Author: Anura Premakumara

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාරදී තිබෙනවා. නීතිවිරෝධී ලෙස රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී මන්ත්‍රීවරයාව කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේඋදෑසන රේගු භාරයට ගැනුනා. ඔහු රත්‍රන් කිලෝ 3 1/2ක් සහ ස්මාර්ට් දුරකථන 91ක් මෙරටට ගෙනැවිත් ඇති බවයි එහිදී හෙළිවූයේ . පසුව රුපියල් මිලියන 7.5ක දඩයක් ගෙවීමෙන් අනතුරුව ඔහුව නිදහස් කර තිබුනා. කථානායකවරයාට ලිපිය ඉදිරිපත්කළ මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ අලි සබ්රි මන්ත්‍රීවරයා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවයි.

තව කියවන්​න

පාසල් යන වයසේ පසුවන නව යෞවනයන් කලහකාරී ලෙස හැසිරීමට ප්‍රධාන හේතුවක් ලෙස  සමාජ මාධ්‍යවලට වැඩි වශයෙන් යොමුවීම පෙන්වා දිය හැකි බව  වෛද්‍යවරු පවසනවා. ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශක වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නව යෞවනයේ සිටින දූදරුවන් සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිත කිරීම තුළින් ඔවුන්ගේ පෞර්ෂ වර්ධනයට ද එය බලපෑම් එල්ල කර ඇති බවයි.

තව කියවන්​න

අනුරාධපුර අටමස්ථානාධිපති  නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  රජරට සේවය සම්මා පාරමිතා පදනමට පවරා දෙන ලෙසයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ඇති සියළු ප්‍රාදේශීය සහ ප්‍රජා ගුවන් විදුලි සේවාවන් හි මෙහෙයුම් කටයුතු මැයි මස 31 වනදා මැදියම් රැයෙන් පසු අවසන් කිරීමට රජය පසුගියදා තීරණය කළා. එම සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ බව සියළු නාලිකා වෙත  ලිඛිතව දැනුම් දී තිබෙනවා. පවතින මුල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස මෙන්ම ගුවන් විදුලි සංස්ථාවේ වියදම් තවදුරටත් පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

තව කියවන්​න

තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ සති පිරිත් පිංකම අද සිට ජුනි මස පළමු දින අලුයම දක්වා පැවැත්වෙනවා  පොසොන් මහා පූජෝත්සවය හා පොසොන් මහාපෙරහැර මංගල්‍යය වෙනුවෙන් වාර්ෂිකව පවත්වන මෙම සති පිරිත් දේශනය රටටත් ජනතාවටත් සෙත්පතා පවත්වනු ලබනවා. තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මරතන හිමියන් පවසන්නේ තිස්සමහාරාම පොසොන් මහා පෙරහැර ජුනි තුන්වන දින පැවැත්වෙන බවයි මෙම සති පිරිත් දේශනාවේ  දේවදූත පෙරහැර  සහ දොරකඩ අස්න  අනුශාසනාව මැයි 31 වන  දින සිදුකරන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා

තව කියවන්​න

බ්‍රසීලය සත්ත්ව සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. වනාන්තරවල සිටින පක්ෂීන් අතර කුරුළු උණ රෝගය පැතිරයාමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. බ්‍රසීලයේ ප්‍රාන්ත දෙකකින් කුරුළු උණ වැළදුනු පක්ෂීන් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ලොව විශාලතම කුකුළු මස් අපනයනකරුවා ලෙසයි බ්‍රසීලය සැලකෙන්නේ. කුරුළු උණ වාර්තා වීමත් සමග එරට කුකුළු මස් කර්මාන්තයට අවදානමක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ඌවපරණගම වැවේගම ප්‍රදේශයේ පදිංචිව සිටි  පනස් හත් හැවිරිදි විවාහක පුද්ගලයෙක්. තම එළවළු වගාවට රිළවුන්ගෙන් නිරන්තරයෙන් සිදුවන හානිය වළක්වා ගැනිම සඳහා එම  පුද්ගලයා විසින්  අනවසර විදුලි රැහැනක් ඇද තිබෙනවා. කෙසේවෙතත් පසුව ඔහු එම විදුලි රැහැනේ පැටලී මොහු මියගොස් ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

තව කියවන්​න

රථ වාහන පරීක්ෂා කිරීම් ඇතුළු පොලිස් රථ වාහන රාජකාරී සඳහා පළමුවරට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තා පොලිස් නිලධාරිනියන් 8 දෙනෙකු පොළොන්නරුව පොලිස් කොට්ඨාසභාර රථ වාහන සේවයට එක් කර තිබෙනවා. පොළොන්නරුව කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් , පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්වුනා.. මෙම නිලධාරීන් අටදෙනා පොළොන්නරුව කොට්ඨාස භාර යතුරුපැදි ඒකකය හා පොළොන්නරුව රථ වාහන යතුරුපැදි ඒකකයේ සේවයට එක් කර ඇති බව සඳහන්. මෙලෙස රථ වාහන පරීක්ෂා කිරීම් ඇතුළු අනෙකුත් රථ වාහන පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පුහුණුවක් ලද මෙම කාන්තා පොලිස් නිලධාරිනියන් සිය රාජකාරී කටයුතු සඳහා මේ වන විට  නිල වශයෙන් එක් වී තිබෙනවා.

තව කියවන්​න

කකුල් පහක් සහිත  වසු පැටියෙකු වවුනියාව කෝවිල් කුංචිකුලම ගම්මානයේ එළදෙනක විසින් බිහිකොට තිබෙනවා ආරුමුගම් ඥානේශ්වරන් නමැති ගොවි මහතාට අයත් එළදෙනෙක විසින් මෙම වසු පැටියා බිහිකොට ඇති බවයි ගම්වාසීන් පැවසූවේ අදාළ වසු පැටියාගේ ගෙල ප්‍රදේශය ආසන්නයෙන් පස්වන කකුළ වැඩී ඇති අතර කකුල් වැනි තවත් කුඩා කොටස් තුනක්ද ගෙල ආසන්න ප්‍රදේශයේ දැක ගැනීමට හැකි බවයි පවසන්නේ වසු පැටියා නිරෝගී තත්වයෙන් සිටින බවද ඥානේශ්වරන් මහතා සඳහන් කළා

තව කියවන්​න

සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මීට සුළු මොහොතකට පෙර ගොඩගනු ලැබුවා. ඊයේ දිනයේදීත් මීට අදාළව අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදු කල අතර එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ සිරුර ගොඩගන්නා අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීම සදහා ඔහුගේ සහෝදරයෙකුට බොරැල්ල කනත්තට පැමිණෙන ලෙසටයි .ඒ දේහය ඔහුගේ ද යන්න පිළිබඳව නිශ්චිතව හඳුනා ගැනීම සඳහායි.

තව කියවන්​න

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. පක්ෂයේ විනය මණ්ඩලය ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ පියවර ගනු ඇතැයි මහලේකම්වරයා ප්‍රකාශ කළා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා පාර්ලිමේන්තුවේ ඊයේ දින පැවති ඡන්ද විමසීමේදී වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරය ආණ්ඩුවේ යෝජනාවට සහය පළ කරමින් සිය ඡන්දය භාවිත කර තිබෙනවා. මේ අතර පසුගියදා රත්‍රං තොගයක් සමග ගුවන්තොටුපල විසින් අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතා මාධ්‍යට කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් නිර්දෝශි පුද්ගලයෙකු වන බවයි. වෙනත් ඥාති පුත්‍රයෙකු…

තව කියවන්​න