Author: Anura Premakumara

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත රැස් කිරීමට තීරණය කර තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙනුවෙන් පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එහි මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් හමුවීමද මේ දිනවල සිදු කරනු ලබනවා. බැසිල් රාජපක්ෂ මහතා කණ්ඩායම් වශයෙන් ඔවුන් හමුවන බවයි පොදුජන පෙරමුණ සඳහන් කළේ.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුලං ඇතිවිය හැකි අතර ඒ පිළිබඳ අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එළැඹෙන ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගෙන තිබෙනවා. ඒ සඳහා එම පක්ෂයේ සාමජිකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඊට එකඟත්වය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව මෙම ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ජෝ බයිඩන් අතර සමීප තරඟයක් දැකගැනීමට හැකිවනු ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. බංග්ලාදේශයේ චිතගොන් හීදී පැවැත්වෙන මෙම තරඟය අද මෙරට වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළා. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් නම් කළ මෙම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුලත්. පසුගියදා නිමා වූ ඇෆ්ගනිස්තාන තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් පෑ අසිත ප්‍රනාන්දුට ඇති වූ ආබාධ තත්වය නිසා ඔහු වෙනුවට ලහිරු කුමාර මෙම සංචිතය සඳහා එක් කර තිබෙනවා. මේ අතර ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ ශෙවෝන් ඩැනියෙල් වෙනුවට කමිඳු මෙන්ඩිස්…

තව කියවන්​න

ඉදිරි දින කිහිපය තුලදී සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එහිදී මෙරට මව්වරුන් සහ දරුවන් පෙලෙන මන්දපෝෂණ තත්ත්වය වලක්වා ගැනීම සඳහා ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලීමක් කරන බව ද විපක්ෂනායකවරයා සඳහන් කළා. මල්වාන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

තව කියවන්​න

අපරාධකරුවන් නිවැරදි කිරීම සඳහා කාලයක් අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා. කෙසේ වෙතත් මෙම කාලයට පෙර එම අපරාධකරුවන් සමාජගත වීම නිසා ඔවුන් නැවත අපරාධ සිදු කිරීම සඳහා යොමු වන බවට නිරීක්ෂණ වී තිබෙන බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේ.

තව කියවන්​න

පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. එමගින් දැනුම්දී ඇත්තේ එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට අදාළ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් දී ඇති පසුබිමක ඇතැම් පාසල් එම කරුණු නොසලකා හරිමින් කටයුතු කරන බවයි. ඒ අනුව පසුගිය පෙබරවාරි මස 26 වනදා නිකුත් කළ ලිපියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසට යළි දැනුම්දෙමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සදහා වසා දමා තිබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පාසල් සහ මහජන දර්ශන අද සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. මේ වසරේ පෙබරවාරි 27වැනිදා සිට ඊයේ දිනය දක්වා මෙම නඩත්තු කටයුතු හේතුවෙන් ග්‍රහලෝකාගාරයේ මහජනයා සදහා දර්ශන වාර අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව අඟහරුවාදා සිටි සිකුරාදා දක්වා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා කාලය පාසල් දර්ශන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම සෙනසුරාදා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා කාලය මහජන දර්ශන සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තව කියවන්​න

උතුරු සහ වයඹ යන පළාත් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙම පත්කිරීම් වලට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී එම මහත්ම මහත්මීන් වෙත බාරදෙනු ලැබුවා.

තව කියවන්​න

මට්ටකුලිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් එම වෙඩිප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මට්ටකුලිය අලිවත්ත ප්‍රදේශයේ මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා. මෙලෙස වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයා පසුව මට්ටක්කුලිය පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බවද පොලීසිය ප්‍රකාශ කළා. එමෙන්ම මෙලෙස වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා. මේ අතර මෙම වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයාගේ ඥාතීන් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ ඥාතීන්ගේ නිවෙස් වලට ප්‍රහාර එල්ල කරමින් අලාභ හානී සිදු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි…

තව කියවන්​න