- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම රාත්‍රී සමාජශාලා කළමනාකරු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වගකිවයුතු පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
වෘත්තීය සමිති 72 කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය සති 03කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ඊයේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි.
බස්නාහිර, දකුණ, සබරගමුව, ඌව, වයඹ සහ මධ්‍යම යන පළාත්වල අද දිනයේදී සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාස දෙකක් තුළ රුපියල් මිලියන 983ක අපනයන ආදායමක් උපයා ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මේ බව ප්‍රකාශ කළා. රට මේ වන විට නිවරදි ආර්ථික මගක ගමන් ගන්නා බවට තහවුරු වන බවයි ප්‍රසන්න රණවීර මහතා සදහන් කළේ. පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරිම මිනිසුන් ව්‍යවසායකයින් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සදහන් කළා.
උතුරු , නැගෙනහිර පළාත් කේන්ද්‍රකර ගනිමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. රටේ අයිතිය කිසිදු පවුලකට අයිතිකර ගැනිමට ඉඩ නොදෙන බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.
පාස්කු පාහාරය සම්බන්ධයෙන් අප්‍රේල් මස හතරවනදා අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමට අනුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ. මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රකාශය පිළිබද නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කවුරුන්දැයි තමන් දන්නා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවරදී පසුගියදා ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව එම ප්‍රකාශය මත පදනම්ව ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ද සටහන් කරගනු ලැබුවා.
ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔන්ලයින් ක්‍රමයට සිදු වන ළමා ලිංගික අපයෝජන වාර්තාකරණය සදහා වු නව ප්‍රවේශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. අන්තර්ජාලය වෙත යොමුකර ඇති සහ සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ළමුන්ගේ නිරුවත් ඡායාරූප , අසභ්‍ය විඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීම මෙම නව ප්‍රවේශයේ අරමුණයි. මෙම ඔන්ලයින් ක්‍රමවේදය හදුන්වාදීමෙන් පසු ඕනෑම අයෙකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවිය වෙත පිවිස අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන අසභ්‍ය ළමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන පිළිබද පැමිණිලි කළ හැකි වනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 09 වැනි තරඟයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 185ක් රැස් කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රියාන් පරාග් පන්දු 45කදී නොදැවී ලකුණු 84ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවා 20 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 173ක් පමණයි. එහිදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝර්නර් ලකුණු 49ක් සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 44ක් රැස් කළා. පන්දු යැවීමේදී නන්ඩි්‍ර…
දකුණු අප්‍රිකාවේ බස් රථයක් පාලමකින් පහලට වැටීමෙන් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් 08 හැවිරිදි කුඩු ගැහැණු දරුවෙකු දිවි බේරාගෙන ඇති අතර, ඇය බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ පළාතේ පාලමකින් මෙම බස් රථය ආරක්ෂිත වැටද කඩාගෙන අඩි 165ක් පමණ පහලට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. පාස්කු දේව මෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා විශේෂ පොලස් ආරක්ෂාවක් අද සිට ලබන ඉරිදා දක්වා ලබා දීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි මෙම ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇත්තේ. මෙරට තුළ පිහිටා ඇති කිතුණු දේවස්ථාන 2,978න් දේවස්ථාන 2,239ක දේව මෙහෙයන් පවත්වනු ලබනවා. ඒ අනුව අද දිනයේ සිට ලබන 31 වැනි ඉරිදා දිනය දක්වා දේව මෙහෙයන් පවත්වනු ලබන දේවස්ථාන ඇතුළුව දේවස්ථාන 2,253ට මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාව ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම ආරක්ෂක වැඩ පිළිවෙල සඳහා පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් යොදු ගනු ලබන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222