Author: Anura Premakumara

ඉන්දියාවේ දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊයේ දිනයේ සිට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාව ඉක්මවා යාම ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල වැසියන්ට ආරක්ෂිතව පසුවන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා. අවශ්‍ය නම් වෛද‍්‍ය ප්‍රතිකාර වලට ද යොමු වන්නැයි දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

දේශීය එළවළු සඳහා ස්ථාවර මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ හා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තව කියවන්​න

තම ප්‍රකාශ හරහා බෞද්ධ, හින්දු, මුස්ලිම් භක්තිකයින්ට සිත් රිදවීමක් සිදු වී ඇත්නම් එයට සමාව ඉල්ලා සිටින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසනවා. මිරිහාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ පැවති ආගමික දේශනයකට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. තමන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා නීතිඥයින් විසින් සියලු කටයුතු සූදානම් කිරීමෙන් අනතුරුව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධ, හින්දු, මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු මෙහිදි පවසා තිබෙනවා.

තව කියවන්​න

ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු පහසු කිරීමේ අරමුණින්  ලබන මාසය අවසන් වීමට පෙර ස්ථානපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. තමාගේ ජීවිතයට ද ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇති බවටයි කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ටිරාන් අලස් මහතා කියා සිටියේ.

තව කියවන්​න

ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තමන් අරගලයත් රැගෙන යන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැදවුම්කරු මදුෂාන් චන්ද්‍රසිරි පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තව කියවන්​න

රස්නායකපුර, ඇදගලහේන ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රස්නායකපුර පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන නිකවැරටිය, කඩිගාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. මේ වනවිට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

තව කියවන්​න

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබෙනවා. මෙම ගැටලු‍ව නම් වන විට අධිකරණය හමුවේ ද විභාග වෙමින් පවතිනවා. කෙසේ වෙතත් අධිකරණ තීරණය ලැබෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සදහා මහින්ද අමරවීර හෝ තිලංග සූතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුව සහ ජපානය බලා ඉදිරි දිනකදී පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවීමට නියමිත බවයි වාර්තාවන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආයෝජන අවස්ථා සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සිංගප්පූරු සහ ජපන් නායකයින් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කරනු ඇති. ජනාධිපතිවරයා මේ මස 27 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව ද වාර්තා වනවා

තව කියවන්​න

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් හෙට ලෙඩ නිවාඩු දමා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තිරණය කර තිබෙනවා. උසස්වීම්, වැටුප් විෂමතා පවතින ගැටලු‍ ඇතුලු‍ ඉල්ලීම් 09ක් මුල් කරගනිමින් අදාල වර්ජනය සිදුකරන බවයි ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ එකාබද්ධ වෘත්තිය සමිති සංගමයේ ලේකම් සවනතිලක ගජධීර මහතා කියා සිටියේ.

තව කියවන්​න