- වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් රජය මිලදී ගනී
- වීසා නොමැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ
- ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට
- පද්මෙගේ වලදැමූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගනී
- මීගමුවේ නිවසකට සහ පානදුරේ වෙළෙඳ සැලකට වෙඩි ප්‍රහාර
- උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය සම්බන්ධයෙන්අණාවරණයක්
- ප්‍රදේශ කිහිපයකට වැසි
Author: Anura Premakumara
ආනයනික තවත් බිත්තර මිලියනයක් සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ති බෙනවා. මෙම බිත්තර තොගයද ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවා වනවා. අදාළ බිත්තර තොගය බේකරි නිෂ්පාදකයින්ට සහ මහා පරිමාණ හෝටල් සඳහා නිකුත් කිරීම ආරබ්ඹ කළ බවයි රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව පවසන්නේ. ශ්‍රී ලංකාව තුළ පවතින බිත්තර හිඟයට පිළියමක් ලෙසට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පසුගියදා හිමි වූවා. ඒ අනුව මෙරටට ගෙන්වන වන තෙවන බිත්තර තොගය මෙය වනවා.
කාත්තන්කුඩිය පොලිසියේ සේවය කරන සැරයන්වරියකට ඇයගේ නිරුවත් විඩියෝ දර්ශන වට්ස්ඇප් හරහා යොමු කරමින් තර්ජනය කර ඇති කහවත්ත පොලිස් ස්තානයේ සේවයේ නිරත සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට මඩකලපුව කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන වැළැක්විමේ කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කාත්තන්කුඩිය පොලිසියේ සේවයේ නිරතව සිටින සැරයන්වරිය විසින් පසුගිය 9 වැනිදා සවස කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා. මෙම සැරයන්විරිය ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයට පවසා ඇත්තේ තමන් මෙම සැරයන්වරයා සමග කලක් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවයි. ඒ එම සැරයන්වරයා කාත්තන්කුඩියේ සේවයේ නිරතව සිටියේ කාලයේදීයි. ඇය පවසනුයේ සැරයන්වරයා ස්ථාන මාරුවක් ලැබ කහවත්තට ගිය පසු දෙදෙනා අතර ඇති සම්බන්ධය බිඳවැටුණු බවයි. එය…
යතුරු පැදියට තබා පෙම්වතාට මාංචු දමා ඔහුගේ 18 හැවිරිදි පෙම්වතිය බව කියන තරුණියක අසල තිබූ කැලෑවකට ඇදගෙන ගොස් සම්පූර්ණයෙන්ම නිරුවත් කොට ලිංගික අතවරයක් සිදු කර ඇයගේ නිරුවත ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කිරීමට උත්සාහ කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් පින්නවල පොලිසිය විසින් අප්‍රේල් මස 8 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා හම්බෙගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන 38 හැවිරිදි විවාවහක අයෙක් බවත් සැකකරු හම්බෙගමුව කොටවෙහෙර මංකඩ දිවුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වනවා. පින්නවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඇයගේ පෙම්වතිය බව කියන 18 හැවිරිදි තරුණිය සමග සමනළවැව වේල්ල ප්‍රදේශයට සිරි නැරඹීමට යතුරු පැදියකින් පැමිණ තිබෙනවා. පෙම්වතුන් යුවළ සිරි නරඹමින් සිටින…
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත් යොමු කර ඇති පිරිස් වෙත විශේෂ නිවේදනයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය මහතාගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අප්‍රේල් මස 12 වන දිනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත් ලබාගැනීමට වේලාවන් ලබාදී ඇති සියලු අයදුම්කරුවන් එදින මධ්‍යහ්න 12ට පෙර පැමිණිය යුතු බවයි. ඒ අනුව මධ්‍යහ්න 12ට පෙර අදාළ අයදුම්පත් ආගමන හා විගමන දොපර්තමේන්තුව වෙත භාරදෙන ලෙසටද මහජනතාව දැනුවත් කර තිබෙනවා. ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.
මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම අලෙවියට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවස්නේ බඩඉරිඟුවල හිඟයක් දැනට රට තුළ පවතින බැවින් නැවත බඩඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි. බඩඉරිඟු මිල ඉහළ යනු ඇති බවට අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩඉරිඟු තොග ගබඩා කර තබාගැනීමට කටයුතු කළත්, බඩඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යා හැකි බවද කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම නිසා දැනට බඩ ඉරිඟු සඳහා හොඳ මිලක් ලැබෙන බැවින් ගොවි ජනතාව සතුව පවතින බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222