Author: Anura Premakumara

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800 ක් පවතින බව අනාවරණ වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වූ බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ වන විට සේවය කරනු ලබන සමස්ථ සේවක සංඛ්‍යාව 26,561 ක්. ඒ අනුව රියදුරු හා කොන්දොස්තර හිඟය පියවා ගැනීම සඳහා රජයේ අනුමැතිය මත බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බවයි එම මණ්ඩලයේ නිලධාරීන් කාරකසභාව දැනුම්දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර අට ශ්‍රේණිය සමත් පුද්ගලයින් ඩිපෝ කළමණාකරුවන් බවට පත්ව ඇති බවත්, ගණකාධිකරණ, තාක්ෂණික ඇතුලු‍ අංශ ගණනාවක තනතුරුවල ගැටළු රැසක් පවතින බවද එහිදී හෙළිවී තිබෙනවා. මැතිවරණයකින්…

තව කියවන්​න

වතු කම්කරුවන් සඳහා ස්ථිර ලිපිනයන් ලබා දීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා මේ වන විට කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ වතු කම්කරුවන්ට ස්ථිර ලිපිනයන් නිකුත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මාවතගම, මුවන්කන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ කැඳවූ අවස්ථාවේදීයි. දිවයිනේ වතු 277 ක් ආශ්‍රිතව වතු කම්කරුවන් හාර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වාසය කරන අතර ඔවුන්ට ස්ථිර ලිපින නොමැති බැවින් එදිනෙදා කටයුතු කිරීමේදී මෙම පිරිස් දැඩි අපහසුතාවන්ට මුහුණදෙන බවයි එම පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා,…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ජපාන සංචාරය අතරතුර වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ට්‍රාන් ලූ ක්වැන්ග් හමුවී තිබෙනවා. මෙහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුවූ බව සඳහන්. එමෙන් ම ජනාධිපතිවරයා ඊයේ ජපාන ඩිජිටල් අමාත්‍ය ටාරො කොනො ද මුණගැසී තිබෙනවා. මෙරට රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකඡ්චා කළ බව සඳහන්.

තව කියවන්​න

ඉදිරියේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව ප්‍රකාශකර සිටියා. මෙලෙස රජය විසින් හඳුන්වාදීමට නියමිතව ඇත්තේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් බව සඳහන්. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ලෝකයේ රටවල් රැසක් මේ වන විට ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව‍යි.

තව කියවන්​න

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ පළමු පාසල් වාරයේ තුන්වන අදියර ජුනි මස 12 වනදා ආරම්භ වන බවයි. 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා සිට ජුනි 08 වනදා දක්වා පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළා.

තව කියවන්​න

රුසියා දේශසීමා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර ඉහළ දමන බවට රුසියා විරෝධි සටන්කාමීන් පවසනවා. රුසියා දේශසීමා නගර ඉලක්ක කර ගනිමින් තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවයි ඔවුන් පවසන්නේ. ඊයේ දිනයේදී ද රුසියානු විරෝධී සටන්කාමීන් විසින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබු අතර එය රුසියා ආරක්ෂක අංශ විසින් සාර්ථකව පාලනය කර තිබුණා. මෙහිදී සටන්කාමීන් 70ක් පමණ ඝාතනය කළ බවයි රුසියාව පවසන්නේ. රුසියා පාලනයේ පවතින ප්‍රදේශ තම බලට යටතට ගැනීම ප්‍රහාරයන් එල්ල කරන බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පුර්ව තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මුබ්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. එම තරගය අද රාත්‍රි 07 යි 30 ට අහදාබාද්හිදී පැවැත්වීමට නියමිතයි. ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම පරාජය කරමින් මුබ්බායි කණ්ඩායම අවසන් පුර්ව තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා. අද තරගය ජය ගන්නා කණ්ඩායම ලබන 28 වනදා පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරාගවලියේ අවසන් මහා තරගයට එක්වනු ඇති. චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මේ වන විට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

තව කියවන්​න

වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දීම පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා සොයා බලමින් සිටින බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. වතු කම්කරුවෙක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදීයි  නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දෙනු ලැබුවා. මෙම පෙත්සම අග විනිසුරු ජයන්ත ජයසූරිය, මෘර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුනා. වතුකම්කරුවන් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

තව කියවන්​න

ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි  අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා  අරලියගහ මන්දිරයේදී අද  පැවැති සාකච්ඡාවකදී  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩුකාරවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ සියලු බලධාරීන් මැදිහත් කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ආණ්ඩුකාරවරුන්, පළාත් සභා ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි කරවා ගනිමින් මෙම සාකච්චාව පැවැත්වුනා. සිය බල ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු රැස්කරමින් රෝගය පාලනය කිරීමට අදාල ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ තවදුරටත් රෝගය පැතිරී යාම වැළැක්වීමට ප්‍රමුඛතාවය දිය යුතු බවයි. එබැවින්  මේ වන…

තව කියවන්​න

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය අද පැවැත්වුණා. ඒ විද්‍යාලීය ප්‍රධාන ශාලවේදීයි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඩී.එස් සේනානායක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂයෙකු වන පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබද මහාචාර්ය බරන ජයවර්ධන මහතා එක්වුණා. මේ අද පැවති ත්‍යාග ප්‍රධානෝත්සවය පිළිබද වී නිව්ස් වෙත අදහස් පලකළ ඩී.එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා.

තව කියවන්​න