Author: Anura Premakumara

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් පත්කල කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අමාත්‍යාංශයට ලබා දී තිබෙනවා. හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කළ අතර, ඒ අනුව මෙලෙස එම වාර්තාව අමාත්‍යාංශය වෙත අමාත්‍යාංශය වෙත ලබාදුන් බවයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ. අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම මෙම වසර තුළ සිදුකිරීමට හැකි බවද රාජ්‍ය අමාත්‍යාවරයා පවසනවා.

තව කියවන්​න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පාස්කු ප්‍රහාරය ගැන සිදුකළ ප්‍රකාශයන් බව සදහන් කරමින් අසත්‍ය තොරතුරු සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සදහන් කළේ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා සදහන්කර සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරන ලද දැනුම්දීමකට අනුව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබාදුන් බවයි. ඒ අනුව එම ප්‍රකාශයේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රධාන මාධ්‍ය යන්ගේ සහ සමාජ මාධ්‍යයන් තුළ නොයෙකුත් ආකාරයේ අසත්‍ය හා විකෘති තොරතුරු පලවන…

තව කියවන්​න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය එළැඹෙන ඔක්තෝම්බර් මාසයේ මුල් සතියේ පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් ඇමතිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඊට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර නීතිය හා සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩ කිරීමක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා. සංචිතය සදහා වසරකට පමණ පසු තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් නම් කර තිබීම විශේෂත්වයක්. ශකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී යි. ශකිබ් සංචිතයට කැදවා ඇත්තේ තව්හිද් රිදෝයි වෙනුවටයි. රිදෝයි පළමු ටෙස්ට් තරගය සදහා වන සංචිතයට ඇතුළත්ව සිටි නමුත් එම තරගය සදහා ඔහු ක්‍රීඩා කළේ නැහැ. මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක හසාන් මහ්මුද් ආබාධයකට ලක්ව සිටින මුස්ෆික් හසාන් වෙනුවට සංචිතයට ආදේශ කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාම මෙතෙක් ටෙස්ට් වරම් හිමි කර ගෙන…

තව කියවන්​න

කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා. දේශපාලන පක්ෂ කාර්යාලයක් ආසන්නයේ තිබී අදාළ ජීව අත්බෝම්බය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. මෙම ජීව අත්බෝම්බය විදෙස් රටක නිෂ්පාදිත එකක් බව සඳහන්. සිද්ධිය වාර්තා වීමෙන් පසු ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පැමිණ අදාළ අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය වී නොමැති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

නාරම්මල ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසකට පොලීසිය එල්ල කළ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තවත් කොල්ලකරුවන් දෙදෙනෙකු පැනගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 7 වැනි තරඟයෙන් ලකුණු 63ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසාවනයේ කඩුළු 06ක් දැවී ලකුණු 206ක් රැස් කළා. එහිදී ශිවම් ඩුබෙ ලකුණු 51 ක් රැස් කළ අතර, නායක රුතුරාජ් ගායික්වාඩ් සහ රචින් රවිනද්‍ර ලකුණු 46 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී රශීඩ් ඛාන් ලකුණු 49ට කඩුළු 2ක් බිඳ හෙළුවා. ඒ අනු පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි. පන්දු යැවීමේදී දීපක් හූඩා, මුස්ටෆිසර්…

තව කියවන්​න

ඇමරිකාවේ බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම නෞකාවක් ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයන් 06 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙම පුද්ගලයන් 06 දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට අනුමාන කරන බවට අමෙරිකානු වෙරළාරත්ෂක බලකා නිලධාරීන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව සෝදිසි මෙහෙයුම් නවතා දමා තිබෙනවා. ඊයේ අලුයම් කාලයේදී පැටපිස්කෝ ගංඟාව හරහා ඉදිකර ඇති පාලමේ කණුවක මෙම නෞකාව ගැටීමෙන් පසු පාලම කඩාවැටුනු අතර, ඒ මතින් ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් ගඟට වැටී තිබුණා. මේ අතර මෙම ඛේදවාචකයෙන් බලපෑම් එල්ල වූ මිනිසුන් සිහිපත් කර පාලම නැවත ගොඩ නගන බව මේරිලන්ඩ් ආණ්ඩුකාර වෙස් මුවර ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම පාලම ප්‍රතිනිර්මාණය…

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. එම අගයන් පිළිවෙලින් සියයට 8.50 සහ සියයට 9.50 දක්වා පහත දැමීමටයි කටයුතු කර ඇත්තේ.

තව කියවන්​න