- දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
- රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
- වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
- පොල් ගෙඩියක මිල 88%කින් ඉහළට
- ඉදිරියේදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩීවීමක් – අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්
- වීසා නීති ලිහිල් කිරිමට නවසීලන්තයෙන් සැලසුම්
Author: Anura Premakumara
යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 633 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 322 ක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අතරින් සැකකරුවන් 07කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 03ක් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 17 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. විපක්ෂයේ සියලුම පක්ෂ කරන ලද ඉල්ලීමක් අනුව අද උදෑසන ආරම්භ කළ පාර්ලිමේන්තුවේ කටයුතු මෙලෙස විනාඩි 10ක කාලයක් සඳහා අත්හිටවනු ලබන බවයි කතානායකවරයා කියා සිටියේ. සභාව එලෙස කල් තබා ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම සඳහායි. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ පක්ෂ නායකයින් සමග කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේදී මුණගැසී ඇති බවද වාර්තාවනවා. එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත් ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් එම හමුව කතානායකවාරයාගේ නිල කාමරයේදී සිදුව ඇති බවත් වාර්තා වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පසුගිය දා නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා. ලබන 29 වන දා දක්වා එම වාරණ නියෝගය දීර්ඝ කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම හෝ බාධා වන ප්‍රකාශ නිකුත් කිරීම වළක්වමින් මෙම වාරණ නියෝගය පසුගියදා නිකුත් කළා.
විදුලිබල මණ්ඩල සේවක පිරිසකගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිතයි. ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිතිවල ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා සදහා මෙරට සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතව ඇති බව සදහන්. එමෙන්ම අද දින ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබෙනවා. ඉන් අනතුරුව විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද සිදු කිරීමට නියමිතයි.
ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටවත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ කෙරුණු විශේෂ සමු`ඵව අමතමින්. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසදුම් පිළිබද ආදිපත්‍ය දැරූ ලෝකය සදහා බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමු`ඵවේදී අවධාරණය කර තිබෙනවා.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ලෙස පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා කිළිනොච්චියේ පුල්ලෙයාර් කෝවිල වෙත ගොස් ආගමික වතාවත්වල අද නිරත වුණා. එමෙන්ම ඔහු යුද්ධයෙන් මිය ගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ සිරුරු තැන්පත් කර ඇති කිලිනොච්චි – කනකපුරම් සුසාන භූමිය වෙත ද ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ පැවති රහස් ඡන්දයේදී 186 දෙනෙකුගේ ඡන්ද ලබාගනිමින් ශ්‍රීධරන් මහතා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වුණා. ඔහුගේ ප්‍රතිවාදියා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතාට හිමිවූයේ ඡන්ද 137 ක් පමණයි. ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා එම ධුරයෙන් ඉවත්වීමෙන් පසුවයි මෙලෙස නව නායකයෙකු තෝරාගැනීමට එම පක්ෂය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉන් අනතුරුව තුන්වන වාරිකය මෙරටට නිදහස් කර ගැනීමට හැකියාව ඉන් ලැබෙනු ඇති බවයි. ඉහළ දැමූ වැට් බද්ද ව්‍යාපාරිකයින්ගෙන් අනිවාර්්‍යයෙන්ම ලබා ගැනිමට ඉදිරියේදී කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පිරිස් රජයට බදු නොගෙවා ඉහළ දැමූ බදු මුදල් සිය ලාභය බවට පත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
ආරක්ෂිත කැමරාවලින් හඳුනාගන්නා නීති උල්ලංඝනය කරන රියදුරන්ට අදාළ දඩ කොලය වාහන හිමිකරුවන්ට ලබා දීමට ගෙන තිබෙන තීරණයට දැඩි ලෙස විරෝධය දක්වන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් අදාළ දඩ කොලය වරද සිදු කරන රියදුරාටම ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙසටයි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් හා වැඩබලන පොලිස්පතිවරයාගෙන් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලිඛිතව ඉල්ලා ඇත්තේ. කොළඹ නගරයේ සවි කර තිබෙන ආරක්ෂිත කැමරාවලින් නීති උල්ලංඝනය කරන රියදුරන් හඳුනාගෙන ඊට අදාළ දඩ කොළ වාහන හිමියන්ට ලබා දීමේ වැඩපිළිවෙල අද දින සිට ක්‍රියාත්මක වුණා.
දිවයින පුරා සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 910 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ අවශ්‍යව සිටි සැකකරුවන් 19 දෙනෙකු ද මෙම සැකකරුවන් 910 ගේ ලැයිස්තුවට ඇතුළත් බවයි එම අමාත්‍යංශය සදහන් කළේ. එමෙන්ම මෙම මෙහයුමෙන් හෙරොයින්, අයිස්, ගංජා ඇතු`ඵ මත්ද්‍රව්‍ය රැසක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීම ආසන්න ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් අතර පක්ෂ නායකයෙකුද සිටින බව වාර්තා වනවා. වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නමැත්තා බවයි. වෙඩි තැබීම සිදු වූ ස්ථානයේදී පුද්ගලයන් සිව්දෙනෙක් මරණයට පත්වූ අතර අනෙක් පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබෙනවා. මරණයට පත්වූ අනෙක් පුද්ගලයන් බේරුවල ප්‍රදේශයේ පිරිසක් බවටද වාර්තා වනවා. ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි පිරිස අධිවේගී මාර්ගයේ පිටවීම ආසන්නයේ ඇති කුඩා ප්‍රමාණයේ ආපන ශාලාවක් ඉදිරිපිට රථය නතර කර ඇති විට වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222