Author: Anura Premakumara
අවුරුදු 5ත් 10ත් අතර වයස්වල දරුවන්ගේ 21% ක පැවති මිටි භාවය 2022 වර්ශයේ 26%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 5%ක වර්ධනයක් බවයි ලෝක ආහාර සංවිධානයේ සහයෝගිතා කාර්‍යාලයේ සම්බන්ධීකාරක වෛද්‍ය කළණ පීරිස් පවසන්නේ. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිසි පොෂණය නොලැබුනොත් දරුවන්ගේ බුද්ධි වර්ධනයද සීග්‍ර ලෙස අඩු විය හැකි බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම රටෙහි දරුවන්ගේ අනාගතයට ප්‍රබල ලෙසම බලපානු ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාලව උපකාර පනති හා සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12.00 න් පසු තහනම් වනවා . මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන්වනතුරු අදාළ තහනම බලාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කලේ . ඒ අනුව මෙරව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවන් උපකාරක පන්ති පැවැත්වීම ,විෂයානුබද්ද දේශන, සම්මන්ත්‍රණ,වඩමුළු පැවැත්වීම මෙන්ම ප්‍රශ්න හා පිලිතුරු මුද්‍රණය බොදා හැරීම ආදි සියලු කටයුතු තහනම් වන බව ද විභාග කොමසාරිස් ජනරාල්තුමා කියා සිටියා
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද පැවැත්වෙනවා. මෙහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. චෙන්නායි හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ටයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 28 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තර ලංකා සභාගය එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇති. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන එන යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව ඡන්දය ලබා දෙන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. අද පැවති…
2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන ලෙස නියෝග කර තිබෙනවා. ඒ අනුව ජූනි මස 3 වන දා දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කිරීම සදහා වූ සියලුම සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන වසා තබන ලෙස නියෝග කළ බවයි සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. එමෙන්ම රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමිව එම සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම සුරා සැල් ලබන 31 වනදා සිට ජූනි මස 6 වන දා දක්වා වසා දමන ලෙස නියෝග කර තිබෙනවා. එමෙන්ම බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරන සුරා සැල් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
උතුරුදිග ඉතාලියේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 36 000 ක් අවතැන්ව ඇති බව විදෙස් වාර්තා පැවසුවේ. බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර සහන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර ඉන්දියාවේ දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දිල්ලි නගරයට උණුසුම් කාලගුණයක් පැවතුණද ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය සතියේදී අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
බිස්කට් මිල අද සිට අඩු කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට සියයට 8 ත් – 15 ත් අතර ප්‍රමාණයකින් බිස්කට් මිල අඩු කිරීමට එම සමාගම් තීරණය කර ඇති බව සදහන්. සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළදපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බව ද නිෂ්පාදන සමාගම් පැවසුවා.
ධීවර ජනතාවට නොමිලේ භූමි තෙල් බෙදා දීම හෙට උදෑසන 8 ට පානදුර ධීවර වරායේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා චීන තානාපති වී ෂෙන් හොන්ග් ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කිරීමට නියමිත බවයි ධීවර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. මෙහිදි භූමිතෙල් ඉන්ධන භාවිත කරන බෝට්ටු 2600 කට භූමිතෙල් ලීටර 150 බැගින් බෙදා දීමට නියමිතයි. පසුගියදා චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ධීවර ජනතාවට නොමිලේ බෙදා දීම සදහා මෙම භූමිතෙල් ලබා දී තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ එක්සත් ජනරජ පෙරමුණ එළි දැක්වීම අද සිදු වුණා. ඒ ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදීයි. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය, නිදහස ජනතා සභාව සහ හිටපු කතා නායක කරු ජයසූරිය, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතු`ඵ දේශපාලන නායකයින් රැසක් එක්ව සිටියා.
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමකට චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුම අද අත්සන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊට අදාළ ගිවිසුම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් කළ බවයි. ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා තවත් සමාගම් දෙකක් සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222