Author: Anura Premakumara

පෙම්වතිය තම පෙම්වතාගේ අත කපා පෙම්වතියද කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් පසුව රෝහල් ගත කිරීමේ පුවතක් මැදිවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. අවසන් වතාවට හමුවී ප්‍රේම සම්බන්ධය නැවැත්වීමට ඔවුන් මෙලෙස මැදවච්චිය ලැගුම් හළකට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. එලෙස පැමිණි පෙම් යුවළ අතර ඇති වූ ගැටුමේදී පෙම්වතිය ගෙන එන ලද පිහියකින් පෙම්වතාගේ අත කපා ඇති බවත් පසුව පෙම්වතියද කිසියම් ඖෂධයක් පානය කර ඇති බවත් මූලික විමර්ශනවලදී පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. මෙලෙස පෙම්වතුන් ලෙස පැමිණ ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ යාපනය කඳවුරක සේවය කළ පදවිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. ඔවුන් දෙදෙනාම යුද හමුදාවේ…

තව කියවන්​න

මුලතිව් කෝකිලායි මෝය ප්රකදේශයේ ඉදිකොට තිබූ කුඩා බුදු මැදුරකට හා බුදු පිළිමයකට හානිකල අයෙක් ඊයේ (01) සවස අත්අඩංගුවට ගත් බවට කෝකිලායි පොලීසිය පවසනවා. අදාල බුදුමැදුරට අයෙකු විසින් හානිකරන බවට කෝකිලායි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිදුකල පරික්ෂණයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුදුමැදුරේ බිත්ති කිහිපයකට හානිකොට ඇති අතරම බුදු පිළිමය බුදුමැදුරෙන් ඉවතට ගෙන පෙරලා දමා තිබියදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පෙරළා දමා තිබූ බුදුපිළිමයටද හානි සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. අදාල ක්රිවයාව සිදුකල පුද්ගලයා එලෙස හානි කිරීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම කිසියම් මානසික ආතතියකින් පෙළෙන අයෙකුද යන්න පිළිබඳව සැකසහිත බවටද…

තව කියවන්​න

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඝාතනයෙන් අනතුරුව සැකකරු වස පානය කර වරකාපොළ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වනාත විල්ලුව ප්‍රදේශයේ පිහිටි නිවසකදී පසුගිය දා ඝාතනය කර තිබුණා. කෙසේ වෙතත් පසුව අනාවරණය වී තිබුණේ එම නිවසේ ආරක්ෂාවට සිටි යුවලක් මෙම ඝාතනයට සම්බන්ධ බවටයි. ඒ අනුව පොලිසිය විසින් කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ ඝාතනයට අදාළව එම යුවල අත්අඩංගුවට ගැණුනා.

තව කියවන්​න

නොර්වුඩ් එල්බඩ පහල කොටස ද්‍රවිඩ විදුහලට එල්ලවු බබර ප්‍රහාරයකින් එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. මෙම තත්ත්වයන් පිලිබද කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම විදුහලේ ගුරුවරයකු කියා සිටියේ අද (02)දින පාසල පැවැත්වෙන කාලය තුලදි පාසල අසල ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් විසින් පහරදීමෙන් 11 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තුන් දෙනකු හා එක් සිසුවකු තුවාල ලබා ඇති බවයි. එලෙස තුවාල ලද එම සිසුන් කඩිනමින් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු…

තව කියවන්​න

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වන ගුණානුස්මරණය කොළඹ අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව අභියසදී සිදු වුණා. ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ආගමික වතාවත් ද සිදු කරනු ලැබුවා. එම අවස්ථාවට සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා. මේ, එහිදි අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

තව කියවන්​න

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු කාර්තුව තුළදී ඉලක්කගත ආදායම ඉක්මවා සියයට 105 ක ආදායමක් උපයාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පළමු කාර්තුවේ උපයා ඇත්තේ ඉලක්කගත ආදායමෙන් සියයට 18 ක් පමණක් බව සදහන් කරමින් පළව තිබූ වාර්තා සම්බන්ධයෙන් ඌරාපොල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.

තව කියවන්​න

මැයි දින රැලිය සහ පෙළපාලි සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් මෙන්ම විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සදහන් කළේ ඒ අනුව කොළඹ, නුගේගොඩ, මහනුවර, නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල පැවැත්වීමට නියමිත රැලි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි. මේ, ඒ පිළිබද වැඩිදුරටත් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.

තව කියවන්​න

ලංකා අයි ඕ සී සමාගම, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135 කින් ද අඩු වෙනු ඇති. නව මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 333 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 330 ක් වනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 365 ක් ලෙසයි. ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 310…

තව කියවන්​න

පසුගිය වසරේ සමස්ත විදුලි අලෙවිය සියයට 4.6 කින් පහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙනවා. එය ගිගාවොට් පැය 14,520 ක්. විදුලි කප්පාදුව සහ අධික පිරිවැය මෙලෙස ඉල්ලුම පහළ යාමට හේතු වී තිබුණා. ගෘහස්ථ කර්මාන්ත ආශ්‍රිත විදුලි ඉල්ලුම සියයට 3.7 කින් අඩුවී ඇති අතර, හෝටල් සහ පොදුසේවා වෙත සිදු කළ විදුලි අලෙවිය සියයට 11.7 කින් අඩුවී ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ. එමෙන්ම පසුගිය වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 272.9 ක සමස්ත අලාභයක් වාර්තා කර ඇති බව ද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

තව කියවන්​න

සේවක අයිතීන් ඉල්ලා බි්‍රතාන්‍යයේ හෙද – හෙදියන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය අද මධ්‍යම රාත්‍රිය තෙක් එය ක්‍රියාත්මක බවයි . බි්‍රතාන්‍ය ඉතිහාසයේ පළමු වරට දැඩි සත්කාර සහ පිළිකා රෝහල්වල සේවයේ නිතර හෙද කාර්ය මණ්ඩලය ද වර්ජනයට එක්ව ඇති බව සදහන් . වර්ජනය ක්‍රියාත්මක වන්නේ වැටුප් වර්ධක, බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

තව කියවන්​න