Author: Anura Premakumara

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු නීතිඥවරයෙකු මාර්ගයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අකුරැස්ස, ඉඹුල්ගොඩ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ. ඔහු ඝාතනය සදහා යොදාගත් ගිනිඅවිය කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය මිත්තණියගේ නිවසේ සඟවා තබා පසුව එම ගිනි අවිය කඹුරුපිටියේ සිට ගාල්ල කරාපිටිය ප්‍රදේශයට රැගෙන යාමට සහය වූ සැකකරුවෙකු බවටයි පොලිසිය පවසන්නේ. සැකකරු අද දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ලබන 20 වැනිදා මහනුවරදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති සන්ධානය පවසනවා. එම සංගමයේ කැඳවුම්කරු ජෝෂප් ස්ටාර්ලින් මහතා පවසන්නේ වර්තමානයේදී ආහාර, ප්‍රවාහන ඇතුළු සියල්ලෙහි මිල ඉහල ගොස් ඇති අතර ගුරු විදුහල්පති වැටුප් පමණක් ඉහල ගොස් නැති බවයි. කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පලකළා.

තව කියවන්​න

ලෙලි කජු මෙටි්‍රක් ටොන් 15,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් 25,000ක් පමණ වන අතර, කෙසේ වෙතත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙටි්‍රක් ටොන් 12,500ක් බවයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ. එබැවින් මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක තත්වයක් මතුව ඇති බව සඳහන්. ඒ අනුව ඉදිරි වසර හතරක කාලයේදී දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවේදී ලෙලි කජු ආනයනය කිරීමටත් මෙම වර්ෂය සඳහා උපරිම වශයෙන් ලෙලි කජු මෙටි්‍රක් ටොන් 15,000ක් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතියද…

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝෂනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව ඊයේ රැස් වූ අවස්ථාවේදීයි. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි  නිසි වෙලාවේදී හඳුන්වාදීමක් සිදුකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ දේශපාලනික ඕපාදුප නොව රට ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රට හමුවේ තැබීමට සියලු පක්ෂ කටයුතු කළ යුතු බවයි. මේ අතර ඊයේ මහනුවරදී මාධ්‍ය අමතමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන්  කලේ  එළඹෙන මැතිවරණයේදී පුළුල් දේශපාලන සන්ධානයක්  ගොඩනැගීමට කටයුතු කරන බවයි.

තව කියවන්​න

දිවයින පුරා දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් අද දිනයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙම වර්ජන ක්‍රියාමාර්ගය සදහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් මෙන්ම සිවිල් සංවිධාන රැසක් ද එක් වීමට නියමිතයි. විදුලි බල මණ්ඩලය විකිනීමට අදාළ යෝජනාවට විරෝධය පල කරමින් ප්‍රධාන වශයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළා.

තව කියවන්​න

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය ජනවාරි මස 26 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සිදු කරනු ලැබුවා. ඒ අනුව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය හෙට සහ අනිද්දා යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි. කෙසේවෙතත් මෙවර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ඉතා අඩු වියදමෙන් සරල සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා…

තව කියවන්​න

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සදහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2022 වසරේ නොවැම්බර් මස 14 වන දා අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපතිවරයා සහ වෘත්තීය සමිති සන්ධානය අතර පැවැති සාකච්ඡාවල පළමු පියවර සාර්ථික වූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානායේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා. වෛද්‍ය වෘත්තිකයන්ට වැඩි කරන ලද ඩැට් (DAT) දීමනාවට සාපේක්ෂව අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා දීමනා ලබාගැනීම අරමුණු කර ගනිමින් වර්ජනයක නිරත වූවා. ජනාධිපතිවරයා සහ වෘත්තීය සමිති සන්ධානය අතර සාකච්ඡාව අද පස්වරුවේ පවත්වා තිබෙනවා. එහිදී ව්‍යුහාත්මක විසඳුමක් සඳහා පත් කළ නිල කමිටුව එළැඹෙන සඳුදා දිනයේදී රැස්වීමට නියමිතයි. වර්ජනය එළැඹෙන අඟහරුවාදා දිනය තෙක් තාවකාලිකව අත්හිටුවන බවත් හෙතෙම කියා සිටියා.

තව කියවන්​න

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැඳවියෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද(06) මියගොස් තිබෙනවා. ත්‍රිකුණාමලය පොලිසිය පැවසුවේ රැඳවියන් දෙදෙනෙකු අතර පසුගිය 2 වනදා ඇති වූ ගැටුමක් හේතුවෙන් එක් රැඳවියෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි බවයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ ත්‍රීකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෙබරවාරි මස 2 වනදා සිදු වූ පහරදීමකින් හිසට සිදු වූ ප්‍රහාර හේතුවෙන් තුවාලකරු ත්‍රීකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒ්කකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

තව කියවන්​න