- පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක්
- ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයා අත්සන් තබයි
- 2 – 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
- සැප්තැම්බර්, අස්වැසුම ප්රතිලාභ දීමනාව අනිද්දා
- ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණයට තීරණයක්
- නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් බිද දමයි
- ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් අත්හිටුවයි
- සම්පත් මනම්පේරිට අයත් මෝටර් රථයක් පොලිස් භාරයට
Author: Anura Premakumara
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475ක් මෙලෙස සොයාගෙන ඇති අතර එහි මුළු වටිනාකම රුපියල් මිලියන 34.75ක් බව සඳහන්. පසුගිය කාලය තුළදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත එලෙස පාර්සල් 10ක් පමණ එවා තිබුණා. එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් පසුගිය 16 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කර තිබූ අතර…
ප්‍රකට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක් හා ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබෙනවා . නිවසේ සිටි ගෘහ සේවිකාව විසින් රන් මුදුවක් සොරාගෙන ගොස් ඇති බවට සුධර්මා නෙත්තිකුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රදේශවාසීන් විසින් මෙම කාන්තාව වැලිකඩ පොලිසියට පසුගිය මැයි මස 11 වැනිදා භාර දී තිබුණා. බදුල්ල ප්‍රදේශයේ පදිංචි එම ගෘහ සේවිකාව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාරදීමෙන් පසු ඇතිවූ වේදනාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා. පසුව එම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුදින මිය ගොස්…
මීළඟ ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එය කොවිඩ් -19 වසංගත තත්ත්වයට වඩා මාරාන්තික විය හැකි බවයි එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වා දෙන්නේ. කොවිඩ් -19 සම්බන්ධයෙන් වූ ගෝලීය හදිසි අවස්ථාව මේ වන විට අවසන් වී තිබුණ ද කොවිඩ් හේතුවෙන් පවතින ගෝලීය සෞඛ්‍ය තර්ජනය මෙතෙක් අවසන් වී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වන විට වෙනත් ප්‍රභේදයක තර්ජන මතුවෙමින් පවතින අතර එය නව රෝගීන් හා මරණ වාර්තාවීම ඉහළ යාමට හේතුවනු ඇති බව ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පවසන්නේ. 76 වන ලෝක සෞඛ්‍ය සමුළුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීවරයා මේ බව…
සතොස භාණ්ඩ 6ක මිල අද සිට පහළ දමා තබෙනවා. ඒ අනුව සතොස කිරිපිටි 400g රු:50 කින් අඩු වී ඇති අතර එහි නව මිළ වන්නේ රු:1030 ක්. වියලි මිරිස් රුපියල් 45න් අඩු වී ඇති අතර එහි මිළ රු:1350ක් වනවා. එමෙන් ම රතු පරිප්පු,සෝයාමීට්,ලොකු ළුැණු සහ සුදු සීනි යන ද්‍රවයන්ගේද මිල ගණන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව ඒවායෙහි නව මිළ ගණන් පරිප්පු රුපියල් 325, සෝයාමීට් රුපියල් 660, ලොකු ළුැණු රුපියල්129 සහ සුදු සීනි රුපියල් 239ක් ලෙසිනුයි දැක්වෙන්නේ.
තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුට අද උදෑසන තේ වත්තේ සැරිසැරු කදුකර කොටියෙකු පහර දි තිබෙනවා එම පුද්ගලයා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව අප වාර්තාකරු සදහන් කළා බ්‍රිඩ්වෙල් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුට මෙලෙස පහරදී කදුකර කොටියා පලාගොස් ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ පහර දුන් කදුකර කොටියා රක්ෂිතයට පලවා හැරිමට පියවර ගන්නා ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දුන් බවද බගවන්තලාව පොලිසිය තවදුරටත් කියා සිටියා වතු කම්කරුවන් සමග තේ වත්තට පැමිණෙන සුනඛයන් ගොදුරු කර ගැනිම සදහා මෙම කදුකර කොටින් පැමිණෙන අතර ඊට බාධ…
බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් බණ්ඩාරවෙල ඕබඩැල්ල විදුහලේ ළමුන් හය දෙනෙක් සහ ඔවුන් සමඟ පැමිණි දෙමාපියන් පස් දෙනෙකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා. පාසල අසල පුද්ගලික ඉඩමක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. මේ හේතුවෙන් බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ උපදෙස් ඇතිව අද දිනයේදී පාසල වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ. රෝහල ආරංචි මාර්ග සඳහන් කලේ තුවාලකරුවන්ගේ තත්වය එතරම් බරපතල නොවන බවයි.
තියුණු ආයුධයකින් පහර දී තලවතුගොඩ ප්‍රදේශයේදී දේශීය වෛද්‍යවරයකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්. ඝාතනය සිදුකල පුද්ගලයා යාචකයකු ලෙස පෙනී සිටිමින් වෛද්‍යවරයාගෙන් මුදල් ඉල්ලා තිබෙන බවත් එහිදී දෙදෙනා අතර ඇති වූ මත ගැටුමකදී සැකකරු මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය පවසනවා. තලංගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 45ක් වන වෙල්ලස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙවෝන් තෝමස්ට එරෙහිව දූෂණ චෝදනා ගොණු කර තිබෙනවා ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට්, එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ හා කැරිබියන් ප්‍රිමියර් ලීගයේ දූෂණ මර්දන සංග්‍රහයන්හි වගන්ති 7 ක් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඒ අනුව ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ද අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා. එල්ල කර ඇති චෝදනාවලට පිළිතුරු ලබා දීම සදහා එම ක්‍රීඩකයාට මැයි මස 23 වැනිදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ. මෙම ක්‍රීඩකයාට එරෙහිව එල්ල වී ඇති බරපතලම චෝදනාව වන්නේ 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ දී තරග පාවාදීමට උත්සාහ…
පාසල් සිසුන්ගේ වාර ප්‍රවේශපත්‍රවල ගාස්තු සියයට 25 ත් 30 ත් අතර ඉහළ දැමීමේ සූදානමක් පවතින බවට වාර්තා පල වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදියි. එහිදි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද අදහස් පළ කළා. එමෙන්ම ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදි පැවසුවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනාවක් කළා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම ක්‍රියාවලිය අසාධාරණ බවයි. කෙසේ වෙතත් නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ එම කාරණය අසත්‍ය…
චීන පොහොර නැවට මුදල් ගෙවීම පිළිබදව සිදු කරන සමීක්ෂණීය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවකින් ඒ සම්බන්ධ පරීක්ෂන කටයුතු ආරම්භ කර තිබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222