- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
සතොස භාණ්ඩ 6ක මිල අද සිට පහළ දමා තබෙනවා. ඒ අනුව සතොස කිරිපිටි 400g රු:50 කින් අඩු වී ඇති අතර එහි නව මිළ වන්නේ රු:1030 ක්. වියලි මිරිස් රුපියල් 45න් අඩු වී ඇති අතර එහි මිළ රු:1350ක් වනවා. එමෙන් ම රතු පරිප්පු,සෝයාමීට්,ලොකු ළුැණු සහ සුදු සීනි යන ද්‍රවයන්ගේද මිල ගණන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව ඒවායෙහි නව මිළ ගණන් පරිප්පු රුපියල් 325, සෝයාමීට් රුපියල් 660, ලොකු ළුැණු රුපියල්129 සහ සුදු සීනි රුපියල් 239ක් ලෙසිනුයි දැක්වෙන්නේ.
තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුට අද උදෑසන තේ වත්තේ සැරිසැරු කදුකර කොටියෙකු පහර දි තිබෙනවා එම පුද්ගලයා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව අප වාර්තාකරු සදහන් කළා බ්‍රිඩ්වෙල් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුට මෙලෙස පහරදී කදුකර කොටියා පලාගොස් ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ පහර දුන් කදුකර කොටියා රක්ෂිතයට පලවා හැරිමට පියවර ගන්නා ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දුන් බවද බගවන්තලාව පොලිසිය තවදුරටත් කියා සිටියා වතු කම්කරුවන් සමග තේ වත්තට පැමිණෙන සුනඛයන් ගොදුරු කර ගැනිම සදහා මෙම කදුකර කොටින් පැමිණෙන අතර ඊට බාධ…
බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් බණ්ඩාරවෙල ඕබඩැල්ල විදුහලේ ළමුන් හය දෙනෙක් සහ ඔවුන් සමඟ පැමිණි දෙමාපියන් පස් දෙනෙකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා. පාසල අසල පුද්ගලික ඉඩමක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. මේ හේතුවෙන් බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ උපදෙස් ඇතිව අද දිනයේදී පාසල වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ. රෝහල ආරංචි මාර්ග සඳහන් කලේ තුවාලකරුවන්ගේ තත්වය එතරම් බරපතල නොවන බවයි.
තියුණු ආයුධයකින් පහර දී තලවතුගොඩ ප්‍රදේශයේදී දේශීය වෛද්‍යවරයකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්. ඝාතනය සිදුකල පුද්ගලයා යාචකයකු ලෙස පෙනී සිටිමින් වෛද්‍යවරයාගෙන් මුදල් ඉල්ලා තිබෙන බවත් එහිදී දෙදෙනා අතර ඇති වූ මත ගැටුමකදී සැකකරු මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය පවසනවා. තලංගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 45ක් වන වෙල්ලස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙවෝන් තෝමස්ට එරෙහිව දූෂණ චෝදනා ගොණු කර තිබෙනවා ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට්, එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ හා කැරිබියන් ප්‍රිමියර් ලීගයේ දූෂණ මර්දන සංග්‍රහයන්හි වගන්ති 7 ක් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඒ අනුව ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ද අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා. එල්ල කර ඇති චෝදනාවලට පිළිතුරු ලබා දීම සදහා එම ක්‍රීඩකයාට මැයි මස 23 වැනිදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ. මෙම ක්‍රීඩකයාට එරෙහිව එල්ල වී ඇති බරපතලම චෝදනාව වන්නේ 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ දී තරග පාවාදීමට උත්සාහ…
පාසල් සිසුන්ගේ වාර ප්‍රවේශපත්‍රවල ගාස්තු සියයට 25 ත් 30 ත් අතර ඉහළ දැමීමේ සූදානමක් පවතින බවට වාර්තා පල වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදියි. එහිදි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද අදහස් පළ කළා. එමෙන්ම ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදි පැවසුවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනාවක් කළා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම ක්‍රියාවලිය අසාධාරණ බවයි. කෙසේ වෙතත් නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ එම කාරණය අසත්‍ය…
චීන පොහොර නැවට මුදල් ගෙවීම පිළිබදව සිදු කරන සමීක්ෂණීය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවකින් ඒ සම්බන්ධ පරීක්ෂන කටයුතු ආරම්භ කර තිබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අද ජපානය වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා. ඔහු අද සිට ලබන 27 වන දා දක්වා ජපානය තුළ රැඳී සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එම නිල සංචාරයේදී ජනාධිපතිවරයා එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිංගප්පූරුව වෙත පිටත්ව ගිය අතර ඔහු එහිදි සිංගප්පූරු රජයේ නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතු`ඵ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අනුරාධපුරයට යන බැතිමතුන්ගේ පහසුව සදහා මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ.ඉදිපොල මහතා සදහන් කළේ. එම සේවාව ලබන 2 වන දා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත්, ගාල්ලේ සිට අනුරාධපුරය දක්වාත්, බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වාත් අමතර දුම්රි යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතා ශ්‍රී ලංකාවට රැගෙන ආ රත්‍රං ඇතුඵ භාණ්ඩ රාජසන්තක කර තිබෙනවා. රත්‍රං කිලෝග්‍රෑම් 3.5 ක් සහ ජංගම දුරකථන 91 එලෙස රාජසන්තක කළ බවයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ. අදාළ රත්‍රං තොගය සහ ජංගම දුරකථනවල වටිනාකම රුපියල් කෝටි අටහමාරකට අධික වෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබි්‍ර රහීම් මහතා රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කර මුදා හැර තිබෙනවා. කටුනායක ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී රත්‍රං බිස්කට් තොගයක් සමග ඊයේ පෙරවරුවේ ඔහු රේගු භාරයට ගැණුනා. ඒ ඩුබායි සිට පැමිණි අවස්ථාවේදියි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222