Author: Anura Premakumara

පෑලියගොඩ, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ල පාලම අසලදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් කාන්තාව 51 හැවිරිදිවියේ පසුවන අතර, අනෙකුත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 සහ 22 යන වයස් වල පසුවනවා. සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

රොක් ඇන් රෝල් රැජින ලෙසින් හැඳින් වූ ටීනා ටර්නර් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඇය 83 හැවිරිදි වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ස්විට්සර්ලන්තයේ සූරිච් අසල කුස්නාච්ට්හි දිගු කලක් රෝගාතුරව සිටි ඇය සිය නිවසේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තව කියවන්​න

හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද දිනයේ යළි ගොඩගැනීමට නියමිතව තිබෙනවා. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය මෙම සිරුර ගොඩ ගැනීමට අවශ්‍ය බවට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දී ඇති අතර එය අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීමට නියමිත බවයි පොලීසිය සදහන් කළේ

තව කියවන්​න

ජුලි මස 15වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟතාවය පළ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා ඒ අනුව 10 %කින් එම මිල සංශෝධනය සිදුකිරීමට ඔවුන් එකඟතාවය පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකඟතාව පළ වු බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා ඒ අනුව දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල රුපියල් 350ත් 450ත් අතර මිලකින් පහළ යනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පවතින වෙඳෙළපොළ තත්ත්වයන් හා ඩොලරයේ…

තව කියවන්​න

මේ වසර සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදාදීම ජුනි මස 12 ට පෙර අවසන් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා . අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදාදීමට කටයුතු කළ බවයි. දේශීය සැපයුම්කරුවන් සැපයු නිල ඇඳුම් රෙදි මීටර තිස් අට ලක්ෂ තිස් එක් දහසක ප්‍රමාණයෙන් මේ වනවිට තිස් පන් ලක්ෂ හැට එක් දහසක් බෙදා දී ඇති බව සඳහන් වනවා . ඉන් ඉතිරි ප්‍රමාණය වන මීටර් විසි හත් දහසක ප්‍රමාණය අවසන් අදියර යටතේ ගාල්ල, කළුතර, හලාවත යන ප්‍රදේශවල මේ වනවිට බෙදා දෙමින් පවතිනවා . එහිදී…

තව කියවන්​න

ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට නැවතත් ජපාන වාහන ආනයනය ආරම්භ කරනු ඇති බවත් ජපානයේ වාහන සමාගම් නියෝජිතයන් විසින් මෙරට වාහන ආනයකරුවන්ට දන්වා ඇති බව වර්තවනවා . ශ්‍රී ලංකා රජය සමග කරන ලද සාකච්ඡා වලදී මේ සම්බන්ධයෙන් දැනටමත් ධනාත්මක එකඟතාවන්ට පැමිණ ඇති බව ජපාන රජය පාර්ශවයෙන් දන්වා ඇතැයිද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් පෙන්වා දී ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවන් අනුව මෙම අවස්තාව හිමි වනු ඇති බවයි. කෙසේ වෙතත් මෙරට වාහන ආනයනකරුවන් වාහන ආනයනයට යළි අවස්ථාව ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. මේ අතර කොළඹ සිටින ජපාන තානාපතිවරයාද නිදහස් වෙළඳාම සම්බන්ධයෙන් මෑතක…

තව කියවන්​න

මෙරට බි්‍රතාන්‍යය මහකොමසාරිස් සාරා හූල්ටන් උතුරු පළාතේ සංචාරයක නිරත වී තිබෙනවා. එහිදී උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරිය ලෙස පත් වූ පී.එස්.ඕ.චාල්ස් හමුවීමෙන් අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වී ඇති බව සඳහන්. එමෙන්ම, ඇය යාපනය – නල්ලූර් කෝවිල ද නිරීක්ෂණය කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මෙම සංචාරය සඳහා බි්‍රතාන්‍යය මහකොමසාරිස්වරිය සමග බි්‍රතාන්‍යයේ ඉන්දීය සමුද්‍රීය කටයුතු ප්‍රධානී බෙන් මෙලර් ඇතුළු නියෝජිත පිරිසක් ද එක්ව ඇති බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475ක් මෙලෙස සොයාගෙන ඇති අතර එහි මුළු වටිනාකම රුපියල් මිලියන 34.75ක් බව සඳහන්. පසුගිය කාලය තුළදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත එලෙස පාර්සල් 10ක් පමණ එවා තිබුණා. එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් පසුගිය 16 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කර තිබූ අතර…

තව කියවන්​න

ප්‍රකට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක් හා ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබෙනවා . නිවසේ සිටි ගෘහ සේවිකාව විසින් රන් මුදුවක් සොරාගෙන ගොස් ඇති බවට සුධර්මා නෙත්තිකුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රදේශවාසීන් විසින් මෙම කාන්තාව වැලිකඩ පොලිසියට පසුගිය මැයි මස 11 වැනිදා භාර දී තිබුණා. බදුල්ල ප්‍රදේශයේ පදිංචි එම ගෘහ සේවිකාව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාරදීමෙන් පසු ඇතිවූ වේදනාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා. පසුව එම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුදින මිය ගොස්…

තව කියවන්​න

මීළඟ ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එය කොවිඩ් -19 වසංගත තත්ත්වයට වඩා මාරාන්තික විය හැකි බවයි එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වා දෙන්නේ. කොවිඩ් -19 සම්බන්ධයෙන් වූ ගෝලීය හදිසි අවස්ථාව මේ වන විට අවසන් වී තිබුණ ද කොවිඩ් හේතුවෙන් පවතින ගෝලීය සෞඛ්‍ය තර්ජනය මෙතෙක් අවසන් වී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වන විට වෙනත් ප්‍රභේදයක තර්ජන මතුවෙමින් පවතින අතර එය නව රෝගීන් හා මරණ වාර්තාවීම ඉහළ යාමට හේතුවනු ඇති බව ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පවසන්නේ. 76 වන ලෝක සෞඛ්‍ය සමුළුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීවරයා මේ බව…

තව කියවන්​න