Author: Anura Premakumara

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා මතු වී තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කලුආරච්චි මහත්මිය පැවසුවේ, ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සපයන බවයි. ඒ, ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවලයි. වියළි කාලගුණික තත්ත්වය පවතින කාලසීමාව තුළ ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදා ගන්නා ලෙස ද ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

පළාත් තුනක අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වල මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේවෙතත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය බලපා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අධික උෂ්ණත්වයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සදහා ලබාදුන් උපදෙස් මාලාව ඇතැම් පාසල් නොසලකා හැර ඇති බවයි. ඒ අනුව අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර…

තව කියවන්​න

ධීවර කර්මාන්තය සදහා නවීන තාක්ෂයෙන් යුත් බහුදින ධීවර යාත්‍රාවක් හදුන්වාදීමට පියවර ගන්නා බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එමෙන්ම ලොරොන්සෝ පුතා යාත්‍රාවේ සිටි ධීවරයින් ලංකාවට ගෙන්වා ගැනිමට ජනාධිපතිවරයා විසින් ආදාළ අංශ දැනුවත් කර ඇති බව ද පියල් නිශාන්ත මහතා සදහන් කළා.

තව කියවන්​න

පෙරපාසල් ගුරුවරුන් සදහා සහනදායි ණය සහනයක් ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. ඒ අනුව සමාද්ධි බැංකුව මගින් සහනදායි පොලි අනුපාතිකයක් යටතේ ණය ලබා දීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තිය සමිති සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් අනුප පැස්කුවෙල් මහතා මේ බව ප්‍රකාශ කළා. අදාළ සහන ණය ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා සදහන් කළේ.

තව කියවන්​න

අද දිනයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත තිබෙනවා. මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ. ඊට අමතරව ලබන සතියේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 255ක් රැස් කළා. එහිදී ජනිත් ලියනගේ ලකුණු 67ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශොරිෆුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ් සහ ටන්සිම් හසන් ශකීබ් කඩුළු 03 බැගින් බිඳහෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 257ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නජ්මුල් හුසේන් ශන්ටෝ…

තව කියවන්​න

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද දිනයේ සිට දින 14ක කාලයක් කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 56.9 සිට කිලෝමීටර් 57.4 දක්වා කොටස මෙලෙස අලුත්වැඩියාව සිදුකිරීමටයි නියමිතව ඇත්තේ. මේ හේතුවෙන් එම දින 14 තුළදී මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කරන රථවාහන කිලෝමීටර් 56.2 කණුවට පෙර ඇති මධ්‍ය හදිසි දොරටුවෙන් කුරුණෑගල සිට මීරිගම දක්වා දිවෙන දකුණු මංතීරුවෙන් ධාවනය කළ යුතු වනවා. එමෙන්ම මෙම කාලසීමාව තුළදී කුරුණෑගල සිට මීරිගම දක්වා ගමන්කරන රථවාහන මෙලෙස අලුත්වැඩියාව සිදුකරන කොටසේ එක් මංතීරුවකට පමණක් රිය ධාවනය සීමා කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල තල්දූව මහතා සඳහන් කළේ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ සිටින අතර, ඒ අනුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

තව කියවන්​න

ඩෙන්මාර්කය ප්‍රථම වරට කාන්තාවන් එරට හමුදාව සඳහා බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් එරට ආරක්ෂක ප්‍රතිසංස්කරණ ඉදිපත් කරමින් මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම තීරණයත් සමග කාන්තාවන් අනිවාර්යෙන් හමුදා සේවයට බඳවා ගැනීමේ යුරෝපීය තුන්වන රට බවට ඩෙන්මාර්කය පත්ව තිබෙනවා. මීට පෙර නෝර්වේ සහ ස්වීඩනය පිළිවෙලින් 2015දී සහ 2017දී කාන්තාවත් අනිවාර්යෙන් හමුදා සේවයට බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

අම්පාර, පොතුවිල්, අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක් තුලදි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සිදුකර ඇත්තේ එම කාන්තාවගේම සැමියා බවට විමර්ශන වලදී අනාවරණය වූ බවයි පොලීසිය සඳහන් කළේ. එම ඝාතනය කළ බවට සැක සහිත පුද්ගලයාගේ සිරුරද සොයාගත් බව ද පොලිසිය සඳහන් කළා.

තව කියවන්​න