Author: Anura Premakumara

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව 25% කින් ඉහළ ගොස් තිබෙනවා . සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ , පවතින ආර්ථික අර්බුදය හා ඖෂධ මිල ගණන් ඉහළ යාම හමුවේ වැඩි වශයෙන් රෝගීන් රජයේ රෝහල් වෙත යොමු වන බවයි. බාහිර රෝගී අංශය සහ සායනවලට පැමිණෙන්නන් මෙලෙස ඉහළ ගොස් ඇති බව වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ . මේ අතර, ආයුර්වේද රෝහල්වල ද බාහිර රෝගී අංශවල වැඩි රෝගීන් පිරිසක් සිටින බව ද වෛද්‍ය සමන් රත්නායක මහතා කියාසිටියා .

තව කියවන්​න

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ අවලංගු කළ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂඥ කමිටවුකින් වාර්තාවක් කැඳවා ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමේ යොජනාවක් මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති අතර වාර්තාව කැඳවා ඇත්තේ ඒ යටතේ ක්‍රියාත්මක ජාතික මෙහෙයුම් මැදිරිය මගින් ය. එය ලැබීමෙන් අනතුරුව ව්‍යපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි කටයුතු සිදු කරන බව අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස් සත්‍යානන්ද මහතා ප්‍රකාශ කළේ ය. ‍ ජපාන මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියට අයෝජනය කිරීමට සැලසුම් කළ මුදල ඩොලර් මිලියන 1800 කි. මෙමගින් කොළඹ කොටුවේ සිට මාළඹේ දක්වා කණු මතින් දිවෙන මෙම සැහැල්ලු‍ දුම්රිය මාර්ගයට අතුරු දුම්රිය…

තව කියවන්​න

යාපනය ඩෙල්ෆ් පොලිස් වසමේ පංච පුද්ගල ඝාතන සිද්ධියෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙලෙස මියගොස් ඇත්තේ 100 හැවිරිදි වියේ පසුවූ රසාවින් තෝට්ටම් පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් . ඒ අනුව එම සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 6 ක් වනවා . සිද්ධිය වූ දිනයේම කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා . ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය 22වනදා අත්අඩංගුවට ගනු ලැබුවා . පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක සිටිය දී අදාළ සැකකරුව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා . ජර්මනියේ සිට මෙරටට පැමිණ සිටි සැකකරු රත්‍රං ඇතුළු වටිනා භාණ්ඩ මංකොල්ලාකෑමේ අරමුණින් එම…

තව කියවන්​න

වගාවන්ට රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා නව උපකරකණයක් නිෂ්පාදනය කර තිබෙනවා. මේ වන විට එහි පර්යේෂණ කටයුතු සිදුකරගෙන යන බවයි වාර්තා වන්නේ. මෙම නව නිෂ්පාදනය ඉංජිනේරු මනතුංග ශෙරෝන් දීප්ති ජීවකාන්ත ද සිල්වා විසින් නිශ්පාදනය කර ඇති අතර එය නිෂ්පාදනය ලු‍නුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීමක් මතයි.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව කියාසිටියා . මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි . මේ අතර නැගෙනහිර පළාතේත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා . මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට…

තව කියවන්​න

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙලට තාක්ෂනික සහ මුල්‍යමය අනුග්‍රහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා. ඒ, විෂයභාර අමාත්‍යවරයා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට ප්‍රධානියා ඇතුලු‍ එහි විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදියි. මෙහිදී ඉදිරි වසර හතරක කාලසීමාව සඳහා ණය ආධාර වෙන් කිරීමටද ආසියානු සංවර්ධන බැංකුව එකඟවූ බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ. විදුලිබල ක්‍ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, විදුලි ගාස්තු, විදුලිබල ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

තව කියවන්​න

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සිය මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පස්වරු 02ට එය ආරම්භ කිරීමට නියමිතයි. සමගි ජන බලවේගය මැයි දින රැලිය මෙවර පවත්වනු ලබන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ – පී.ඊ. ගුණසිංහ ක්‍රීඩාගනයේ දීයි. මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියේ පෙළපාලිය මෙවර බී.ආර්.සී. ක්‍රීඩාංගනයෙන් ආරම්භ කර විහාර මහාදේවී උද්‍යානය දක්වා පැමිණ එම උද්‍යානය අසල දී මැයි දින රැලිය පැවැත්වීමට…

තව කියවන්​න

මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මේ බව නිවේදනය කළා. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික උත්සව ගණනාවක් සංවිධානය කර ඇති බවයි. මෙවර වෙසක් සතිය මැයි මස 2 වන දා සිට 8 වන දක්වා පැවැත්වීමට නියමිතයි. බුදුරජාණන් වහන්සේගේ තෙමඟු‍ල සිහි කරනු වස් සමරනු ලබන මෙම වෙසක් උත්සවය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් උත්සවයක් ද වනවා.

තව කියවන්​න

කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අප්‍රේල් මස 29 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ජල කප්පාදුව එදින පෙ.ව 11 සිට එදින රාත්‍රී 9.00 දක්වා සිදුකිරීමට නියමිතයි . ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල , රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර,ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු‍ මාර්ගවල ජල සැපයුම අත්හිටවනු ලැබුවා .

තව කියවන්​න

පාරිභෝගික ජනතාවට කුකුළු මස් සහ බිත්තර සාධාරණ මිලකට ලබාගත හැකි පරිදි පශු සම්පත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින ගැටලු‍ ක්‍රමානුකූලව විසදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ප්‍රකාශ කර තිබෙනවා. බිත්තර හා කුකුළු මස් කර්මාන්තකරුවන් සමඟ අද පැවති සාකච්ඡාවක දී ඔවුන් මේ බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. කුකුළු මස් හා බිත්තර කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යමින් එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා. එමෙන් ම සත්ත්ව ආහාර ලෙස යොදා ගන්නා බඩඉරිඟු‍ ආශ්‍රිත නිශ්පාදන සහ ඒවායෙහි මිල ගණන් සම්බන්ධව පවතින ගැටලු‍ කෙරෙහි ද මෙම සාකාච්ඡාවේ දී ප්‍රධාන…

තව කියවන්​න