Author: Anura Premakumara

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට නැගෙනහිර පළාතට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කර තිබෙනවා. ඒ වෙනුවට ඔහු පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරු කර ඇති බවයි වාර්තාවන්නේ. ජාතික පොලිස් කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදීයි එම තීරණය ගෙන තිබෙනවා. තමන්ව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිදු කළ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබුණා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් එවූ එම ලිපිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කිරීමට එම කොමිසම තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

එකම පවුලේ සිව් දෙනෙකුට තියුණු ආයුද වලින් පහර දී බරපතල තුවාල සිදු කිරීමේ පුවතක් බෙංගමුව පුහුල්හේන් වලකඩ ප්‍රදේශයෙන් වාර්තා වුනා. මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ 13 හැවිරිදි පාසල් සිසුවකු සහ ඔහුගේ මව පියා සහ සහෝදරියයි. නිවසට ඇතුළු වූ මැර කණ්ඩායමක් විසින් මෙම පහර දීම සිදු කර ඇති බවයි ඌරුබොක්ක පොලීසිය පවසන්නේ. ඊයේ රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර අදාළ මැර කණ්ඩායම යතුරු පැදිවලින් පලාගොස් ඇති බව සඳහන්. බරපතල තත්ත්වයේ පසුවන මව සහ පුත්‍රයා වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යවා ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

තව කියවන්​න

ශීතකරණයේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් 07 හැවිරිදි පාසල් සිසුවෙකු මියයෑමේ අවාසනාවන්ත පුවතක් මාතර – දික්වැල්ල – දන්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිසුවාට විදුලි සැර වැදී තිබෙන්නේ සිය පැන්සල ශීතකරණය පිටුපසට වැටීමෙන් පසු එය නැවත ගැනීමට ගිය අවස්ථාවේදී එහි ඇති දැල් කොටස ස්පර්ශ වීමෙන්. නිවසේ පැරණි විදුලි පද්ධතියක් සවිකර තිබීම හා එම අවස්ථාවේදී නිවසේ ප්‍රධාන පද්ධතිය ද විසන්ධි වීමක් ද සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

කල් ඉකුත් වූ සිසිල් බීම බෝතල් වල දිනය සකසා නව දිනයන් යටතේ වෙළඳ පොලට නිකුත් කොට තිබූ සිසිල් පැන් බෝතල් 1800 ක් යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බීම බෝතල් වර්ග ගබඩා කෙරෙන යාපනයේ පිහිටි තොග ගබඩාවක දී මෙම ක්‍රියාව සිදුකොට ඇත්තේ. බීම බෝතලයක් තුළ අසාමාන්‍ය යමක් තිබෙනු දුටු පාරිභෝගිකයෙකු ඒ පිළිබදව යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් සිදු කළ පරීක්ෂාවකදී මෙම බීම බෝතල් තොගය හමු වී තිබෙන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය තොග ගබඩාවේ හිමිකරුට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමටයි යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ඇත්තේ.

තව කියවන්​න

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට අමෙරිකාවට ඇතුළුවීම වළක්වාලමින් තහනමක් පනවා තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ඔහුට එම තහනම පනවා ඇති බවයි. වසන්ත කරන්නගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමති අශෝකා කරන්නාගොඩ මහත්මිය ඒම තහනම පනවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි ජේ. බ්ලින්කන් පෙන්වා දෙන්නේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවැති සමයේදි එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් කරන්නාගොඩ මහතාට අදාළ තහනම පැනවීමට තීරණය කර ඇති බවයි.

තව කියවන්​න

නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 15 හැවිරිදි බාලවයස්කාර දරුවෙක් කාන්තා පොලිස් නිලධාරිණියකගේ භාරයේ සිටියදී පළාගොස් ඇති බවත් අදාළ දරුවා ගනේමුල්ල ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටියදී අප්‍රේල් 24 වැනිදා යළි අත්අඩංගුවට ගත්බවත් පොලිසිය පවසනවා. ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට කෑම පිසීමට එම නිවසට පැමිණ සිටියදී පුද්ගලයකු සතු ජංගම දුරකථනය මෙම බාලවයස්කාර ළමයා විසින් සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අදාළ ජංගම දුරකතනය සොරාගෙන යාම සම්බන්ධයෙන් මෙම ළමයා සැකපිට අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනයද පොලිස් බාරයට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ සැකකාර බාලවයස්කාර දරුවා අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පොලිස් කොස්තාපල්වරියකගේ භාරයේ රඳවා සිටියදී පළාගොස් ඇති බවයි. ගනේමුල්ල පොලිස් වසමේ පහළ යාගොඩ…

තව කියවන්​න

2014 වර්ෂයේදි මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම තුළින් රජයට පාඩු කළ බවට වන චෝදනාවන්ට අදාළව හිටපු අමාත්‍යවරයකු වන රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා පත්‍ර අද(26) භාරදී තිබෙනවා. අල්ලස් කොමිසම විසින් තමන් වෙත ලබාදිය යුතු ලේඛන සම්පූර්ණ වශයෙන් ලබාදී නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කිරීමත් සම ගින් නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා ජුනි මස 16 වැනිදා කැඳවන ලෙස නියම කර තිබෙනවා. 2014 වර්ෂයේදී මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ. ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමකට අඩු මුදලකට බදුදීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රාජයට පාඩුවක් සිදුකළ බව පවසමින් අල්ලස්…

තව කියවන්​න

කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග අද (26) උදෑසන කළ සාකච්ඡාවකදී කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා එකගතාවය දක්වා ඇත. කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී මහතා සහ අමාත්‍යවරයා අතර අද උදෑසන පැවැති සාකච්ඡාවේදී මේ එකගතාවය පලකර තිබේ. කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවිවියේ රැකියා අපේක්ෂාවෙන් සිටින, මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිතයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමට ද මෙහිදී එකගතාවය…

තව කියවන්​න

පසුගිය වසරේ ජනවාරි 27 වන දින පානදුර දකුණ මූලික රෝහල ඉදිරිපිටදි කේතුමති රෝහලේ ගිලන් රථයේ රියදුරුට යතුරු පැදි දෙකකින් පැමිණ නාඳුනන පුද්ගලයන් සිව් දෙනෙකු විසින් පිස්තෝල අවි දෙකකින් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ(24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල අවි දෙකක්ද සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබෙනවා. විදේශගතව සිටමින් මෙරට අපරාධ කල්ලි මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලිඳු සම්බන්ධයෙන් සිදු කරනු ලබන වැඩි විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ සැකකරු…

තව කියවන්​න

රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යංශය විසින් අත්හිටුවා තිබියදී ප්‍රධාන පෙළේ අමාත්‍යංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියැදුරටන් විශාල පිරිසක් බඳවා ගැනිමේ සූදානමක් පවතින බවට වාර්තා වනවා. එලෙස බඳවා ගනු ලබන සේවකයන් අතරට නම් දෙක බැගින් එවන ලෙස අදාළ අධිකාරිය අයත් අමාත්‍යංශය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට දැනුම්දී ඇතැයිද වාර්තා වනවා. එම අධිකාරියේ දැනටද ඉතා විශාල සේවක පිරිසක් අතිරික්තව සිටින බවද දැනගන්න තිබෙනවා. එලෙස තිබියදීත් මේ අයුරින් නවක සේවකයන් බඳවා ගැනීම බරපතල ගැටලුවක් බවයි එම ආයතනයේ සේවකයන්ද පවසන්නේ. රට මුහුණදී ඇති බරපතල ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල වියදම් දැඩිලෙස සීමා කිරීමකට ලක් කර තිබියදී නවක සේවකයන් බඳවා ගැනීම්ද…

තව කියවන්​න