Author: Anura Premakumara

හිඟ ඖෂධ රැසක් දේශීය වෙළදපොලෙන් ලබා ගෙන ඖෂධ හිඟයට පිළියමක් ලෙස කටයුතු කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ මෙන්ම ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා. මේ අනුව ප්‍රාථමික රෝහල්වල ඖෂධ හිඟය පාලනය කර ගත හැකි බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව තිබෙනවා . කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා . කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ද සදහන් .

තව කියවන්​න

පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දන්වන්නයි  ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ආකාරයට තොරතුරු ලබා දෙන සෑම ප්‍රද්ගලයෙකුමට සෞඛ්‍ය ආරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යන ආකරය පිලිබදව උපදෙස් ලබා දිමට කටයුතු කරණ බවයි  එම සංගමයේ ලේකම් මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. අයි. බෝපිටියගේ මහතා සඳහන් කළේ. පොසෙන් උත්සවය වෙනුවෙන් පවත්වන සියලුම දන්සල අදළ දිනවලදි පරික්ෂාවකට ලක් කරන බවත් ඒ සදහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 2400 සේවයේ යොදවන බවත් ඒ මහතා කියා සිටියා. දන්සලක් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාමට අමතරව කැලිකැසල නිසිලෙස බැහැර කිරිමත් ඉතාමත්…

තව කියවන්​න

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ වංචා සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා . එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත්යාපා මහතා සඳහන් කළේ, මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි 1,150කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි . කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගාමිණී සෙනරත්යාපා මහතා එම අදහස් පළ කළේ.

තව කියවන්​න

රුසියාව හා චීනය නව ගිවිසුම් කිහිපයකට එළඹ තිබෙනවා රුසියානු අග්‍රාමාත්‍ය මිහයිල් මිෂ්සස්ටන් චීනයේ බීජිං අගනුවර සිදුකළ විශේෂ සංචාරයක් අතරතුරයි මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇත්තේ රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු චීනයට පැමිණි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ රුසියානු අග්‍රාමාත්‍යවරයයි බටහිර රටවල බලපෑම් හමුවේ චීනය හා රුසියාව අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් වන බවයි රුසියා අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ

තව කියවන්​න

කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසකට උණ රෝගය වැළදී ඇති බව එම විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා . ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග ලක්ෂණවලින් පෙළෙන බවද සදහන් . උණ රෝගය වැළඳුණු හතළිහකට ආසන්න පිරිසක් නිවෙස්වලට පිටත්කර ඇති බවත්, අනෙක් පිරිස නේවාසිකාගාරවල රැඳී සිටින බවත් වර්තවනවා . රෝගීන්ට ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම් සහ ආහාර පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති බවද විද්‍යාපීඨ ආරංචි මාර්ග සඳහන් කළා.

තව කියවන්​න

ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයෙන් පසුව තවත් නව ආණ්ඩුකාරවරුන් දෙදෙනකු පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානයක යන මහත්වරුන්ට මෙලෙස ආණ්ඩුකාර ධුර හිමි වන බවයි. එමෙන් ම පසුගියදා උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණා. ඒ අනුව වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලබාගත්තේ හිටපු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතායි . උතුර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම්. චාල්ස් පත්වීම ලබාගත් අතර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළේ, ලංකා…

තව කියවන්​න

බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවකට අදාළව පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ විවාහක යුවලක් සහ තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. සැකකරා තුරුණයා අදාළ දැරිය සමග ප්‍රේමසම්බන්ධයක් ඇතිකර ඔහු හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. පසුව ඔහුගේ ඥාති නිවසකට රැගෙනගොස් අපයෝජනය කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ. අදාළ නිවේසේ සිටි අඹු සැමි යුවලක්ද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද නීතිපතිවරයා අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී ඇත්තේ. දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම කැදවු අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොණුකර තිබු මෙම පෙත්සම ප්‍රිති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවුණු ලැබුවා.

තව කියවන්​න

ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුණා. මෙම මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගනිමිනුයි ඔහු මෙලෙස අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනේ. එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්ත්පර 10 යි දශම බින්දුවයි 4ක් වනවා.

තව කියවන්​න