Author: Anura Premakumara

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නක් බව මෙහිදී සඳහන් කළ විපක්ෂ නායකතුමා එම අභියෝගයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුනී. ඒ සඳහා විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ සමඟ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට මෙම සාකච්ඡාව කැඳ වූ බව විපක්ෂ නායකතුමා අවධාරණය කළේය. මෙම හමුවේ දී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…

තව කියවන්​න

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුණ රජය සමග සිටි සියලු රණවිරුවන් මේ වන විට නාමල් රාජපක්ෂ මහතා වටා අත්වැල් බැදගනිමින් සිටින බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට 2029 වර්ෂයේ නිතරගයෙන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කරවන බවට තමා අභියෝග කරන බවත් විශ්‍රාමික රණවිරුවෙකු වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම්. කීර්තිරත්න බණ්ඩාර මහතා පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට විජේරාම නිවසට මැදවච්චිය පිරිස් ගිය සිදුවීම මුල්කරගනිමින් ආණ්ඩුවේ හැසිරීමේ ක්‍රියා දාමයට විරුද්ධව මැදවච්චිය නගරයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයින් පිරිසක් සහ ප්‍රබල පාක්ෂිකයින් පිරිසක් මන්නාරම් මාර්ගයේ පිහිටි ගණ දෙවිකෝවිලට පැමිණි පොල් ගසා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව කියා සිටියා. ශ්‍රී…

තව කියවන්​න

කොත්මලේ පූඩළුඔය, ඩන්සින්න වත්තේ මැද කොටසේ වතු නිවාස පේලියක අද(25) දින දහවල් හටගත් ගින්නකින් වතු නිවාස 4ක් ගිනිගෙන විනාශ වී ඇති බව පූඩළුඔය පොලිසිය පවසනවා. පෙරවරු 11ට පමණ එක් නිවසකින් ඇවිලුණු ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත් එම නිවා පේලියේ වතු නිවාස 20ක් පමණ පිහිටි බවයි පොලිසිය පවසන්නේ. පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් එක්ව වතු නිවාස පේලියේ සෙවිලි තහඩු සහ වහළ ගලවා පාලනය කර ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ. ගින්නෙන් විනාශ වූ වතු නිවාස හතරෙහි පදිංචිව සිටි කම්කරුවන් 30 දෙනෙකු පමණ තාවකාලිකව එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක නතර කර තිබෙනවා. ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක කරන…

තව කියවන්​න

පසුගිය 22 වැනිදා බොරැල්ල කාදර්නානා වත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අදාළ වෙඩි තැබීම සඳහා පැමිණි බවට සැක කරන යතුරු පැදියක්ද බොරැල්ල පොලිසිය භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යතුරු පැදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

හැටන් වටවල වැලිඔය වතුයායේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා සිය නිල නිවස තුළ නාන කාමරයේ අභිරහස් ලෙස මියගොස් ඇති බව වටවල පොලිසිය පවසනවා. මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ එම වතුයායේ ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා ලෙස කටයුතු කළ අනවකි රිටෝ අමින් නමැති 45 හැවිරිදි අයෙකි. ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා අද(25) උදෑසන සේවයට වාර්තා කිරීම සඳහා අවදි නොවීම නිසා එම නිල නිවසේ සේවයේ නියුතු කෝකියා සහකාර වතු අධිකාරිවරයාගේ නිදන කාමරයට ගොස් පරීක්‍ෂා කර බලා තිබෙනවා. එහි සහකාර වතු අධිකාරිවරයා වැටී කතා නොකර සිටීම හේතුවෙන් කෝකියා විසින් නිල නිවාසයේ මුරකරු දැනුවත් කර එම වතු යායේ වතු අධිකාරිවරයා මගින් වටවල පොලිසිය දැනුවත්…

තව කියවන්​න

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුවරසන්කුලම්, තාරේකුලම් ප්‍රදේශයේදී සැකකරු අතඅ්ඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ. අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් පමණ වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොරියාවේ රැකියා ලබාදෙන බවට පවසා සැකකරු පුද්ගලයන් 150කගෙන් පමණ රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය සහ විහ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීප් රථයක්, ඉඩමකට අදාළ ඇටෝනි බලපත්‍රයක් හා ජංගම දුරකථන දෙක්කස…

තව කියවන්​න

පයාගල වෙරළ තීරයේ දියනෑමට ගොස් සිටි සිසුන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. ගල්පාත සහ පානදුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 15ක් පමණ වන වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි පයාගල පොලිසිය පවසන්නේ. සිසුන් දෙදෙනා උපකාරක පන්ති යන බවට දෙමාපියන්ට පවසා මුහුදේ දියනෑමට ගොස් තිබෙනවා. එහිදී මෙම අනතුර සිදුව ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. අතුරුදන් වූ සිසුන් සොයා පයාගල පොලිසිය මෙහෙයුම් සිදු කරනු ලබනවා.

තව කියවන්​න

වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ සිද්ධීන් දෙකකට අදාළව සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අගෝස්තු මස 03 වනා ගන්දර, කපුගම ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමට සහ අගෝස්තු මස 24 වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන්වලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අනුබල දුන් බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙක් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19…

තව කියවන්​න

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම් හලකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(25) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් සිදුව නැති බවද පොලිසිය කියා සිටියා. ලැඟුම් හලේ නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා වෙඩික්කරුවන් යතුරු පැදියකින් පැමිණ ඇති බවත් වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න
අද දවසේ කාලගුණ තත්ත්වය

ඌව සහ නැගෙනහිර පළාත්වල සහ නැගෙනහිර පළාත්වලත් මුලතියෝ දිස්ත්‍රික්කයෙත් පස්වරු දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින වටා මුහුදු ප්‍රදේශය සම්බන්ධයෙන් ඉදිරි පැය 24ක කාලය සඳහා කලගුණ නිවේදනය ද නිකුත් කර තිබෙනවා. වැසි තත්ත්වය දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සුළඟ සුළං බස්නාහිර සිට නිරත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ක් තිස්පහක් පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට…

තව කියවන්​න