- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Anura Premakumara
ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා තරුණයින්ගෙන් මුදල් ලබාගත් බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා සැකකාරියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 18ක මුදලක් වංචාකර ඇති බවට පැමිණිලි 4 ක් කාර්යාංශය වෙත ලැබී ඇතැයි සදහන් ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරින් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා සඳහා බඳවාගැනීමේ චෝදනාව මත මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා සැකකාරියන් දෙදෙනා මේ වන විට බදුල්ල පොලිස් ස්ථානයේ රඳවා තබා ඇති අතර, හෙට දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි එමෙන්ම අදාළ සැකකාරියන්ට අමතරව මෙම විදේශ රැකියා වංචාව හා සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳවද පැමිණිලි ලැබී තිබෙනවා…
දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු අද පෙරවරුවේ කොට්ටාව ප්‍රදේශයේදී අත්තඩංගුවට ගෙන තිබෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි මත මොහු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී ඇති බවයි වාර්තාවන්නේ 2022 වර්ෂයේ විසිතුරු මත්ස්‍ය අපනයනය ආශ්‍රිත ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ව්‍යාපාරික වීසා මත අදාළ දකුණු කොරියානු ජාතිකයා මෙරටට පැමිණ නමුත් ඊට අවශ්‍ය නීතිමය අවසර ඔහුට ලැබී නැහැ ඉන්පසු මොහු සිය පුත්‍රයා සතු කොරියානු කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මගින් මෙරට පුද්ගලයින් දකුණු කොරියාවට පිටත්කර යවා එරටදී රැකියා වීසා…
රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කර තිබෙනවා. ඇය කොළඹ හිටපු නගරාධිපතිනිය ලෙස ද කටයුතු කරනු ලැබුවා. 2001-2004 වර්ෂයේ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර දරූ ඇය 2009-2010 වසරේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර හොබවා තිබෙනවා. එමෙන්ම ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස 2015 වසරේදී කටයුතු කළ ඇය අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙස ද කටයුතු කරනු ලැබුවා.
පාර්ලිමේන්තුව වංචනික පුද්ගලයන්ගෙන් පිරී ගිය ස්ථානයක් බවට පත්ව ඇති බව ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණා. මෙහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් විමසා සිටියේ දිවයිනේ පවතින ගුරු පුරප්පාඩු පිළිබදව අවදානය යොමු කිරීම කඩිනම් කළ යුතු බවයි. මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා. මේ අතර පිළිතුරු පත්‍ර ඇගයීම පිළිබදව ද සමගි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය විසින් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බවයි. කොස්ගොඩ සුජි නැමති අපරාධ කල්ලි නායකයාගේ ඥාතියෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයා විදුහලට පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.
අබුඩාබි, බනියාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තිබෙනවා . එලෙස මියගොස් ඇත්තේ, 2021 වසරේ අබුඩාබි රාජ්‍යයට සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව ගිය තරුණිය බව සදහන් . ඇය සමග ගින්නට හසුවූ තවත් 05 දෙනෙකු ද මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ. ඇයගේ අනන්‍යතාව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා .
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අධිකරණය විසින් පත් කළ කොළඹ විශ්විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ මණ්ඩලය විසින්. මීට මාස 5කට පෙර අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ඊයේ ගොඩ ගනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මෙම අධිකරණ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කර තිබූ නිර්දේශයකින් පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ලබා දුන් නියෝගයකට අනුවයි. දේහය ගොඩ ගැණුනු ස්ථානයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ස්ථානීය නඩු කටයුත්තක් ද ඊයේ පැවති අතර ලබන මස 20 වැනිදා එම නඩුව යළි කැඳවීමට…
කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත උපද්‍රව හේතුවෙන් ගත වූ වසර 50 තුල 12,000 කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා. මෙම තත්ත්වය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවලට සියයට 60 කට වැඩි ආර්ථික බලපෑමක් එල්ලවී ඇති බවයි එක්සත් ජාතීන්ට අනුබද්ධ ලෝක කාලගුණ සංවිධානය ප්‍රකාශ කරනවා. එමෙන් ම එම රටවල සිදුවූ මරණ 10 කින් 9 ක්ම කාලගුණ හෝ දේශගුණ බලපෑම් හේතුවෙන් සිදුව ඇති බවද ඔවුන් නිකුත් කළ වාර්තාවේ සඳහන්.
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර මිලදීගත හැකි බවයි. දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිතයි. එක්දින තරගාවලියේ සියලු තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි. එම ක්‍රීඩාංගනයේදී එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර තුනකට පසුව වීම විශේෂත්වයක්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222