- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Anura Premakumara
උපාධිධාරී ගුරුවරුන් 5500 ක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් ගණිතය විද්‍යාව විදෙස් භාෂා සහ තාක්ෂණවේදය යන විෂයන් සඳහා මෙලෙස අලුතින් ගුරුවරුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. මෙවර උසස්පෙළ උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා උත්තරපත්‍ර පරීක්ෂකවරුන් රුපියල් දෙදහසේ දීමනාව පිළිබඳ ගැටලුවක් හේතුවෙන් දින කිහිපයක ප්‍රමාදයක් වූ බවත් උත්තර පත්‍ර පරික්ෂකවරුන්ට රුපියල් දෙදහසේ දීමනාව ගෙවීම ඊයේ (05) අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ වව්නියාව මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල අධ්‍යාපනය නිලධාරීන් සඳහා වව්නියාවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන අයගේ සහභාගීත්වයෙන් වව්නියාව සංස්කෘතික ශාලාවේදී මෙම වැඩසටහන අද…
අවිස්සාවේල්ල, මාදොළ ප්‍රදේශයේ යකඩ බඩු එක්රැස් කරන ස්ථානයක සිදු වූ හදිසි පිපිරීමකින් එහි සේවකයෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව අවිස්සාවේල්ල් පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පවසන්නේ. මියගිය පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමගින් යකඩ බඩු ගොඩ ගසමින් සිටින අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව ඇති බවට අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ. පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ ස්ථාන පරීක්සක නිලදාරීන් කැඳවා ඇති අතර රජයේ රස පරික්ෂක නිලධාරීන්ද කැඳවීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. මියගිය පුද්ගලයාගේ මෘත දේහය අවිස්සාවේල්ල් ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල…
අරගලය පැවැති සමයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉංග්‍රීසි ගුරුවරයා ඇපමත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කර තිබෙනවා. අදාළ නියෝගයේ දැක්වෙන්නේ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත සැකකරු මුදා හරින ලෙසයි. මෙලෙස ඇපමත මුදා හරින ලද්දේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරයකු බව කියන ජේ.එම්. විමලරත්න නමැති අයෙකි. එසේම මහේස්ත්‍රාත්වරයා එහිදී ඔහුට අවවාද කරමින් කියා සිටියේ අදාළ පැමිණිල්ල යළි කැඳවන අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි. වසරකුත් මාස හතකට පසු අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලද්දේ 2022 ජුලි 9 වනදා…
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඊට පෙර අදාළ මැතිවරණ නීති සදහා වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර ඇත්තේ. මෙම වසර සඳහා මැතිවරණ පැවැත්වීමට රුපියල් බිලියන 10 ක් වෙන්කර ඇති අතර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට අදාළ වියදම් එම ප්‍රතිපාදනය තුළ කළමනාකරණය කරගැනීමට සිදුවන බවටයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
යුකෙලෙප්ස්ටික් ගසක අත්තක් කඩා වැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් පෙබරවාරි 03 දින ජිවිතක්ෂයට පත් අවු 14 හැවිරිදි පාසල් සිසුවාගේ අවසන් කටයුතු අද(06) දින නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්ටන් වත්ත පොදු සුසාන භුමියේදි සිදු කෙරුණා. මෙලෙස ගසක අත්තක් කඩා වැටිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම වතුයායේ මැද කොටසේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි මුරුගන් අසාන්ත් නැමති සිසුවෙකි. මියගිය සිසුවා ඉකුත් 03 දින දහවල් 12.30 ට පමණ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග සිය නිවසේ සිට අතුරු මාර්ගයක් ඔස්සේ නොර්වුඩ් නගරයට ගමන් කරමින් සිටියදි යුකෙලෙප්ස්ටික් ගසක එල්ලි තිබු අත්තක් එක වරම…
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා නවා. අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ඉල්ලා අස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියද ලබාදී ඇති බවයි. ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයාගේ යටතේම තබා ගැනීමටද පියවර ගෙන තිබෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් මිලදී ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත පසුගිය 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා. එලෙස අත්අඩංගුවට ගත් අමාත්‍යවරයා මාළිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි…
තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය පවසා තිබෙනවා. ඒ් අනුව චාල්ස් රජු ඊයේ දිනයේ සිට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති අතර ඒ් හේතුවෙන් මහජන රාජකාරී කටයුතු කල් දැමීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මේවනතෙක් චාල්ස් රජුගේ පිළිකාව කුමන වර්ගයේ පිළිකාවක්ද යන්න අනාවරණ වී නොමැති බවද වාර්තා වනවා. රාජ්‍ය නායකයාට නිල රාජකාරී ඉටු කිරීමට නොහැකි අවස්ථාවන්හිදී ව්‍යවස්ථාමය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව එවන් අවස්ථාවන්හිදී රජු වෙනුනුවට පෙනී සිටීමට රාජ්‍ය උපදේශකයින් පත්කිරීමේ හැකියාවද පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද දිනයේදී වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි ඒම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව දඟ පන්දු පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු පළමු පෙළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රෙග් හෝවර්ඩ් පත් කර තිබෙනවා. ක්‍රෙග් හෝවාඩ් වික්ටෝරියානු ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයෙක්. මින් පෙර මෙම තනතුරේ කටයුතු කරනු ලැබුවේ පියල් විජේතුංග මහතායි. 1993-1996 කාල සීමාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි හෝවාඩ් ක්‍රීඩා කර ඇත්තේ තරග 16ක් වීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙසින් හෝවාඩ් පත් වීම ලබාගැනීමට පෙර නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇති බවට වාර්තා වනවා. මේ අතර ක්‍රෙග් හෝවඩ් මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණි ඇති බවටයි වාර්තා වන්නේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන…
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ රියදුරුවරයා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී අධිකරණය නියෝග කර තිබෙන්නේ රියදුරු ලක්ෂ පහක ශරීර ඇපයක් මත නිදහස් කරනු ලබන බවයි. ඉකුත් ජනවාරි 25 වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ හදිසි අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත්වූවා. අමාත්‍යවරයා ගමන් කරමින් සිටි වාහනය අධිවේගී මාර්ගයේ කදාන පොලිස් බලප්‍රදේශයේදී කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූවා. අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයා සමග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙක්ද ජීවිතක්ෂයට පත්වූවා. අනතුරින් තුවාල ලැබූ රියදුරු රෝහල්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222