Author: Anura Premakumara
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ වැටලීමකින් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ රුපියල් කෝටි 250 කට අධික හෙරොයින් සහ හෂීස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ මෙරට ජාවාරම්කරු, මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු බවට අනාවරණ වී තිබෙනවා. ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහුට ජාවාරම සිදුකිරීම සඳහා ආඩිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලෙස රුපියල් බිලියන 372 කට අධික මුදලක් ගෙවන ලෙස ඉල්ලමින් ධීවර සංවිධාන ඇතුලු නියෝජිතයින් 18 දෙනෙකු කොළඹ වානිජ මහාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කළා. සමස්ත ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත ප්‍රනාන්දු, ඇතුලු පිරිසක් ඊයේ ගොනු කළා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නෞකාව සම්බන්ධයෙන් කටයුතු කරන සිංගප්පූරු, එංගලන්තය ඇතුළු විදේශ සමාගම්, පරිසර, ධීවර, වරාය යන අමාත්‍යවරුන් ඇතුලු 17 දෙනෙකු නම් කර තිබෙනවා. ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටීම, රැකියා අහිමි වීම, ධීවර කර්මාන්තයට සිදු වූ පාඩුව මෙන්ම මත්ස්‍ය අභිජනනය පහත වැටීම ඇතුළු කරුණු යටතේ මෙම වන්දිය ගණනය කර තිබෙනවා.
14 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුද හමුදා සාමාජිකයින් 3,702 දෙනෙකු මීළඟ නිලයට උසස් කර තිබෙනවා අභිමානවත් ජාතික රණවිරු සැමරුම් උළෙල අද පස්වරුවේ දී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන් විපක්ෂනායක මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු මැතිඇමතිවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම යුද්ධයෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන්ගේ දෙමාපියන් සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ද මේ සඳහා එක්වනු ඇති මෙහිදී 30 වසරක යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම උදෙසා දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සිදුකෙරෙන බවයි යුධ හමුදා මූලස්ථානය නිවේදනය කළේ
ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් ලබන වසරේදී ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට සැලසුම් කර තිබෙනවා. ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ඔහුට අහිමි වූ අතර, ඒ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සදහන් කළේ. ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ 14 වතාවක් ශූරයා බවට පත්වීමට රෆායල් නඩාල්ට හැකි වුණා.
කඩවත, දවටගහවත්ත ප්‍රදේශයේදී ගිනි අවියකින් සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු රාගම රෝහලය ඇතුලත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයෙකු, ඔහුගේ පුත්‍රයා සහ ඔවුන් සමගි ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. මෙහිදී වෙඩි තැබීමට භාවිතා කළ රයිෆල් වර්ගයේ ගිනි අවිය සහ ත්‍රීරෝද රථට සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 56, 20 සහ 25 යන වයස්වල පසුවන ගනේමුල්ල සහ යක්කල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන්…
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා. එහිදී දෙරට අතර එක්දින සහ විස්සයි විස්ස තරග 03 බැගින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. එළඹෙන ජුනි 27 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතයි. විස්සයි විස්ස තරගාවලිය ජුලි 08 වනදා ආරම්භ වීමට නියමිත අතර එය කොළඹ පී සරා ඕවල් ක්‍රිඩාංගනයේදී පැවැත්වෙනු ඇති.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතරයි. හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන තරගය රාත්‍රි 07.30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි. චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව ඇති අතර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තුන්වන ස්ථානයට පැමිණ තිබෙනවා.
3% ක විදුලි ගාස්තුව අඩු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත්කළ යෝජනාව පිළිගත නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා ඒ කොමිසම විසින් අද කැඳවා තිබු මාධ්‍ය හමුවකදී යි ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 3% ක විදුලි ගාස්තුව අඩු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනාව ඉදිරිපත්කර තිබුනා නමුත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ විදුලි ගාස්තු27%කින් පහළ දැමීමේ හැකියාවක් පවතින බවයි
මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා අතේ ආයුධ නැතත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සිටින අය හඳුනාගෙන ඔවුන් සමාජයට කරන අහිතකර ක්‍රියා වැලැක්වීම සඳහා නව නීති හඳුන්වා දිය යුතුව තිබෙන බවයි ඒ මහතා සඳහන් කරන්නේ රටේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තදින් ක්‍රියා කරන බවයි ඒ මහතා සඳහන් කලේ එමෙන්ම පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට හමුදාව කැඳවූයේ විශ්වවිද්‍යාල අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බවට රජයට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව බවද ඒ මහතා සඳහන් කලා එමෙන්ම ඒ මහතා සඳහන් කලේ විශ්ව විද්‍යාල…
ලෝක සංචාරක රූ රැජිණ තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා ඒ පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් සංචාරක මණ්ඩලයේ දී පැවැත්වුණා ලෝක සංචාරක රූ රැජිණ තරගාවලිය ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි රටවල් 40කින් රූ රැජිණ තරගයට සහභාගී වීමට නියමිත අතර අවසන් උත්සවය නෙළුම් පොකුණ රඟහල පරිශ්රරයේදී පැවැත්වීමටයි තීරණව වී ඇත්තේ
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222