- දියේ ගිලී අයෙක් මරුට
- මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට
- කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පහක් අත්අඩංගුවට
- කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී
- රේස් ගිය බස් දෙකට ලැබුණු දඬුවම
- රට බීම හලක් මුද්‍රා තබා වසා දැමේ
- ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම හෙට සිට
- අයිස් අමුද්‍රව්‍ය කන්ටේනර් එළියට ආ විදිය – සජිත් අහයි – VIDEO –
Author: Anura Premakumara
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබෙනවා. මෙම ගැටලුව නම් වන විට අධිකරණය හමුවේ ද විභාග වෙමින් පවතිනවා. කෙසේ වෙතත් අධිකරණ තීරණය ලැබෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සදහා මහින්ද අමරවීර හෝ තිලංග සූතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුව සහ ජපානය බලා ඉදිරි දිනකදී පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවීමට නියමිත බවයි වාර්තාවන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආයෝජන අවස්ථා සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සිංගප්පූරු සහ ජපන් නායකයින් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කරනු ඇති. ජනාධිපතිවරයා මේ මස 27 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව ද වාර්තා වනවා
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් හෙට ලෙඩ නිවාඩු දමා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තිරණය කර තිබෙනවා. උසස්වීම්, වැටුප් විෂමතා පවතින ගැටලු ඇතුලු ඉල්ලීම් 09ක් මුල් කරගනිමින් අදාල වර්ජනය සිදුකරන බවයි ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ එකාබද්ධ වෘත්තිය සමිති සංගමයේ ලේකම් සවනතිලක ගජධීර මහතා කියා සිටියේ.
එක්සත් ජනරජ පෙරමුණ’ නම් නව දේශපාලන පක්ෂයක් අද දිනයේ ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට නියමිතව තිබෙනවා . එම පක්ෂය සදහා නායකත්වය ලබා දෙනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතායි . ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩ නගන, කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම්ව රටට ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික, ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, ජාතික සමගිය හා ඒකාග්‍රතාව ලබාදීමත්, අරමුණු කර ගනිමින් මෙම පක්ෂය එලි දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිවේදනය කළා .
හම්බන්තොට සුචි ගම්මානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී 09ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ. වෙඩි තැබීමට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ චීන ජාතිකයෙකු සහ ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් දෙදෙනා යළි රටින් පිටුවහල් කිරිමට සිටියදී මෙරට ප්‍රබල අමාත්‍යවරයකුගේ මැදිහත්වීම මත රට තුළට ඇතුළත් වීමේ පුවතක් කටුනායක ගුවන් තොටුපොළෙන් වාර්තා වනවා. අදාළ විදේශිකයන් තිදෙනා කටුනායක ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සිටි නිසා, ඔවුන් පැමිණි ගුවන් සේවා යානයකින් පිටුවහල් කිරීම සඳහා “රඳවා තබා ගැනීමේ” කුටියක රඳවා තබා තිබෙනවා. ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ලිඛිත ඉල්ලීම මත, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය මහතා විසින් දෙන ලද උපදෙස් මත මොවුන් නිදහස් කර…
උමා ඔය ජල විදුලි බලාගාරයෙන් විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීමට හැකියාව ලැබෙනු ඇති බව උමා ඔය ඉදිකිරීම් සමාගම පවසා තිබෙනවා. බහුකාර්ය වාරිමාර්ග පහසුකම් ඉදිකිරීමේ සමාගමක් වන ෆරාබ් සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාවලිය නිසි පරිදි අවසන් වූ පසු ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක ධාරිතාවක් එකතු වනු ඇති බවයි. කෙසේ වෙතත්, මේ පිලිබඳ තොරතුරු පසුව දැනුම් දීමට නියමිත බවද අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ආරම්භයේ සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා රහසිගතව සිදු කිරීම හේතුවෙන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල අසාර්ථක වීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අනුව රටේ අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගතකිරීමේ උත්සහය පරාජය කිරීම සදහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කරනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුඵ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිදු කළ විරෝධතාවය අතරතුරදී පොලිසිය විසින් මෙම පිරිස ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ. පොලිසිය පවසන්නේ අයුතු ජන රාශියක සාමාජිකයකයන්ව සිටිමින් පොලිස් නිලධාරින්ට පහර දී තුවාල සිදු කිරීම, රාජකාරින්ට බාධා කරමින් කලහකාරී ලෙස හැසීරීම යන චෝදනා යටතේයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙහිදි ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු කිරිබත්ගොඩ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
දකුණු පැසිපික් කලාපයේ රික්ටර් පරිමාණ ඒකකයේ 7.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඒ අනුව ෆීජි, වනුවාටු සහ නිව් කැලිඩෝනියා යන රටවල් සදහා සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මෙම භූ කම්පනය වෙරළේ සිට කිලෝමීටර 38 ක් මුහුද දෙසින් සිදු ව ඇති අතර භූ කම්පනයක සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 1000 ක් ඇතුලත සුනාමි රළ ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222