Author: Anura Premakumara
එක්සත් ජනරජ පෙරමුණ’ නම් නව දේශපාලන පක්ෂයක් අද දිනයේ ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට නියමිතව තිබෙනවා . එම පක්ෂය සදහා නායකත්වය ලබා දෙනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතායි . ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩ නගන, කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම්ව රටට ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික, ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, ජාතික සමගිය හා ඒකාග්‍රතාව ලබාදීමත්, අරමුණු කර ගනිමින් මෙම පක්ෂය එලි දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිවේදනය කළා .
හම්බන්තොට සුචි ගම්මානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී 09ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ. වෙඩි තැබීමට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ චීන ජාතිකයෙකු සහ ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් දෙදෙනා යළි රටින් පිටුවහල් කිරිමට සිටියදී මෙරට ප්‍රබල අමාත්‍යවරයකුගේ මැදිහත්වීම මත රට තුළට ඇතුළත් වීමේ පුවතක් කටුනායක ගුවන් තොටුපොළෙන් වාර්තා වනවා. අදාළ විදේශිකයන් තිදෙනා කටුනායක ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සිටි නිසා, ඔවුන් පැමිණි ගුවන් සේවා යානයකින් පිටුවහල් කිරීම සඳහා “රඳවා තබා ගැනීමේ” කුටියක රඳවා තබා තිබෙනවා. ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ලිඛිත ඉල්ලීම මත, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය මහතා විසින් දෙන ලද උපදෙස් මත මොවුන් නිදහස් කර…
උමා ඔය ජල විදුලි බලාගාරයෙන් විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීමට හැකියාව ලැබෙනු ඇති බව උමා ඔය ඉදිකිරීම් සමාගම පවසා තිබෙනවා. බහුකාර්ය වාරිමාර්ග පහසුකම් ඉදිකිරීමේ සමාගමක් වන ෆරාබ් සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාවලිය නිසි පරිදි අවසන් වූ පසු ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක ධාරිතාවක් එකතු වනු ඇති බවයි. කෙසේ වෙතත්, මේ පිලිබඳ තොරතුරු පසුව දැනුම් දීමට නියමිත බවද අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ආරම්භයේ සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා රහසිගතව සිදු කිරීම හේතුවෙන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල අසාර්ථක වීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අනුව රටේ අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගතකිරීමේ උත්සහය පරාජය කිරීම සදහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කරනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුඵ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිදු කළ විරෝධතාවය අතරතුරදී පොලිසිය විසින් මෙම පිරිස ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ. පොලිසිය පවසන්නේ අයුතු ජන රාශියක සාමාජිකයකයන්ව සිටිමින් පොලිස් නිලධාරින්ට පහර දී තුවාල සිදු කිරීම, රාජකාරින්ට බාධා කරමින් කලහකාරී ලෙස හැසීරීම යන චෝදනා යටතේයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙහිදි ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු කිරිබත්ගොඩ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
දකුණු පැසිපික් කලාපයේ රික්ටර් පරිමාණ ඒකකයේ 7.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඒ අනුව ෆීජි, වනුවාටු සහ නිව් කැලිඩෝනියා යන රටවල් සදහා සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මෙම භූ කම්පනය වෙරළේ සිට කිලෝමීටර 38 ක් මුහුද දෙසින් සිදු ව ඇති අතර භූ කම්පනයක සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 1000 ක් ඇතුලත සුනාමි රළ ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නට ගිය තැරැව්කරුවන් 09 දෙනෙකු අද උදෑසන වන විට ශ්‍රිලංකා පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග ප්‍රකාරවයි. ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබුණු අතර මාධ්‍ය මගින්ද පෙන්වා දී තිබුණා . මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බුද්ධි අංශවලට මේ පිලිබදව වහාම සොයා බලන ලෙසට ඊයේ දිනයේදී නියෝග කර සදහන් .…
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ජෙරොම් ප්‍රනාන්දු තම දේශන පවත්වන කටුනායක, වේයන්ගොඩ පාරේ මිරකල් ඩෝම් නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 09ක් පමණ වන බවයි වාර්තා වී ඇත්තේ. මෙම අක්කර හතරක ඉඩම ලබාදී ඇත්තේ එම සභාවේ සාමාජිකත්වය ලබාගෙන සිටින ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිඳ විසිනි. එමෙන්ම ගල්කිස්සේ හා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මිල අධිකම නිවාස දෙකක් දේවගැතිගේ පවුලේ අයගේ නමින් මිලදීගෙන ඇතැයි ද මේ වන විට හෙළිදරව් වී තිබෙනවා. ලන්ඩන්, යුරෝපය, ඇමරිකාව, හොංකොං, ඩුබායි, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල්වලින් මෙරටට පැමිණෙන…
අද වනවිට දිවයින පුරා ඩෙංගු යයි සැක සහිත රෝගීන් 35075ක් වාර්තා වී ඇති බව වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පවසනවා ඒ මහතා සඳහන් කරන්නේ ඉන් සියයට 50ක් බස්නාගිර පළාතෙන් වාර්තා වී ඇති බවයි වී එෆ් එම් කතා මිනිස්ට්‍රියට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පල කළා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ මේ වන විට දිවයින පුරා ව්‍යාප්තව ඇත්තේ ඩෙංගු 03 නම් වයිරස් ඛණ්ඩය බවයි එම වයිරසය සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය ජනතාව සතුව නැති බවද ඒ මහතා සඳහන් කළා
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222