- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
- ට්‍රම්ප්ගෙන් නව විධානයක්
- පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් හෙළි වෙයි
- ඩිජිටල් අපනයන හරහා මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක ආදායමක්
- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- හින්දුස්ථාන පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව හා එක්වෙයි
- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
Author: Anura Premakumara
ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍යමහේන්ද්‍රසෙනෙවිරත්න මහතා පවසනවා. රෝහල් අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ රෝහල් ආරංචි මාර්ග හරහා පැතිර යන තොරතුරක් සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි. රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය අප්‍රේල් මස පස් වැනි වෙනිදායින් පසු සිදුකරනු ලැබූ අක්ෂි ශල්‍යකර්මයන්ගෙන් පසු රෝගීන්ට ඇස්වලට දැමීම සඳහා ලබාදුන් බෙහෙතක් විස වීමෙන් ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් ඇති බවයි. එලෙස සිදුව ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ලද බෙහෙතක විසබීජ අඩංගුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය…
විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 11ට පාර්ලිමෙන්තු සංකීර්ණයේ දී මෙමෙ හමුව පැවැත්වෙනු ඇති. එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, මෙම හමුවේදී ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිත නව මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කිරීමට නියමිත බවයි. මේ අතර දැනට සංවාදයට තුඩු දී ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ජා කිරීමට මෙම සතියේදී බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කලා.
යාපනය කතරගම පාද යාත්‍රාව යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ඊයේ(06) සවස ආරම්භ වුනා. කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පා ගමනින් උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් මෙම පාද යාත්‍රාව සැලකෙනවා. සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක ජෙයවේල්සාමි පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පාද යාත්‍රාව ආරම්භ කෙරුණු අතර යාපනය තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ ජීවත්වන බැතිමතුන් පිරිසක් මෙන්ම මුලතිව් ප්‍රදේශයෙ බැතිමතුන් රැසක්ද මෙම පාද යාත්‍රාවට එක්ව තිබෙනවා. මෙම පාද යාත්‍රාව සෑම වසරකම යාපනයේ සිට කතරගම දක්වා ගමන් කරන අතර මෙවර එය සිදු වන්නේ 23 වන වරටයි. යාත්‍රාව යාපනය, කොඩිකාමම්, පුදුකුඩිඉරිප්පු, කෝකිලායි,කොක්කුතුඩුවායි, පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය,මඩකලපුව ,අම්පාර, උහන හරහා කතරගමදේවාලයේ…
පානදුර වලාන ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරලී යාමෙන් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඔවුන් වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවයි පානදුර දකුණ පොලිසිය සදහන් කලේ. මෙම අනතුර අද අළුයම 5.45 ට පමණ සිදුව ඇති අතර තුවාල ලැබූවන් අතරින් සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා. අදාළ අනතුර සිදු වන අවස්ථාවේදී එම රථයේ පුද්ගලයන් 17 දෙනකු ගමන් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. කොළඹ ප්‍රදේශයේ වෙසක් නැරඹීමෙන් පසු මතුගම බලා යාම සඳහා පානදුර දිශාවට පැමිණෙමින් සිටි මෙම රථය අඩි තිහක් පමණ උසකින් යුතු විදුලි කණුවක සහ යකඩ වැටක ගැටි පෙරළීමෙන් එම අනතුර වී ඇති…
2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සදහා වන උපදෙස් ලබා දීමේ පළමු සැසිය හෙට ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම ලබන 15 වනදා සිට උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සදහා ගරුවරුන් බදවා ගැනීම පසුගිය සිදුකෙරුණා. ඒ අනුව මේ වන විට ගුරුවරුන් 16,000කට ආසන්න පරිසක් ඒ සදහා එක්ව සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ශ්‍රී ලාංකික සරණාගතයින් 10 දෙනෙකු සරණාගතයින් ලෙස ඉන්දියාවට පිටත්ව ගොස් තිබෙනවා. කාන්තාවන් සිව්දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු මෙම පිරිස අතර වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මොවුන් මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක් වන අතර ඊයේ අලුයම ඔවුන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිටත්ව ගොස් තිබුණා. පවතින ආර්ථික ආර්බුද හමුවේ තමන් මෙලෙස ඉන්දියාවට පැමිණි බවයි එම පිරිස ප්‍රකාශ කර ඇත්තේ. මෙම සරණාගතයින් පිරිස මණ්ඩපම් පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා. මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 254 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සරණාගතයින් ලෙස ඉන්දියාවට පිටත්ව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
වෙසක් උත්සව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා දෙකක් අද ධාවනය කෙරෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අනුරාධපුර සහ බදුල්ලේ සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත දක්වා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි. ඒ අනුව බදුල්ලෙන් පෙරවරු 07 ට එක් දුම්රියක් පිටත්වු අතර එය පස්වරු 4.50ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වනු ඇති. එමෙන්ම අනුරාධපුරයෙන් මධ්‍යහන 12.30ට දුම්රියක් පිටත්වීමට නියමිත අතර එය රාත්‍රි 08.42ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අතරින් සමස්ත තරගාවලියේ 51 වන තරගය මෙරට වේලාවෙන් පස්වරු 03.30 ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් අතරයි. ගුජරාට් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන අතර ලක්නව් කණ්ඩායම එහි තුන්වන ස්ථානයේ පසු වනවා. මේ අතර සමස්ත තරගාවලියේ 52 වන තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7 .30 ට ආරම්භ වනවා. එම තරගය පැවැත්වෙන්නේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි. මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානය රාජස්තාන් කණ්ඩායමට හිමිව ඇති අතර හයිද්‍රාබාද් කණ්ඩායමට එම…
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩලාස් නගරයේ වෙළද සංකීර්ණයකදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. නාදුනන තුවක්කරුවෙකු විසින් වෙළද සංකීර්ණයේ සිටි පුද්ගලයින්ට වෙඩි තබා තිබෙනවා. තුවක්කරු ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවති කැලඹිලි ස්වභාවය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින කිහිපය තුළ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ පිළිබද නිකුත් කරන නිවේදන පිළිබද සිය අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. මේ අතර ඇද හැගෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම ඉහළගොස් තිබෙනවා. මේ ඒ පිළිබද පැහැදිලි කරන වාරිමාර්ග අධ්‍යක්ෂ , ජල විද්‍යා සහ ආපදා කළමණාකරණ අංශයේ ඉංජිනේරු එස්.පී. සී සුගීෂ්වර මහතා. අවදානම් සහිත…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222