Author: Anura Premakumara

දිස්ත්‍රික්ක 7 ක වී මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල වී මිලදී ගැනීම ආරම්භ කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සදහන් කළේ. මේ වන විට දකුණු පළාතේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර එලෙස ලබාගත් වී කිලෝග්‍රෑම් ප්‍රමාණය ලක්ෂයකට ආසන්න බව සඳහන්. මෙහිදි නාඩු වී කිලෝවක් රුපියල් 105 කටත්, සම්බා වී කිලෝවක් රුපියල්120 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 ක මුදලකටත් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ඇති. කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ…

තව කියවන්​න

වියලි කාලගුණයත් සමග ජල සම්පාදන ක්‍රම 06ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව ගම්පලවත්ත , පුස්සැල්ලාව , කොටගල , පුස්සැල්ල , හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවලට මෙලෙස මුර ක්‍රමයට ජලය සැපයෙනු ඇති. එමෙන්ම තවත් ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ. කෙසේවෙතත් තත්ත්වය කළමණාකාරණය කර ගනිමින් අදාළ ප්‍රදේශවලට ජලය නිකුත් කරන බව ද ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

තව කියවන්​න

කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අද සිට අඩුවනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. මේ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 කින් පමණ අඩුවනු ඇති. එළඹෙන රාමසාන් සහ සිංහල – හින්දු අලුත් අවුරුදු උත්සව සමය මුල් කර ගනිමින් මෙම මිල අඩුකිරීම් සිදුකරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

තව කියවන්​න

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටළු විසදීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබා දිය හැකි විසදුම් පිළිබද සොයා බලා වාර්තා කිරීම එම කමිටුවේ ප්‍රධාන වගකිම බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් වීමත් සමග ලබන වසර වන විට සියලු ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන්ට සහන ලැබෙන ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

පුනුරුත්තාපන කදවුරුවලින් ත්‍රිවිධ හමුදාව ඉවත් කිරීමට පියවර ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 2023 වසරේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මගින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සදහන් කළා.

තව කියවන්​න

නාරාහේන්පිට අභයාරාමාධිපති , බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත ජන අරගලයේ දෝංකාරය කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එමෙන්ම මීට පෙර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත නොනවතින අරගලයක සැබැ කතාව යන කෘතිය ඇතුළු තවත් කෘති කිහිපයක් ද මෙහිදී ජනාධිපතිවරයාට පිළිගන්වා තිබෙනවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. බංග්ලාදේශයේ චිතගෝන් හීදී පැවැත්වෙන මෙම තරඟය අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරඟය ජයගත් බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට තරඟාවලියේ තරඟ එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩිතබා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. යුක්තිය මෙහෙයුම යටතේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුර මෙලෙස අණ නොතකා ධාවනය කළ ටිපර් රථයට වෙඩි තැබීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීට නියමිතයි.

තව කියවන්​න

ජපානයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. ෆුකුෂිමා හී වෙරළට ඔබ්බෙන් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති අතර, සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බව ජපාව කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

අද දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද රාත්‍රී 7 සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ආසන වෙන් කිරීමේ දී මේ දක්වා සියයට 40ක ප්‍රතිශතයක් පමණක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න