Author: Anura Premakumara

පිටිගල, ගුරුවෙල ප්‍රදේශයේදී වෙළඳ සැලක් අසලදී ඊයේ රාත්‍රී කාලයේ සිදු කළ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙම වෙඩි තැබීමෙන් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් තුවාල ලබා ගල්ළිඳ ප්‍රාදේශීය රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙම වෙඩිතැබීම සඳහ ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුරය විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී වෙළදසැලක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ මෙම වෙඩිතැබීමෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කළ බවයි පොලීසිය සඳහන් කළේ. මෙම වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයේ අම්බලංගොඩ පොලීසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

හයිටියේ අගනුවර කල්ලි ප්‍රචන්ඩත්වය ඉහළ යෑම හේතුවෙන් එහි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් නැවත අමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් අමෙරිකානු සොල්දාදුවන් හයිටි ආරක්ෂාව තර කිරීමටද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර දින තුනක කාලයක් සඳහා පනවනු ලැබූ හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමට හයිටි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

බංග්ලාදේශ පිතිකරු තව්හිද් හ්රිදෝයිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කිරීමක් සිදු කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාව සමග සිල්හෙට් හී දී පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්. ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි හැසිරීම් ප්‍රදර්ශනය කිරීම තුළින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.20 වගන්තිය උල්ලංඝනය කරමින් ඔහු පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවයි අයි.සී.සීය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ. ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩ මුදලක් නියම කර ඇති අතර, ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කර තිබෙනවා. බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී ඔහු පළමු පන්දුවෙන්ම දැවී…

තව කියවන්​න

වී මිලදී ගැනීමේ කටයුතු අද දිනයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් නොලැබුණහොත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඒ සඳහා මුදල් යොදවන බවයි අමාත්‍යවරයා පවසන්නේ. මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළකල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා.

තව කියවන්​න

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා . මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර තිබෙනවා . ඔවුන් පවසන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ නිරත සියයට 40කට ආසන්න කාන්තාවන් ඉන් අපහසුතාවයට පත්ව ඇති අතර ඒ අතර ගැබිණි මව්වරුන්ද සිටින බවයි . විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් තැපැල් මළු ගොඩනැගිල්ල තුළ එහා මෙහා ගෙනයාමට සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව ද සදහන් .

තව කියවන්​න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ. ඒ අනුව ඊට සහභාගී වන ලෙස විපක්ෂයේ පක්ෂ නායකයින් දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී නොවීමට පක්ෂ කිහිපයක් තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡාවට සහභාගී නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ලිපියක් මඟින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දීමටයි කටයුතු කරනු ලැබුවේ. මේ අතර ජාතික ජන බලවේගයද අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළා. මේ අතර…

තව කියවන්​න

96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී පූර් තින්ග් චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන් හොඳම නිලිය සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඕපන්හෙයිමර් චිත්‍රපයේ රඟපෑ කිලියන් මර්ෆි හොඳම නළුවා සම්මානය දිනා ගැනීමටයි සමත් වුණේ. එහිදී හොඳම සහාය නිළිය ලෙස ඩ වයින් ජෝ රැන්ඩොල්ෆ් ද හෝල්ඩ්ඕවර්ස් චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා. හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනා ගත්තේ ඕපන්හෙයිමර් චිත්‍රපයේ රඟපෑ රොබට් ඩව්නි ජූනියර් විසින්.

තව කියවන්​න

සමගි ජන බලවේගය අද වන විට සට්ටම්බි රාළට සහ ගොඩ පෙරකදෝරුවෙකුට යටවී තිබෙනවා බව එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂය ඊයේ කුලියාපිටියේදී සංවිධානය කර තිබූ සැබෑව ජන රැළියට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. මේ අතර මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් ගොඩනැගීමට නව වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරමින් පවතින බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා එම රැළියට එක්වෙමින් සඳහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනක් සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙලෙස සමගි ජන බලවේගය සමග එක්ව ඇත්තේ ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා යන මහත්වරුන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණි සිල්වා යන මහත්වරුන් සමගි ජනබලවේගය සමග මෙලෙස එක්ව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදීයි.

තව කියවන්​න