Author: Anura Premakumara

සංචාරක ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වූවා. තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී ලකුණු 56ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 7.2කදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුවා. දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක නොදැවී පන්දුවට පහර දෙමින් පිළිවෙළින් ලකුණු 32ක් සහ 22ක් ලබාගැනීමට සමත් වූවා. තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේදී ප්‍රබල ස්ථානයක පසු වූ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු හයක් ලකුණු 52කට දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ සමත් වුණා. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු…

තව කියවන්​න

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුව තිබෙනවා. මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ. එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන ඇති බවද වාර්තා වනවා.

තව කියවන්​න

නිදහස ලබා අවුරුදු 76 ක් ගත වුවද මෙරට පාලකයන්ගේ ක්‍රියා හමුවේ රට සියගුණයකින් පහළට ඇදවැටී ඇති බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසනවා. නිදහස් දින සැමරුම් උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.

තව කියවන්​න

2003 වර්ෂයේදී ළමුන්ට සහ කාන්තාවන්ට වූ හිංසන සිද්ධීන් 14,637 ක් වාර්තා වී ඇති බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය නිකුත් කළ දත්ත අනුව අනාවරණය වනවා. මෙහිදි 2023 වර්ෂයේදී ළමා ග්‍රහණ අපරාධ 3074 ක් සහ ළමා සු`ඵ වැරදි 3224 ක් වාර්තා වී ඇති බවයි එහි සදහන් වන්නේ. එමෙන්ම කාන්තා ග්‍රහණ අපරාධ 642 ක් සහ කාන්තා සු`ඵ වැරදි 7697 ක් පසුගිය 2023 වර්ෂයේදී වාර්තා වී තිබෙනවා.

තව කියවන්​න

2023-2024 මහ කන්නයේ වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සදහා ඊයේ දිනය වන විට රුපියල් බිලියන 9.6 ක් ගොවි ජනතාව වෙත ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව මහ කන්නයේ වී වගාව හා ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සදහා ගොවි ජනතාවගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට පියවර ගත් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ. ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් ගොවි ජනතාව සදහා රුපියල් මිලියන 1.2 ක මුදලක් ලබා දීමට ද රජය පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින ඊයේ උදෑසන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහු බෙලිඅත්ත පොලීසිය වෙත භාර දී ඇති බවයි පොලිසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

තව කියවන්​න

දිවයින පුරා පසුගිය පැය 24 තුළ සිදුකළ යුක්තිය මෙහෙයුමෙන් පුද්ගලයන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයන් 559 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 108 ක් සිටින බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ. මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 03 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා. මීට අමතරව අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකුද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් ස‘දහන් කළේ.

තව කියවන්​න

ගසක් කඩා වැටීම හේතුවෙන් වයස අවුරුදු පහක පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්පොල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක තිබූ ගසක් කඩා වැටීමෙන් එම පාසලේ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වී නිව්ස් වාර්තාකරු පවසන්නේනේ. ගස කඩා වැටීම හේතුවෙන් තවත් සිසුන් තිදෙනෙක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

තව කියවන්​න

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුලු පිරිසක් නවදිල්ලි අගනුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. අද අලුයම පිටත්ව ගිය මෙම පිරිසට ජාතික ජනබලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළත්. මෙම පිරිස හෙට දිනයේදී නිල හමුවක් සිදුකිරීමට ද නියමිතයි.

තව කියවන්​න

චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 99 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව චිලී රාජ්‍ය තුළ හදීසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ජනාධිපති ගේබි්‍රයෙල් බෝරික් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ලැව් ගින්න චිලි රාජ්‍යයෙන් වාර්තා වූ මාරාන්තිකම ලැව් ගින්න ලෙස සැලකෙන අතර, ලැව් ගින්න හේතුවෙන් තවත් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. මේ අතර ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට චිලි රාජ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න