Author: Anura Premakumara

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පදිංචිව සිටින බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට ඊයේ රාත්‍රියේ ලොරි රථයක් කඩා වැදී තිබෙනවා. ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම ලොරි රථය මන්ත්‍රීවරයාගේ නිවසට ඉහළින් ඇති මාර්ගයේ නවතා තබා තිබියදී එකවර නිවස දෙසට ධාවනය වී ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක අවශ්‍යතාව ද පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මාතලේ බෞද්ධ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකා මහබැංකු පනත සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. එම කෙටුම්පත මෙම සතියේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට ලබා දෙන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. මෙම කෙටුම්පතේ ප්‍රධාන කරුණු දෙකක් ඇතුලත් බවද මන්ත්‍රීවරයා මෙලෙස පැහැදිලි කළා.

තව කියවන්​න

ඉන්දීය රජය මුස්ලීම් විරෝධී පුරවැසි සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය විසින් 2019 වසරේදී මෙම මතභේදාත්මක නීතිය සම්මත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම පනත හරහා ඉන්දියාවේ අසල්වැසි රටවලින් පැමිණෙන මුස්ලීම් නොවන සරණාගතයින්ට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීමට කටයුතු කර තිබෙනවා. පනත සම්මත කළ අවස්ථාවේදී රට පුරා මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජයට විරෝධය පළ කිරීමට එරට පුරවැසියන් කටයුතු කළා.

තව කියවන්​න

ඕස්ටේ‍රලියා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ දී තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙහි දී මාර්තු සහ අප්‍රේල් මාසවල ශ්‍රී ලංකාව, ඕස්ටේ‍රලියාව සහ එංගලන්තය සහභාගීත්වයෙන් එක්දින සහ විස්සයි විස්ස යන තරග රටා දෙකෙන්ම තරගාවලි පැවැත්වීමටයි සැලසුම් ඇත්තේ. මෙම තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. විස්සයි විස්ස තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම තරග හතරක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එක්දින තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙම තරග අවසානයේ ඉහළම ලකුණු ලබාගන්නා කණ්ඩායම් තරගාවලි ජයග්‍රාහකයින් ලෙස නම් කිරීමට කටයුතු යොදා තිබෙනවා. 19න්…

තව කියවන්​න

රාමසාන් උපවාස මාසය අද සිට ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා. නව සඳ ඊයේ දිනයේදී දර්ශනය වූ බැවින් අද දිනයේ සිට රාමසාන් උපවාස මාසය ආරම්භ කරන බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් සඳහන් කළේ. දින 30 ක් හෝ දින 29 ක් මෙම උපවාස කාලය පවතින අතර ශ්‍රි ලංකාව ඇතුළු ලොව බහුතරයක් මුස්ලිම් ප්‍රජාව නව සඳ දැකීමෙන් පසු උපවාස සමය ආරම්භ කරනු ලබනවා.

තව කියවන්​න

ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයාව මොණරාගල, හම්බේගමුව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී සැකකරු අත්තනගල්ල, යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුධය සොයාගැනීම සඳහා ගොස් සිටියදී පොලීසියට වෙඩිතබා පළායාමට උත්සාහ දරා ඇති අතර, එහිදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී පොලිස් නිලධාරියෙක්ද තුවාල ලබා ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

බස්නාහිර, වයඹ, දකුණ සහ සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේදීත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අනුරාධපුර, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලටද මෙම උණුසුම් සහිත කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළා.

තව කියවන්​න

විපක්ෂයේ දේශපාලන පක්ෂ වල මන්ත්‍රීවරුන් ප්‍රශ්න සඳහා විවිධ විසඳුම් ගැන ගැලරියට කතා කලද එය ක්‍රියාවෙන් ඔප්පු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා කැඳවූ සාකච්ඡාවට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ නියෝජනය නොකිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

තව කියවන්​න

දිවයිනේ තෝරාගත් රෝහල් 17 ක් ඉදිරිපිට අද දිනයේදී උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. මේ අනුව අද දහවල් 12 සිට 2 දක්වා මෙම උද්ඝෝෂණ මාලාව පැවැත්වෙන බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සදහන් කළේ. සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යාමේදී ඊට බාධා කරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනීමට විරෝධය පළකරමින් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක බවයි රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න