Author: Anura Premakumara

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා. හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. එමෙන්ම අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පිට කොන්ද ආශ්‍රිතව සිදු කෙරුණු ශල්‍යකර්මයක් නිසා පසුගිය මාස කිහිපයේ දී ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොමැති බැවින් මෙම තරගාවලිය සදහා ද නම් කර නැහැ. ඒ අනුව ඔහුගේ ස්ථානය වෙනුවෙන් මෙතෙක් එක් එක්දින ජාත්‍යන්තර තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති කායිස් අහ්මඩ් සංචිතයට නම් කර තිබෙනවා. මේ අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර…

තව කියවන්​න

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත අද සිට පියවර කිහිපයක් යටතේ වසා තැබෙන බව පොලීසිය පවසනවා. ඒ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් එම මාර්ග ආශ්‍රිතව භූගත නළ එලීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන්. මෙහිදී අද සිට එළඹෙන 19 වැනිදා දක්වා උත්තරානන්ද මාවතේ නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබීමට නියමිතයි. එමෙන්ම පෙබරවාරි 20 වනදා සිට මාර්තු 04 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවතේ පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටස වසා තැබීමට නියමිතයි. එහි තුන්වන අදියර යටතේ මාර්තු මස 05 වනදා සිට මාර්තු 11 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවත පෙරහැර මාවත ආශ්‍රිතව…

තව කියවන්​න

කාන්තාවන් බලගන්වමින් නව බලයක් ගොඩ නගන බව ජාතික ජනබලවේගය පවසනවා. සිය පක්ෂයේ ජයක්ග්‍රහණය කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවයි එම පක්ෂයේ විධායක කාරකසභික ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ. මේ අතර අද දින උරුමය‘ ජාතික වැඩසටහන ඔස්සේ සිදු කිරීමට යන ඔප්පු ප්‍රධානය පිළිබදව ද ඒ මහතා මෙලෙස අදහස් පලකලා.

තව කියවන්​න

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන උරුමය ජාතික වැඩසටහන අද සිට ආරම්භ කරන බව ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එහි ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන බවයි. මේ යටතේ අද දිනයේදී ඉඩම් ඔප්පු 12,000ක් පමණ ප්‍රදානය කිරීමට නියමිත අතර ලබන 15 වනදායින් පසුව පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මේ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නැවත ක්‍රීඩාවලට ලබාදීමද මෙහිදී සිදු කිරීමට නියමිතයි.

තව කියවන්​න

පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා අද  සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු  මහතා පවසනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් ලෙස තිබිය යුතු බවයි. ඉන් අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13යි දශම බිංදුවයි පහක් ලෙස අදාල ගැසට් නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම පාන් ගෙඩියක බර ග්‍රෑම් 225ක් වියයුතු අතර අඩුවිය හැකි ප්‍රමාණය ග්‍රෑම් 09ක් බව එහි සදහන්.

තව කියවන්​න

විධායක බලතල භාවිත කරමින් කුමන  අතපෙවීමක් සිදු කළද අධිකරණය ස්වාධීනව කටයුතු කලයුතු බව  විපක්ෂනායක සජිත් ප්‍රමදාස මහතා පවසනවා . ඒ  සදහා විපක්ෂයේ සහය ලබාදෙන බවද ඒ  මහතා කියාසිටියා .

තව කියවන්​න
Hulandawa Bridge

ඇඹිලිපිටියේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දක්වා මාර්ගයේ ඇඹිලිපිටිය නවනගරයට ආසන්නයේ පිහිටා ඇති හුලංදා ඔය හරහා වැටී ඇති පාලම කඩා වැටී තිබෙනවා. වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ අද අලුයම් කාලයේදී පාලම මතින් කොටන් පැටවූ ලොරියක් ධාවනය වෙමින් තිබියදී එයද සමගින් පාලම කඩා වැටී ඇති බවයි. පාලම කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් ලොරියේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා. ඒ අනුව ඇඹිලිපිටිය – මිද්දෙණිය, තෝරකෝලයාය හරහා මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඊයේ ගැටුමක් ඇතිව තිබෙනවා. මෙම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ එහි රැඳවියන් පිරිසක් සහ සෙබළෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඊයේ අලුයම පළාගිය රැඳවියන් පිරිසක් විසින් සෝමාවතිය වන්දනාවේ පැමිණි බස් රථයක් පැහැරගැනීමට උත්සාහ දැරීම සහ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් පනස් දහසක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් පැහැරගෙන ගොස් ඇති බවද වාර්තා වනවා. මෙම සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට රැඳවියන් 34 දෙනෙකු වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ඖෂධීය වගාවක් ලෙස කංසා වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබාගැනීමේ කැබිනට් පත්‍රිකාව අද දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී අපනයනය සඳහා පමණක් ඖෂධීය කංසා වගා කිරීම නීතිගත කිරීමට නියමිතයි. ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා පමණක් මෙම අපනයනය සිදු කරන බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසන්නේ

තව කියවන්​න

දීර්ඝ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් සහ රජයේ අනුමැත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අද දිනයේදී ආරම්භ කෙරෙනවා. තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි පළමු වනදා ආරම්භවීමට නියමිතව තිබුණද එදින උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීම හේතුවෙන් පාසල් ආරම්භය අද දිනය දක්වා කල් දැමුණා. 2023 වර්ෂයේ උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වනදා පාසල් නිවාඩුව ආරම්භ වූවා.

තව කියවන්​න