යි 20 කණ්ඩායම් නායක වනිදු හසරංග පවසනවා. පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහර දීම යන අංශ තුනෙහිම සිදු වූ අතපසුවීම් තරඟ පරාජයට හේතුව බවයි ඔහු සදහන් කළේ. තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් වනිඳු හසරංග මේ බව සදහන් කළා. ඪදසජැ ක්‍මඑ – වනිදු හසරංග ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4 කින් ජයගනු ලැබුවා. ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6 ක් දැවී සිටියදි තරගය ජයග්‍රහණය කළා. තරග 3 කින්…

තව කියවන්​න

වැට් බද්ද සියයට 18 කින් ඉහළ ගියද භාණ්ඩ අඩු මිලට ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව දරුවන්ට අවශ්‍ය සබන්, කොළොන්, පවුඩර්, බිස්කට් වර්ග මෙන්ම සිල්ලර භාණ්ඩ රැසක් මෙලෙස වැට් බදු නොමැතිව පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එමෙන්ම ලංකා සතොස ආයතනය වැඩිදුරටත් සදහන් කළේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක්ම වෙළදපොල පවතින මිලට වඩා ඉතා අඩු මිලකට ලබාගැනීමට අවස්ථාව පවතින බවයි.

තව කියවන්​න

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පොදු සමාවක් ලබාදී ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදුන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ චූදිතයා සම්බන්ධයෙන් පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි. 2021…

තව කියවන්​න

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ දුරකථන මාර්ගයෙන් නායකයින් දෙපළ එලෙස අදහස් හුවමාරු කරගෙන ඇති බවයි. එහිදී වර්තමානයේ පවතින කලාපීය හා ගෝලීය අර්බුද පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන්. එමෙන්ම උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී නායකයින් දෙපළගේ වැඩි අවධානයක් යොමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.

තව කියවන්​න

මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි කැඳවුම්කරු රවී කුමුදේශ මහතා සදහන් කලේ සෞඛ්‍ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණෙන තුරු කල් ඉල්ලා සිටි බවයි. කෙසේවෙතත් සෞඛ්‍ය වෘත්තිය සමිති සංධානයේ යෝජනාව මුදල් අමාත්‍යවරයා පිළිගත් බව ද රවී කුමුදේශ් මහතා සදහන් කළා. දැනට ක්‍රියාත්මක වර්ජනය අද පෙරවරු 6.30 ට තාවකාලිකව අත්හිටුවුවද, දින 14 කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා අනුමැතිය ලබාගැනීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සමුළුවක් හෙට කැඳවන බවත් රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසුවා. මේ අතර ඊයේ පැවැත්වු සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් අද…

තව කියවන්​න

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් විස්සයි විස්ස තරගයක් ජයගැනීමට සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා. ඒ් ඊයේ(16) පැවැති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු හතරකින් ජයග්‍රහණය කරමින්. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ් අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබාගත්තා. මුල්පෙළ කඩුලු හතරක් ලකුණු 27කට දැවී ගොස් සිටියදී පිටියට පිවිසි ඇන්ජලෝ මතිව්ස් සහ චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ නැංවීමට සමත් වූවා. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 39කදී ලකුණු 69ක් ලබාගත්තේ හයේ පහර තුනක් සහ හතරේ…

තව කියවන්​න

සිරිකොතේ රාජකාරියේ යෙදෙන පිරිස් මැතිවරණය සම්බන්ධයෙන් කුමන අදහසක් දැරුවද සිදුවිය යුත්තේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්දයක් ප්‍රකාශයට පත් කර මැතිවරණ දිනය තීන්දු කිරීම බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. මේ අතර එළඹෙන මැතිවරණය පිළිබද අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ එළඹෙන නොවැම්බර් මාසයට ප්‍රථම පවත්වන ලද ජනාධිපතිවරණයෙන් වාර්තාගත ජයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාගන්නා බවයි.

තව කියවන්​න

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා. නායයාමක් හේතුවෙන් දින 7ක පමණ කාලයක් බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය අවහිර වී තිබුණා. බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ අද(16) දහවල් සිට එම මාර්ගය විවෘත කළ බවයි. පසුගිය 9 වැනිදා බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ 7 කණුව ප්‍රදේශයෙන් නායයාමක් සිදුවීම හේතුවෙන් අද දක්වා එම මාර්ගය අවහිර වී තිබීම හේතුවෙන් වසා දැමුණා. මාර්ගයේ අවහිරතාවයන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉවත් කර මාර්ගයේ නඩත්තු කටයුතු සිදු කළා. අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ භූ විද්‍යාඥයින් විසින් අදාළ මාර්ගයේ රථ වාහන ධාවනය සුදුසු තත්ත්වයේ පවතින්නේද යන්න සොයා බැලූ බවද ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියා.

තව කියවන්​න