- තංගල්ලෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා බවට සැක රසායන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
- බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි
- ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
- ප්‍රදේශ කිහිපයකට වැසි
- පූර්ණ චන්ද්‍රගහණය අද රාත්‍රියේ
- පොහොට්ටුවේ චෝදනාකරුට අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න
- එජාප – සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක්
- රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
Author: Anura Premakumara
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අතරින් සමස්ත තරගාවලියේ 51 වන තරගය මෙරට වේලාවෙන් පස්වරු 03.30 ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් අතරයි. ගුජරාට් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන අතර ලක්නව් කණ්ඩායම එහි තුන්වන ස්ථානයේ පසු වනවා. මේ අතර සමස්ත තරගාවලියේ 52 වන තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7 .30 ට ආරම්භ වනවා. එම තරගය පැවැත්වෙන්නේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි. මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානය රාජස්තාන් කණ්ඩායමට හිමිව ඇති අතර හයිද්‍රාබාද් කණ්ඩායමට එම…
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩලාස් නගරයේ වෙළද සංකීර්ණයකදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. නාදුනන තුවක්කරුවෙකු විසින් වෙළද සංකීර්ණයේ සිටි පුද්ගලයින්ට වෙඩි තබා තිබෙනවා. තුවක්කරු ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවති කැලඹිලි ස්වභාවය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින කිහිපය තුළ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ පිළිබද නිකුත් කරන නිවේදන පිළිබද සිය අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. මේ අතර ඇද හැගෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම ඉහළගොස් තිබෙනවා. මේ ඒ පිළිබද පැහැදිලි කරන වාරිමාර්ග අධ්‍යක්ෂ , ජල විද්‍යා සහ ආපදා කළමණාකරණ අංශයේ ඉංජිනේරු එස්.පී. සී සුගීෂ්වර මහතා. අවදානම් සහිත…
හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද(07) අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළොන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයාද සනාථ කර සිටියා. රාජපක්ෂ මහතා සමග ඔහුගේ බිරිඳ ද මෙම සංචාරයට එක්ව තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ බිරිඳ ඩුබායි බලා අද(07) අලුයම 05.07ට පමණ පිටත්ව ගොස් තිබෙනවා.
සමගි ජන බලවේගයේ මෙවර වවුනියා දකුණ ප්‍රාදේශීය සභා අපේක්ෂක හා වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කසුන් සුමතිපාල මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වවුනියාව පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් පිරිසක් අද(06) එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මහතා වවුනියාව දිස්ත්‍රික්කයේ සිදුකළ සංචාරයේදී අදාළ පිරිස එක්සත් ජාතික පක්ෂ නායකයාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එක්ව තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමරත්න සුමතිපාල මහතාද එහිදි එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහයෝගය දැක්විය යුතු බව සඳහන් කළා. වැඩසටහනට එක්වු පාලිත රංගේ බංඩාර මහතා පැවසුවේ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් රට ගොඩ නැංවීමට ගෙන යන වැඩපිළිවෙල වෙනුවෙන්…
2022-2023 වර්ෂය සඳහා පැවැත් වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් කියා සිටියා. ශ්‍රි පාද වන්දනා වාරය අවසන්වීමත් සමග ශ්‍රි පාද උඩමළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජමාවත ඔස්සෙත්, කුරුවිට එරත්න මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය ලක්ෂපාන කළුගල අවිස්සාවේල්ල රත්නපුර යන මාර්ග ඔස්සේ වැඩම කිරීම අද (06) දින සිදු කෙරුණා. ශ්‍රි පාද උඩමළුවේ සිට…
වසර හතරකට පෙර සිදු වූ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවෙකු වූ ලුක්බාන් නලිබ් හෙවත් අබු අබ්දුල්ලා නමැති අල්කයිඩ් ත්‍රස්තයා බවට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඔස්ට්‍රේලියානු බුද්ධි අංශය සහ ඒරට වික්ටෝරියා පොලිසිය ශ්‍රී ලංකාවේ පොලිසියට සනාත කර ඇතැයි වාර්තා වනවා. අබු අබ්දුල්ලා යනු අල්කයිඩා සංවිධානය ලබාදුන් නාමයයි. මොහුගේ ශ්‍රී ලාංකික සහකරුවා මොහොමඩ් හක් බව ඔස්ට්‍රේලියානු පොලිසිය දැනුම්දීමෙන් පසු කොළඹ ත්‍රස්ත මර්දන ඒ්කකය ඳරැවුම් භාරයේ සිටි මොහොමඩ් හක්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. මොහොමඩ් හක් බූස්ස සිරගෙදර ඳරවා සිටි අතර ඔහු ඒ් බව පිළිගෙන ඇත. ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් ඒල්ල කිරීම ඳසහා 2018 දී අල්කයිඩ් ත්‍රස්තයන් පස් දෙනෙකු පූජකයන් වශයෙන් ශ්‍රී…
උතුර, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වනවා. ජනාධිපතිවරයෙකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත්වූ විට ආණ්ඩුකාරවරුන් ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ. එසේම අගමැති ඉවත් වූ විට ඇමැති මණ්ඩලය අහෝසිවීමට සමාන බවද ජනාධිපති කාර්යාලය පවසනවා. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවීම හේතුවෙන් ඔවුන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙකේ කාලයක් බලා සිටි බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ. ජනාධිපතිවරයා මෙරටට පැමිණිමෙන් පසුව එලෙස ඉල්ලා අස්වන ආණ්ඩුකාරවරුන් වෙනුවට නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිතයි.
අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමෙන් ලබා රෝහල් ගත කිරීමේ පුවතක් ත්‍රීකුණාමලයෙන් වාර්තා වනවා. පොලිසිය කියා සිටියේ ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු මෙලෙස ගෙල කපාගෙන ඇති බවයි. චීන වරාය පොලිසිය විසින් සැකකරු ඊයේ(04) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් තිබෙනවා. වරෙන්තුකරුවෙක් වූ සැකකරු එලෙස රැගෙන යන අවස්ථාවේදී අධිකරණ සංකීර්ණය තුළදී ගෙල කපාගෙන තුවාල ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. තුවාල ලැබූ සැකකරු මේ වන විට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසනවා.
ලෝකවාසී මුළුමහත් බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(05) යෙදී තිබෙනවා. බෝසත් චරිතයේ සිදු වූ වැදගත් සිදුවීම් තුන වන සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකදීයි. බුදුරජාණන් වහන්සේ සුමේධ තාපස ආත්ම භවයේදී දීපංකර බුදු වහන්සේගෙන් නියත විවරණ ලබා ඇත්තේද වෙසක් පොහොය දිනයකදීයි. එසේම සිදුහත් කුමාරයා දුටු සතර පෙර නිමිතිවලින් දෙවැන්න වන ලෙඩෙක් දැකීම සිදුව ඇත්තේද වෙසක් පොහෝ දිනක බවයි පතපොතෙහි සඳහන් වන්නේ. බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් පොහෝ දිනකදීයි. ඒ බුදු වහන්සේගේ තුන් වන ලංකාගමනයයි.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222