Author: Anura Premakumara

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කරමින්. අදාළ පනතේ ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වැඩි විරෝධයක් ලාංකීය ජනසමාජය තුළ උද්ගතව ඇති බවයි අදාළ ලිපියෙන් මහ නාහිමිවරුන් පෙන්වා දෙන්නේ. එම නිසා අදාළ පනත් කෙටුම්පත විශේෂඥ මණ්ඩලයක් හරහා නොගැලපෙන වගන්ති ඉවත් කොට යළි සැකසීම සුදුසු බවයි අදාළ ලිපියෙන් වැඩිදුරටත් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් පෙන්වා දෙන්නේ. මහ නාහිමිවරුන් නිකුත් කරන ලද අදාළ ලිපිය පහතින් දැක්වේ.

තව කියවන්​න

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදු කළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් 4ක් වෙත මාරු කර යැවීමට ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ  අධ්‍යක්ෂ වෛද්‍ය අර්.ඒ.එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර මහතා තීරණය කර තිබෙනවා. අදාළ රෝගීන් රත්නපුර, හම්බන්තොට, මාතර සහ කරාපිටිය රෝහල් වෙත මාරු කරන එවන බවට දන්වමින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධයක්ෂවරයා විසින් අදාළ රෝහල් හතරේ අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම අත්‍යවශ්‍ය හා හදිසි සැත්කම් කළ යුතු රෝගීන් එම රෝහලට එවීමෙන් වළකින ලෙසටද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රත්නපුර, මොනරාගල සහ හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු…

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි අප්‍රේල් මස 25 වන දින පැවැත්විය නොහැකි බවට දන්වමින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ගැසට් නිවේදනයක් මගින් දැනුම්දී තිබෙනවා. සියලුම දිස්ත්‍රික්කයන්හි තේරීම් භාර නිලධාරීන් විසින් අදාළ ගැසට් නිවේදනය අප්‍රේල් මස 11 වන දින නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඡන්ද විමසීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමේ ගැටලුව තවදුරටත් විසඳී නොමැති හෙයින් අදාළ පළාත් පාලස ඡන්ද විමසීම නියමිත දිනයේදී පැවැත්වීමට නොහැකි තත්ත්වයක් හටගෙන ඇති බවයි. එම නිසා එම ඡන්ද විමසීම යළිත් වතාවක් කල්දැමීමට සිදුව ඇති බවටද ආදළ ගැසට් නිවේදනයේ සඳහන්. ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

තව කියවන්​න

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ එම දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි සහ වර්තමානයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් යම් අනීතික ක්‍රියාවක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් නෛතික පියවර ගන්නා ලෙසට දන්වමිනි. රිදියගම සෆාරි උද්‍යානය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැමිණිල්ලෙන් පෙන්වා දනේනේ. මෙම කරුණු සම්බන්ධයෙන්ද විමර්ශනයක් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට දැනුම්දී තිබෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

තව කියවන්​න

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අද(19) පෙරවරුවේ කැඳවා තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමට මෙම කැඳවීම කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා 2021 මැයි මස 17 වැනිදා පවසා ඇත්තේ. ඔහු එහිදී පවසා ඇත්තේ රජ්‍ය බුද්ධි සේවය හෙවත් එස්.එයි.එස්. ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වෙලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැන්ත කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බවට පෙනී යන බවටයි.…

තව කියවන්​න

‍ෙපාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට(20) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා. මෙහිදී එළැඹෙන 25 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සැකසීම ඇතුළු කරුණ කිහිපයක් සාකච්ඡාවට ලක්කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතද එළැඹෙන සතියේදී පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිත නමුත් විපක්ෂය ඊට විරෝධය පළකර තිබෙනවා.

තව කියවන්​න

අලුත් අවුරුදු සමය වෙනුවෙන් පසුගිය අප්‍රේල් 4 වැනිදා සිට ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය යටතේ වැඩි කරන ලද ඉන්ධන කෝටාව මෙම සතියේද එලෙසම ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන කෝටාව වැඩි කළ දිනයන්හි පරිභෝජන කරන ලද දත්ත සංඛ්‍යා විශ්ලේෂණය කර එම වැඩිකළ ප්‍රමාණයන් අඛණ්ඩව ලබාදෙන්නේද යන්න ඉදිරියේදී තීරණය කරන බවයි. ඒ අනුව ත්‍රීෙරා්ද රථ සඳහා වූ ලීටර් පහක කෝටාව ලීටර් අටක් දක්වාත් යතුරු පැදි සඳහා වූ ලීටර් 4ක කෝටාව ලීටර් හතක් දක්වා ඉහළ නැංවූවා. බස් රථ සඳහා වූ ලීටර් 40 ලීටර් 60 දක්වාත් මෝටර් රථ සඳහා ලීටර් 20ක් වූ කෝටාව ලීටර් 30ක්…

තව කියවන්​න

රට මුහුණ දී තත්ත්වය හමුවේ සන්සුන්ව අලුත් අවුරුද්ද සමරන ලෙස මල්වතු පාර්ශවයේ අනු නායක පුජ්‍ය දිඹුල්කුබුරේ සිරි විමලධම්ම හිමියන් පවසනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට ආශිර්වාද එක්කරමින් මල්වතු පාර්ශවයේ අනු නා හිමියන් මේ බව ප්‍රකාශ කළා. මේ අතර අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පුජ්‍ය වරකාගොඩ සිරි ඥාණරතන හිමියන්ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට ආශිර්වාද එක්කර තිබෙනවා. අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් සදහන් කළේ සියලු දෙනා සාමයෙන් යුතුව අලුත් අවුරුද්ද සැමරිය යුතුව ඇති බවයි.

තව කියවන්​න

අලුත් අවුරුද්ද උදාවන අද සහ එළඹෙන සති අන්තයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා කියා සිටියේ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම ද මෙහිදී සිදුකරන බවයි. බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට අදාළ නල අවශ්‍ය පරිදි සියලු පොලිස් ස්ථාන වෙත බෙදා හැර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සදහන් කළා. ගිනිකෙළි භාවිතයේදී පරීක්ෂාකාරී වන ලෙස  ද පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ජනතාවයෙන් ඉල්ලා සිටියා.

තව කියවන්​න

එළඹෙන අවුරුද්ද මීටත් වඩා භග්‍යමත් සහ සමෘද්ධිමත් කර ගැනීමට උත්සහ ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිංහල හා දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. සියලු දෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි බව ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයේ සදහන්. ඒ අනුව පක්ෂ පාට , ජාති ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගත යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න