- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
- ඩොලරයේ අගයේ වෙනසක්
- ශ්‍රී ලංකාව ලකුණු 229ක් රැස් කරයි
- තුන්වන පන්තියේ දුම්රිය ආසන වෙන්කිරීම නැවැත්වීමට තීරණයක්
Author: Anura Premakumara
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකින් තුවාල ලබා තිබෙනවා ඔවුන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බවයි අප වාර්තාකරු පැවසුවේ හැටන් ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් පයට පැගිමෙන් පසු ඇවිස්සුණු බඹරුන් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 08 දෙනෙකුට සහ වතු කම්කරුවන් 04 දෙනෙකු පහර දි ඇති බවයි සදහන් වන්නේ බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල තුවාලකරුවන්ගෙන් හයදෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 06 දෙනෙකු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නෙ
පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ මොවුන් ඊයේ දිනයේදී පාසලට පැමිණ ඇති අතර එහිදී පාසලට උචිත අයුරින් පැමිණෙන ලෙස විනය භර ආචාර්යවරයා සිසුන්ට අවවාද කර තිබෙනවා පසුව එදින පස්වරුවේ සිසුන් ගුරුවරයාගේ නිවසට ගොස් මෙලෙස පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධ තවත් සිසුන් පිරිසක් සොයා විමර්ශන ක්‍රියාත්මකයි
මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය බස්රථ අද දිනයේ ධාවනයේ නොවන බව සඳහන්
එක් දින තරග තුනකින් යුතු ක්‍රිකට් තරගාවලියක් සදහා ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා . ක්‍රීඩකයන් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු ප්‍රකාශ කලේ . තරගාවලියට අදාළ තරග සියල්ල හම්බන්තොට , සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර , දෙරට අතර පළමු එක් දින තරගය ජුනි 2 වන දා පැවැත්වීමට නියමිතයි .
දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට සිටි 48 දෙනෙකුට විදෙස් ගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා . ඒ පැය 10ක ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් . නියමිත දිනට පිටත් නොවීම හේතුවන් අදාළ ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමට ලක් වී ඇති බව ද එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා ප්‍රකාශ කළා .
සිරකරුවකු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා . මෙලෙස පලාගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිටි මොරටුව ලුණාව ,රෝහල් වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ . සිරකරුවන් දෛනික කාර්යන් අවසන්වි නැවත සිර මැදිරි සදහා යැවිමට පරික්ෂා කිරිමේදි මෙම සිරකරු නොමැති බව දැනගැනිමෙන් අනතුරුව කල විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඔහු පලාගොස් ඇති බවටයි .
නීතිවිරෝධී රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය අද අලුයම නිමා වී තිබෙනවා . අදාළ පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී.ප්‍රේමරත්න මහතා විසිනුයි පවත්වනු ලැබුවේ. එහිදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කරනු ලැබුවා . එමෙන්ම අදාළ මන්ත්‍රීවරයාට නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසයි .
සයිබර් ආරක්ෂණ පනත මගින් අපේක්ෂා කරනුයේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන සතු දත්ත ආරක්ෂා කිරීම බවයි අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කලේ එමගින් සමාජ මාධ්‍යට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මඟින් සංවිධානය කරනු ලබන 15 වැනි ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව ඊයේ කොළඹදී පැවැත්වුනා එහිදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ
නව විදුලි ගාස්තුව ජූනි මස 30 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එය ජූනි මස පළමුවන දා සිට බලාත්මක වනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබදව කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැන ගැනීම සදහා ජූනි මස පළමුවන දා ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර තමන් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බවත් සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් හෙට පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා. ඔහු මේ බව සදහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.…
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගන්නා අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීම සදහා හෙට පෙරවරු 8.30ට බොරැල්ල කනත්තට පැමිණෙන ලෙසට අධිකරණය විසින් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමිනුයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහතා මෙම නියෝගය නිකුත් කර තිබුනේ. එහිදී අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ දේහය ගොඩගැනීම සදහා අවශ්‍ය සියලුම පහසුකම් සලසා ඇති බවයි. දේහය ගොඩගැනීමෙන් පසු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා ගාල්ල කාරපිටිය ශික්ෂණ රෝහලට ගෙන යාමට නියමිත බවත් ඒ පිළිබඳව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය සිය කැමැත්ත පලකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222