- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
Author: Anura Premakumara
නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටතුළට ගැනීමේ සිද්ධිය සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න පැවසුවේ පළුදුවූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු මාළු වර්ග ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම් බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩ බෑමට තීරණය කිරීම ප්‍රශ්න සහගත බවයි. පොහොර සෑදීම සඳහා මෙම මාළු තොගය ගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය සැමන් නිෂ්පාදනයවීම හේතුවෙන් සැකයක් මතුවන බවද මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා. කෙසේ වෙතත් රේගු නිලධාරීන් මෙහිදී පැවසුවේ…
මෙම වසර අවමන් වීමට පෙර 1 වසරේ සිට 13 වසර දක්වා තොරතුරු තාක්ෂණ විශය අනිවාර්ය විශයක් බවට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඩිජිටල් රටක් ගොඩ නගන බවට ආණ්ඩු පාර්ශවය සඳහන් කළද තවමත් පාසල් තුළ 6 වසරේ සිට 13 වසර දක්වා පමණක් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම කටයුතු කරන බවයි විපක්ෂනායකවරයා සඳහන් කළේ.
උත්සව සමයේදී ගුණාත්මක භාණ්ඩ ජනතාවට ලබා දීම වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව වැඩි මිලට භාණ්ඩ විකිණීම මෙන්ම ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි වැටලීම් සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන හා වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජීව වීරසිංහ මහතා පවසනවා. මේ අතර වෙළඳපොල තුළ යම්කිසි අපහසුතාවයකට පත් වූයේ නම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකය හරහා කාර්යාල වේලාව තුළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම මිලදී ගත් භාණ්ඩ වල යම් ගැටළුවක් පවතින්නේ නම් අධ්‍යක්ෂ ජනරාල්,…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 29 දක්වා අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. කෙසේ වෙතත් 29 වැනිදායින් පසු නැවතත් වියළි කාලගුණය ඇති බව බවයි ඔහු සඳහන් කළේ. මේ අතර අද දිනයේ දිවයිනේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද අතුල කරුණානායක මහතා මෙලෙස අදහස් පළ කළා.
කෘත්‍රීම බුද්ධිය වැඩසටහන පාසල් දරුවන් වෙත රැගෙන යාම සඳහා රුපියල් මිලියන දාහක මුදලක් රජය විසින් වෙන්කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ ඊයේ පැවැති 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. එමෙන්ම සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද සම්මත කරගත් යෝජනාවේ සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ගාසා තීරයේ ඊශ්‍රායල – හමාස් යුධ ගැටුම් ආරම්භ වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සටන් විරාමයක් ඉල්ලා සිටි පළමු අවස්ථාව ද මෙය වනවා.
පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන අවස්ථාවන් සඳහා කිතුණු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව එළඹෙන 29 වනදාට යෙදෙන මහ සිකුරාදා දිනයට සහ 31 වනදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් වෙනුවෙන් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එසේම බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන වෙත ගොස් පාස්කු උත්සවය වෙනුවෙන් සිදුකරන දේවමෙහෙයන්ට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව පෞද්ගලිකවම සොයාබලන ලෙසටද එමගින් උපදෙස් ලබාදී තිබෙනවා. මෙම ආරක්ෂක සැලැස්ම යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරිමට ප්‍රථමයෙන් එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරීක්ෂාවකට ලක් කිරීම, දේව මෙහෙයන්…
මැතිවරණ ක්‍රමය සංශෝධන හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට කටයුතු නොකරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. එහි වගකීම තමන් භාරගන්නා බවයි ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි ඔහු සඳහන් කළේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 06 වැනි තරඟයෙන් කඩුළු 04ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 176ක් රැස් කළා. එහිදී නායක ශිකර් ධවාන් පන්දු 37දී ලකුණු 45ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් සහ ග්ලේන් මැක්ස්වෙල් කඩුළු 2 බැගින් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 178ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ…
අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින් අවසන් වනවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ ඔන්ලයින් ක්‍රමයට මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000ක් පමණ ලැබී ඇති බවයි. අස්වැසුම යෝජනා ක්‍රමයෙන් මේ වනවිට ලක්ෂ 16ක් අධික පිරිසක් ප්‍රතිලාභ ලබන බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222