- සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
- ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසට ගිනි තබයි
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
- ට්‍රම්ප්ගෙන් නව විධානයක්
- පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් හෙළි වෙයි
- ඩිජිටල් අපනයන හරහා මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක ආදායමක්
- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- හින්දුස්ථාන පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව හා එක්වෙයි
Author: Anura Premakumara
කළුතර මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් සිව් දෙනෙක් අද(15) යළි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ දැරියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා, ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය පුද්ගලයා සහ අදාළ හෝටලයේ හිමිකරුගේ බිරිඳයි. එලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය නියෝග කර සිටියේ ලැඟුම් හල් හිමිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදාහරින ලෙසයි. ඒ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මතයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම දැරියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා මැයි මස 26 වනදා දක්වා යළි…
මැදවච්චිය නගරයට සම්බාහන මධ්‍යස්ථාන අවශ්‍ය නොවන බවත් ඒ හරහා ළමුන් මෙන්ම වැඩිහිටි පරපුරද නොමග යාමේ ප්‍රවණතාවයක් පවතින බවත් මැදවච්චිය ප්‍රදේශවාසින් පවසනවා. එම නිසා එවැනි මධ්‍යස්ථාන සඳහා අවසර ලබානොදීමට කටයුතු කරන ලෙසට මැදවච්චිය ප්‍රදේශයේ බලලත් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි එම ප්‍රදේශවාසින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ 55,000ට ආසන්න ජනසංඛ්‍යවක් ජීවත් වනවා. ජනතා හිතකාමී ව්‍යාපෘති සඳහා පමණක් අවසර ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බවය මහජනතාව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මේ වන විට මෙම නගරය ඉලක්ක කර ගනිම්නි නව සම්බාහන මධ්‍යස්ථානයක්ද නැවත ආරම්භ වෙමින් පවතින බවත් එහි හිමිකරුවන් ඒවා පවත්වාගෙන යාමට අනුමැතිය ලබා ගැනීමට මුදල් පවා වියදම් කරන බවත් ගම්වාසීහු වැඩිදුරටත් පවසනවා. මහජනයාට…
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (12) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පවසනවා. බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවෙකුගේ පයට පැගිමෙන් ඇවිස්සුණු බඹරුන් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන්ට පහර දි තුවාල සිදු කර ඇති බවයි වතු පාලන අධිකාරිය කියා කියා සිටියා. බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත හය දෙනාගෙන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබා ලබා පිටව ගිය බවත්, බඹරුන් විශාල ලෙස පහර…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ උපන්දින උත්සවය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී මහත් උත්සවාකාරයෙන් පසුගියදා පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව මැති ඇමැතිවරුන් විශාල පිරිසක් එක්ව සිට තිබෙනවා. අමාත්‍ය ටිරාන් අලස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, චාමර සම්පත්, නාමල් රාජපක්ෂ, කතානායක මහින්ද යාපා ඇතුළු පිරිසක් ඇතුළුව තවත් මැතිඇමැතිවරුන් එක්ව සිටියා. සිය උපන්දින සාදයේ ඡායාරූප සනත් නිශාන්ත මහතාගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් දැක්වේ.
ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුදු රාජකාරීන් සඳහා ඊයේ (11) දින ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත අනුයුක්ත වූවා. නාවික හමුදාව තුළ මෙතෙක් පිරිමි නාවික පුද්ගලයන් හට පමණක් සීමාවී තිබූ නෞකා සහ යාත්‍රාවන්ගේ රාජකාරීන් සඳහා කාන්තා නාවික පුද්ගලයන් හටද අවස්ථාව විවර කිරීමට නාවික හමුදාව විසින් ගත් තීරණයකට අනුව වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව හැදැරීම සඳහා කාන්තා නිලධාරීන් සහ නාවිකයන් වෙත පසුගිය 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී අවස්ථාව ලබාදීම සිදුකෙරුණා. එහිදී මූලික ජලතරණය,…
මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන් පැහැර ගැනීමට උත්සහ කළ බවට පොලිසිය වෙත ලද පැමිණිලි තහවුරු වන කිසිදු තොරතුරක් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව මන්නාරම පොලිසිය පවසනවා. සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන් පැහැර ගැනීමට උත්සහ කළ බවට පසුගිය 07 වැනිදා පාසල් සිසුන් තිදෙනකු පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කොට තිබුණා. පැමිණිලි අනුව සිදුකළ පරීක්ෂණයන්හිදි එවැන්නක් මෙතෙක් තහවුරු වී නොමැති බවත්, සිසුන් කිසිවකුවගේ බලපෑම් මත මෙම පැමිණිලි ඉදිරිපත් කළේ ද යන්න හෙළි කරගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතාද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූවේ මෙතෙක් මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන් පැහැර…
පකිස්තානයේ හිටපු අග්‍රාමාතය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද්හි අධිකරණයෙන් පිටතදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමේදියි. පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්(PTI) පක්ෂයේ ෆවාඩ් චෞද්රි ට්විටර් පණිවුඩයක් තබමින් ඉම්රාන් ඛාන්ගේ අත්අඩංගුවට ගැනීම අද(09) තහවුරු කර සිටියා. පැරාමිලිටරිය විසින් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාළ ට්විටර් පණිවුඩයේ සඳහන්.
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව මියගිය ටිහාරා සමගින් හෝටලයට ගිය ඇයගේ මිතුරියක් වන එම විද්‍යාලයේම උසස් පෙළ සිසුවියක් වන පබාරා සහ ඇයගේ පෙම්වතා බව පවසන 21 හැවිරිදි තරුණයෙකුද සිද්ධිය වූ දිනම රාත්‍රීයේ පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා. එසේම පුද්ගලයන් සිව්දෙනාම අදාළ හෝටලය වෙත රැගෙන ගිය මෝටර් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඔවුන් තිදෙනා මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේයි. මේ අතර ඇයගේ මිතුරියක වන සුජානි අතපත්තු නමැත්තිය සිය ෆේස්බුක් ගිණුමට ටියාරා නිර්මාණි සම්බන්ධයෙන්…
අභිරහස් ලෙස මියගිය කළුතර ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලයක 11 වසරේ ඉගෙනු ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුට ලද තොරතුරක් මත් අපරාධ අංශ නිලධාරීන් පිරිසක් ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී සැකකරු අද(09) උදෑසනඅත්අඩංගුවට ගැනුණු බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයනේ පදිංචිව සිටි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි අයෙකි. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා මින් පෙර විවාහ දෙකක් කර ගත් අයෙක් බවයි…
තිරිඟු පිටි මිල සහ සීනි මිල ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර සීනි කිලෝවක් රුපියල් 25කින් ඉහළ දමා තිබෙනවා. ලෝක වෙළෙඳ පොලේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට 750 දක්වා ඉහළ යාම හේතුවෙන් මෙලෙස සිනි මිල හළ ගොස් ඇති බවයි ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ. සුදු සිනි කිලෝවක මිල මින් පෙර පැවැතියේ රුපියල් 190ක මිලකටයි. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ ඊයේ(07) දිනයේදී තිරිඟු පිටි සඳහා පැවැති රුපියල් තුනක බදු සහනය ඉවත් කළ ද එය ඉවත් කිරීම තුළින් කිසිසේත්ම මිල…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222